Real Machan In a relationship
Labels:
සඳැස්
පොත්ත ලාවට සුදු නිසා ආඩම්බරයි මාතර නගා
යාන වාහන නැති නිසා මට කපුවො පෙන්නුව නෙක රඟා
නුවර මැණිකෙගෙ නළලෙ පතිවත නොගොස් පසුපස දණ ගගා
සුද්දියක් කර කාර බැන්දා නොගෙන බොරු දෑවැදි පගා..
බස් එකේ පොදු දුම්රියේ වව්ලන්ගෙ කරදර සිදු නොවේ
දුටුව විට ඈ කයිකතන්දර අමතකව ගෑනුත් නැවේ
මෙහේ එකියක් ගත්තනම් නොසොයන්නෙ පමණයි පෙර භවේ
රස අඳින්නට කවියෙ උපමා කොහෙද විඳිනා පෙම් සුවේ..
නොමැත කෙහෙවලු පටලවන් නැන්දම්ම එක්කල කට ගසා
ඈට සිංහල නොතේරේ අම්මාද කඩුවට බය නිසා
වටේ ගෑනුන් ඕප දූපයෙ නොයේ ගෙන කටවල් මසා
මගේ සුදු හාමිනේ ඇත මා එන තුරා දොරවල් වසා..
ඇඳුම කැඩුමට නොමැත ආශා සරලවයි ගමනක් ගියේ
බිකිනියයි පොඩි තන පටයි සඟවලා කුමටද සාරියේ..?
පණ ගියේ නැත කඩ පුරා ගොස් අලුත් අව් රුදු කාලයේ
රෑට කාලය නොකා බත් කයි ඈ "අභීතා දියණියේ"..
Real Machan In a relationship
2013-05-13T23:27:00-07:00
මචං
සඳැස්|