සූස්තිය
රෝල් කරපු ජීවිතේ හෙමි හෙමින් අදින්නට ...

මේ හරි පාරද..??

Labels:


නිවැරදි ලෙස ධර්මය ගති නම් කෙනෙකුන් සිතට
ඔහු බුදුහිමියන් දකීවි ඉන් නිවැරදි ලෙසට
නිර්මල බුදු බණ දර්ශනයකි වැඩි ආගමට
ඔළු ගෙඩි විතරක් වදලා කුමටද බොදු නමට..?

බේරුවල ඉඳන් හිටගෙන කළුතර බෝධියට
සීට් එකක් නැති සීයා නොපෙනුණෙ නිදි මතට
හිමියන් බෝ මැඩ හැර පිට දී නම් පොල් රුකට
උන් සේරම කොළඹ ඉඳන් හිටගෙන මාතරට..!

බුදු හිමියන් කරුණාවයි මේ හැම තුන් ලොවට
ඒ වගේද දෙවියන් ලනු හොඳ නෑ කෝපයට
බෙලිගෙඩි අඹ පත්තක්කා මොනරා ඒ උඩට
ඉතුරු උණොත් වැඳ ගෙන යමු මල් අපි දා ගැබට...!

ගමේ පංසලක් ඇති බව වත් නොදන්න උන්ට
රහත් වෙන්න කෙටි ක්‍රමයකි දිව යයි දඹදිවට
විහාරයේ හාමුදුරුවො වැඩියා මරණයට
ටී වි එකේ බණ කියනා හිමියන් දානයට...!

දන්න දවසෙ ඉඳන් ටිකට් පංසලෙ පිං කමට
ඇතුළට යන විටම කඩයි මැරුණ උන්ගෙ නමට..
සෝපාකල රහත් උණේ ඒ කාලෙම පිනට
විසි තිස් දාහයි හිමියනි දැන්නම් බණ පැයට.....!

Followers

Powered by Blogger.