ඈ මහේස්ත්‍රාත්වරිය නම් විය...
Labels:
සඳැස්
සා පිපාසිත ඇතෙකි මා දියමංකඩක යදමින් බැඳී
රෝස මලකට ළං වුණා යැයි මල පිපෙන්නට ඉඩ නොදී
වාන් දමනට ළංව සමුදුරු සොරොව් දොර ළඟ පෙළ සැදී
තාම සඳ නැත පේන මානෙක නුබ වසා මහ උළු නිදී....
කතර සරසන එකම පැන් පොද නීතියේ ලෝගුව දමා
හෙටත් එන්නට වරම් දෙනු එහි නැතත් වරදට මට කමා
මරණ දඬුවම වුවත් කම් නැත සියුමැලියි ඒ හඬ තෙමා
ගලා යයි සීතලට හදවත වැලඳ ගමි මම හිස නමා...
හෙටත් කළුවර ගලා යයි සිර මැදිරි අතරින් අත වනා
සඳත් ඇඳ ගමි සිහින අහසේ වළා අතරින් පායනා
නැතත් දිය පිරි විලට පා යුග තබන්නට විරි ළංවෙනා
නුඹත් වැස්සකි අහස නොහැළූ මගේ දා බිඳු සේදෙනා....
වෙනද නොදැනෙන යකඩ කූරුත් අතට අද මොලකැටි වගේ
එකවරක් විදුලිය කොටා නෙත් සිහි කළා ආයෙත් ඇගේ
කාලෙකින් දූවිලි මකා සිත පුරවලා හැඟුමින් මගේ
රූරලා වැහි බිඳු ගලා යයි නොනැවතී මහ උළු දිගේ..
ඈ මහේස්ත්‍රාත්වරිය නම් විය...
2013-08-23T18:47:00-07:00
මචං
සඳැස්|