සූස්තිය
රෝල් කරපු ජීවිතේ හෙමි හෙමින් අදින්නට ...

මල්ලිගේ (මළ දරු) උපත

6:49 PM

නුරා රස අනවසරයෙන් දුන් දෙදරු දරු ගැබ ඔසවලා
සුරා මත අම්මටත් බර ඇති පියා දුර පිට මං වෙලා
උරා සුසුමන් නුඹෙන් ලං වෙන ජීවිතේ මිට මොළවලා
හොරා ලෝකෙට මගේ අභිමුව ඌ දුරක් පියමං කළා..

බලා මෝරන කුසේ හැඩ වැඩ නොදැක අසරණ ජීවිතේ
හිනා වෙන හඬ ඌට ඇහුණලු සෙයිලමේ උන් මාවතේ
හඬා වැ‍ටුණම වත්තෙ හාමුගෙ නාමෙ ඉල්ලා දහ අතේ
ලියා දුන්නලු අපේ අවජාතකේ කඳුලැලි ඈ නෙතේ

බඩට අන්නසි ගැට නොදුන්නේ දරා නෙක නින්දා හිසේ
‍රැයට නොදු‍ටුව පතිනි අම්මල ඇයට හිනැහෙනවා ඇසේ
කහට උගුරට නොවන අවනත හඬන හඬවල් හිස් කුසේ
උඹට මට බඩගිනි දැනෙද්දී කිරට හරවන්නේ කෙසේ..?

මෙවැනි ලෝකෙක හමුනොවන්නට පතා මා අත අල්ලලා
මැකී යන ලෙස මහමෙරක් බර අගේ කුසයෙන් හෙල්ලිලා
කෑ ගහද්දී ඌ වගේ තව දහක් ජීවිත ඉල්ලලා
පෙකනි වැල ගෙන ගෙලේ ඔතලා මල්ලි මැරුණා එල්ලිලා
Read On Comments

ඈ මහේස්ත්‍රාත්වරිය නම් විය...

6:47 PM

සා පිපාසිත ඇතෙකි මා දියමංකඩක යදමින් බැඳී
රෝස මලකට ළං වුණා යැයි මල පිපෙන්නට ඉඩ නොදී
වාන් දමනට ළංව සමුදුරු සොරොව් දොර ළඟ පෙළ සැදී
තාම සඳ නැත පේන මානෙක නුබ වසා මහ උළු නිදී....

කතර සරසන එකම පැන් පොද නීතියේ ලෝගුව දමා
හෙටත් එන්නට වරම් දෙනු එහි නැතත් වරදට මට කමා
මරණ දඬුවම වුවත් කම් නැත සියුමැලියි ඒ හඬ තෙමා
ගලා යයි සීතලට හදවත වැලඳ ගමි මම හිස නමා...

හෙටත් කළුවර ගලා යයි සිර මැදිරි අතරින් අත වනා
සඳත් ඇඳ ගමි සිහින අහසේ වළා අතරින් පායනා
නැතත් දිය පිරි විලට පා යුග තබන්නට විරි ළංවෙනා
නුඹත් වැස්සකි අහස නොහැළූ මගේ දා බිඳු සේදෙනා....

වෙනද නොදැනෙන යකඩ කූරුත් අතට අද මොලකැටි වගේ
එකවරක් විදුලිය කොටා නෙත් සිහි කළා ආයෙත් ඇගේ
කාලෙකින් දූවිලි මකා සිත පුරවලා හැඟුමින් මගේ
රූරලා වැහි බිඳු ගලා යයි නොනැවතී මහ උළු දිගේ..
Read On Comments
6:46 PM
වීරයා මැරිලා..???

ඇතැන්ස් නගරය
කම්මැලි අස්සයෙක්.
ඌට පණ එන්න
ඇඟට විද්ද ඇටමැස්සා
නුඹයි...

ලෝකය ගෝලයක්
තැටියක්
නෙමේ කියල දැන දැනම
උඹට හෙම්ලොක්
දුන්නෙ
අපියි...

රදළයන් එහෙයියන්
ඔප්පු උණාම
උන් මෝඩයන් කියල
වැඩි වුණේ
හතුරොම
විතරයි...

ක්‍රීටෝ, වස බිව්වෙ
නැති වුණාට මමත්
ඇක්ලෙපියස්ට කුකුළෙක්නම්
ණයයි.....

සොක්‍රටීස්..
ඇරිස්ටොටල් කෙනෙක් හදන්න
ප්ලේටෝ කෙනෙක් නොලැබුනාට
"මමත් කියන්න ගියේ
ඔය ටිකම
තමයි...."
Read On Comments

ප්‍රතිකර්මය...

6:43 PM

හීතලට හුළඟ ගස් වල හැපී ගෙන යද්දි හිතට දැනුණෙ පුදුමාකාර ශාන්ත රසයක්. චලන ගෙ අම්මත් නොයිවසිල්ලෙන් ගල්ලෙන දිහා බලා ගෙන හිටියෙ පුදුමාකාර දරු සෙනෙහසක් හදවතේ තුරුල් කරගෙන. කුරුණෑගල ටව්මෙ ඉඳගෙන තව කිලෝමීටර ගාණක් බස් එකේ ඇවිත් ගල් පඩි පෙළවල් සිය ගාණක් නැගගෙන මේ තරම් කැලේ ඇතුළට ආවත් මහන්සියක් නොදැනුණේ ඊටත් වඩා මට මගේ ආදරේ වටින නිසා.

නිර්මාණි ඔයා වෙනදටත් වඩා අද ගොඩාක් ලස්සනයි. මීදුම මැද්දෙන් ‍රැළි නගින නුවර වැවයි ඔයයි මට වෙන් කරල අඳුර ගන්නත් අමාරු තරමට.
චලන වැවට ගල් කැටයක් විසි කරන ගමන් එහෙම කිව්වම මගේ හිතට ආපු සතුට නිසාද මංද දුවන්න දඟලන කොණ්ඩ කැ‍රැල්ල අල්ලල ආපහු කන් පෙත්ත අස්සෙ ගහල තිව්ව.

ඒ ත් බුදු හාමුදුරුවො හිටියනම් මටත් පාත්තරේ අතට දීල එක්කන් යන ගමන් පෙන්නල දේවි ඔයත් හරියට අර නව දැලි හේනෙ වැඳිරි වගේ කියල. චලන එහෙම කියන ගමන් මාළිගාව දිහා බලා ගෙන යාන්තමට හිනා වුණා.
යනව යන්න මෝඩය.. එහම කියපු මම තරහෙන් අහක බලාගෙන අනික් පැත්ත හැරුණ..
කෝ .. තරහ වුණාද.. මූණ චුට්ටක් පෙන්නන්නකෝ.. ෂා..! දැන්නම් මාර ලස්සනයි

එහෙම කියපු චලන මගේ නිකටෙන් අල්ලල බිම බලාගෙන ඉන්න මූණ උස්සන්න හැදුව..

එන්නෙපා මාව අල්ලන්න.මම තරහයි.

මගේ ඔළුව කව්දෝ ආදරෙන් අතගානව දැනුණ
දුවේ මොකද කල්පනා කරන්නෙ..? පුතා ලියල එවල තිබුණනෙ මේ අරන්්‍යෙ හාමුදුරුවො එයාව සනීප කරනව කියල. බය නොවී ඉන්න රත්තරනෙ. ඉංගිරිසි දොස්තර මහත්තුරුත් කියනවලු භාවනාවෙන් මේ ලෙඩේ සුවපත් කරන්න පුළුවං කියල.

ඒ වුණාට අම්මෙ පෝය දෙකක් යද්දි හොඳ වුණේ නැත්තන් බලාපොරොත්තු තියා ගන්න එපා කිව්වනෙ, මේ දෙවනි පෝය..
මම චලනලගෙ අම්මට වත්තම් වෙලා හිතේ හිරකරන් ඉඳපු කඳුළු එකින් එක බිමට දැම්ම.

ඇයි ළමයො මේ අඬන්නේ..?මහවැලි ගඟේ සීතල ‍රැළි කකුල් තෙමද්දි දවසකුත් මම මේ වගේම ඇඬුව,
ඔයාට තිබුණෙ මහන වෙන්න ඇයි මට බලාපොරොත්තු දුන්නෙ චලන..? එක දවසකට ඔයා මම නව දැලි හේනෙ වැඳිරි වගේලු. අද කියනව මමත් යශෝදරා රාහුල කුමාරය හැදුව වගේ ඔයාගෙ ජීවිතේට බන්ධනයක්ලු.

මේ ජීවිතේ මහ බොරුවක් නිර්මාණි. ඔයත් වයසට යනව මාත් වයසට යනව, කවද හරි අපි වෙන් වෙනව,මේ ලස්සන හැමදාම තියෙන්නෙ නෑ..

ඔයා ආදරේ මගේ ලස්සනට විතරමද චලන..?

ආදරේ කියන්නෙ බොරුවක් නිර්මාණි. කායික අවශ්්‍යතා පිරිමහ ගන්න හිතරවට්ටගන්න කියන ලස්සන වචනයක් ආදරේ කියන්නෙ. මෙලෝ සංසාරෙ දෙයක් කෙල්ල ගැන නොදෙන කොල්ලො පාරෙ දැකපු කෙල්ලෙකුට ආදරේ කරන්න පටන් ගන්නෙ මොකක් දැකලද..?
ගෙදරට එන ප්‍රොපෝසල් වලට කෙල්ලො කැමති වෙන්නෙ කොල්ලගෙ මොනව දැන ගෙනද..?

ඔයාට මොනව වෙලාද චලන..? ළඟදි ඉඳන් හරී වෙනස්, මම ඔව දන්නෙ නැ . මම දන්නෙ මට ඔය නැතුව එක තප්පරයක්වත් ඉන්න බෑ කියල විතරයි, ඒක ආදරේද වෙන මොකද්ද කියන්න මම දන්නෙ නෑ චලන.

කොලුව මේ ලියුම් කඩදහිය කලින් එවල තිබුනනම් කොළඹ ලොකු ඉස්පිරිතාලෙක ලොකු දොස්තර මහත්තෑන් කෙනෙක්ට පෙන්නල මොකක් හරි කරගන්න තිබ්බ.
චලනගෙ අම්ම හූල්ලන ගමන් එහෙම කිව්ව. ගල්ලෙන ඇතුළ පුදුම නිශ්ශබ්දයි. ලොකු හාමුදුරුවො පැයකට කලින් ඇවිත් පැන් භාජනයක් අරන් ඇතුළට වැඩිය. ඒ ත් හරියට යමක් කිව්වෙ නෑ නොවැ. තව කොච්චරනම් වෙලා මෙහෙම හිටගෙන ඉන්න වෙයිද. ඒත් කමක් නෑ එයාට සනීප වෙනවනම්

ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් තියනවද චලන..? මාස දෙකකට කලින් අන්තිමට මුණ ගැහෙද්දි මම මුලින්ම අහපු ප්‍රශ්නෙ ඒ ක.
ඔව් නිර්මාණි. මට දවසක මේ ලෝකෙන් ඔයාට කලින් යන්න වෙයි. එදාට ඔයාට දැනෙන දුක නොදැනෙනවනෙ මම ඔයාගෙ ජීවිතෙට නෑවිත් හිටියනම්..

අනේ පිස්සු කොල්ල. එහෙම වෙන්නෙ අපි වයසට ගියාමනෙ..
"සැරයටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමූ
සංසාරෙන් අපි සමුගන්නාදා ඒ ගමනත් අපි එකට යමූ..." මම චලනගෙ කනට කිට්‍ටු වෙලා තාලෙට එහෙම කිව්ව,

මේක විහිළුවක් නෙමේ නිර්මාණි.. බුදු හාමුදුරුවො කිව්ව වගේ මාරයා පරාජය නොකරන තාක් කල් එයා හැම වෙලේම අපේ පස්සෙ ඉන්නව.මට සිද්ධ වෙලා තියනව ඌ එක්ක සටන් කරන්න..

අනේ චලන. ළඟදි ඉඳන් අර ලයිබ්‍රි එකේ රින්ගගෙන බුද්ධාගමට සම්බන්ධ පොත් කියවල කියවල ඔයාගෙ මොළේ විකාර වෙලාද කොහෙද. මොනාද බබා ඔයාට වෙලා තියෙන්නෙ..?

අනේ එදා මට තේරුණානම් එයා ඒ කිව්වෙ මේ පිළිකාව ගැන කියල. මම එයා එක්ක කොච්චර රණ්ඩු කළාද. තරහ වුණාද ඕව කියද්දි. එයාට මැරෙන්න තිබ්බ එකම දුක මම අඬන එක, එයා ඒ තරම් මට ආදරේ කළා. ඉස්පිරිතාල ගානෙ ගිහින් තනියම ලෙඩේ එක්ක සටන් කළා. අවසානේ බැරිම තැන ආගමේ පිහිට හොයාගෙන පොත් පෙරළ පෙරළ ජීවිතේ එක්ක සටන් කළා. ඒ ගමන් මටත් ආදරේ කළා. මට කියා දෙන්න උත්සාහ කළා මේ ජීවිතේ මිරිඟුවක් කියල. අනේ චලන ඔයා කියපු කරපු හැම දේම මට දැන් තේරෙනව. ඔයා මාව දාල ගියා කියල මාස දෙකක් මම ඔයාට වෛර කළා. ඇත්ත ඒ කියන්නෙ ආදරේ බොරුවක්. ඔයා හරි. ඒ ත් ඔයාගෙ ආදරේ බොරුවක් නෙමේ. ඔයා මාස දකක් මේ කැලේට වෙලා කළේ මම වෙනුවෙන් ජීවිතේ ජීවත් කරවන්න අන්තිම හුස්ම පොද වෙනකන් සටන් කරන එක.

ගල්ලෙන ඇතුළෙන් අමුතු මල් සුවඳක් හමාගෙන ආව. පරිසරයම කියාගන්න බැරි ලස්සනකින් පිරීල ගියා. චලන කෙටි කාලීන පැවැද්ද අද අහවර කරන දවස. දැං සිව් රු පවාරණය කරනව ඇති. ලොකු හාමුදුරුවො චලන සනීප කරල ඇති. අපි ආපහු ඉස්සර වගේ ආදරේ කරාවි. විහාරෙ ගලකින් වතුර බිංදුව බිංදුව වැටිල ගල් පැන් බඳුනක් පිරිල උතුරන්න ඔන්න මෙන්න, මගේ හිතත් ඒ වගේ අලුත් බලා පොරොත්තු වලින් පිරිල ගියා.

නිර්මාණි ඔයාට පුළුවන්ද මම ඔයාව දාල ගියොත් වෙන කෙනෙක් එක්ක මේ වගේම ආදරෙන් ජීවිතේ බෙදා ගන්න..?

එදා මගේ කම්මුල් දිගේ පැය ගාණක් නොනැවතී කඳුළු ගලා ගෙන ගියා.

චලන ඔයාට මාව හොඳ නැත්තන් මාව දාල යන්න. පුංචි මී මැස්සන්ට දළෙන් අනින්න පුළුවන් එකම එක පාරයි චලන. මටත් මේ සංසාරෙ දෙන්නෙකුට ආදරේ කරන්න බෑ.

එදා කාලෙකට පස්සෙ චලන මාවත් තුරුල් කරගෙන එයත් ඇඬුව. දෙයියනේ එයාගෙ හිතේ කොච්චර දුකක් තියෙන්න ඇත්ද මම කියපු වචන වලට. එයාට ඕන වුණේ එයා නැතුව මට ජීවත් වෙන්න පුරුදු කරන්න.

"කෙල්ලෙ අන්න ලොකු හාමුදුරුවො එළියට එනව."

ජීවිතේ තීරණාත්මකම වචනෙත් අරගෙන ලොකු හාමුදුරුවො ශාන්ත විදියට සක්මන් කරමින් අපේ පැත්තට වැඩිය. චලනලගෙ අම්ම සාරි පොටින් නළල පිහින ගමන් හාමුදුරුවො වඩින පැත්තට දිව්ව. මාත් ඒ පස්සෙ දුවගෙන ගියා.

අනේ හාමුදුරුවනෙ මගේ පුතාට කොහොමද..?

ලොකු හාමුදුරුවන්ගෙ මූණ අඳුරු වළාවන් පිරුණු අහසක් වගේ. අනේ මගේ චලන..

මේ මිනිස් ජීවිතේ කියන්නෙ උපාසක අම්මෙ අපිට ලැබිල තියන අවස්ථාවක්. අපිට දුක නැති කරගන්න ඇදිල තියන සුවිප් ටිකට් එකක් වගේ. කෙනෙක් මේ සංසාරෙ නැවත ඉපදීම නැති කරගන්නව කියන්නෙ එයා දුක නැති කරා කියන එක. ඉතින් කෘථක්ජන අපි මේ සංසාර දුකේ ගිලි ගිලී උඩ මතුවෙනව. ප්‍රියේහි විප්පයොගෝ දුක්ඛෝ....!! කියල බුදු හාමුදුරුවො දේශනා කළෙත් අද ඔබ තුමියලාට..

එනේ මගේ පුතා.. චලනලාගෙ අම්ම එහෙම කියද්දි මගෙ උගුරෙ මොකද්දෝ හිර වුණා වගේ දැනුණ. මට කෑගහල අඬන්න ඕන වුණා..

අනේ අපේ හාමුදුරුවනේ මගේ පොඩි හාමුදුරුවො අපවත් වුණාද..?
චලනලාගෙ අම්ම අවසානයේ හිතේ තිබුණ අන්තිම ශක්තියත් එකතු කරගෙන වචන ටික හරියට ගැට ගැහුව.

ලොකු හාමුදුරුවො හිස් අහස දිහා බලාගෙන මොකද්දෝ එළියකින් මූණ පුරව ගෙන ඉතාම සන්සුන් විදියට හිස දෙපසට වැනුව

නෑ උපාසක අම්මෙ. .!!

මේ මොනවද වෙන්නෙ. චලනලගෙ අම්මත් මාත් කල්ප ගාණකට පස්සෙ වැහි වැටෙන කාන්තාරයක් මැද දළු දාන පුංචි පැළැටි දෙකක් වගේ ආපහු ඔළුව උස්සල ලොකු හාමුදුරුවො දිහා බැලුව.

" පොඩි හාමුදුරුවො අපවත් වුණේ නෑ උපාසක අම්මෙ, අපේ පොඩි හාමුදුරුවො පිරිනිවන් පෑව..! " ප්‍රතිකර්මය...

" පොඩි හාමුදුරුවො අපවත් වුණේ නෑ උපාසක අම්මෙ, අපේ පොඩි හාමුදුරුවො පිරිනිවන් පෑව..! "
Read On Comments

පිය සිතුවම්...

6:41 PM

උදෑසන අරුනාලෝකය අරගෙන තමාලි ටීචර් වැටකෙයිය මලක් වගේ මැටි ගහපු කොට බිත්තියෙන් පංතිය ඇතුලට ආව. පොත් ටිකත් පපුවට තුරුල් කරගෙන ටීචර් හැමවෙලේම යනව දකිද්දි මටත් මේ වගේ අක්ක කෙනෙක් හිටියනම් කොච්චර හොඳද කියල හිතුනු වාර අනන්තයි..මොකද මට ජීවිතේ වැඩිපුරම කරුණාව දැනිල තියෙන්නෙ තමාලි මිස්ගෙන් නිසා.

ආයුබෝවන් ළමායි..කෝ උදේම ගන්න බලන්න ඊයෙ මම දුන්නු වැඩේ.මුදල් නෝට්‍ටුවකට සුදුසු මෝස්තරයක්.. කෝ ගන්න..

සර බර ගගා හතර වටේම චිත්‍ර පොත් පෙල්ලන අස්සේ මට ඇහුනෙ ඊයෙ රෑ තාත්ත කඩුල්ලෙ පනින සද්දෙ.

හෙට මම නිවසට සුර සැප දෙනවා
අද රෑ ලුණු මිරිශෙන් ගත වෙනවා
කාසි මල්ල... කෝ මේ සඳුන් ..ඒ යි පොඩි එකා මෙහෙ වරෙන් මෙන්න රුපියල් පන්සීයක් මට දියසායම් ගේන්න වැලාවක් තිබුනෙ නෑ උඹ හෙට උදේම යන ගමන් ගනින්..

අනේ තාත්තෙ මේ රුපියල් සීයක්නෙ..?

රුපියල් සීයක්..? මම හිතුවෙ පන්ශීයක් ඉතුරු උණා කියල.. හරි ඕකෙන් ඕන මගුලක් කර ගනින්.. යකෝ උඹලයි මිසීගෙන් අහපන් සීගිරියෙ අප්සරාවියො අවෘදු සිය දාස් ගානක් අගේට ඉන්නෙ ඇන්දෙ ඔය කෙහෙල්මල් වොටර් කලස් තිබිලද කියල. මම ඇහුව කියපන්..

මම රුපියල් සීය ගුලි කරගෙන කඳුලු පිරුනු ඇස් වහගෙන පිල උඩින් වාඩි උණා...

මොකද සඳුන් කඳුලු පුරෝගෙන..?නැගිටින්න පුතා.. කෝ මොකද්ද ඔය ගුලි කරගෙන ඉන්නෙ..කෝ දෙන්න මෙහාට.. ඒ තමාලි මිස්ගෙ හඬ

මම අතේ ගුලි වෙලා තිබ්බ රුපියල් සීය මිස්ගෙ අතට දුන්න..

ඇයි පුතා මේ නෝට්‍ටුවෙ එක එක ඒව ඇන්දෙ..?පුතාට පාට පෙට්ටියක් පොතක් තිබ්බෙ නැද්ද..?

මම ඔලුව වැනුව.. මිස් ආදරෙන් ඔලුව අතගාල

මේ මොකද්ද පුතා ඇඳල තියෙන්නෙ..?

ඔය අපේ තාත්ත මිස්.. මටත් ආසයි අපේ තාත්තත් කවද හරි හොඳ මිනිහෙක් වෙලා මේ සල්ලි කොල වගේම වටින කෙනෙක් වෙනව දකින්න..
මිස් හැරෙද්දි සාරි පොටෙන් මූන වහගත්තෙ මට පේන්න හිනා වෙන්න බැරි නිසාද අඬන්න බැරි නිසාද කියල හිතා ගන්න මම තාම පොඩි වැඩියි...

අම්ම මිදුලෙ පඩංගුව උඩින් වී ටික දාල අත ගගා ඉන්නව.. මම රුපියල් සීය දිහා බලාගෙන පිල උඩ වාඩි වෙලා හිටියා..තාත්ත කොහේදෝ යන්න ලේස්ති වෙනව
කෝ උඹ ඕකෙන් මුකුත් ගත්තෙ නැද්ද.. මෙහෙ දීපන් එහෙනම් පොඩි උන්ට සල්ලි දුන්නම නරක් වෙනව..

තාත්ත එහෙම කියලා රුපියල් සීයත් උදුරන් ශර්ට් එකත් ඇඳ ඇඳ පාර පැත්තට ගියා..

අනේ මෙහෙමත් බේබෙද්දෙක්.. මට මේ පොඩි එකා දැක්කම.. අම්මට වාක්්‍ය කියවල ඉවර කරන්න උනේ නැත්තෙ හාමුදුරුවොයි ඉස්කෝලෙ මහත්තයයි තව කීප දෙනෙකුයි කඩුල්ල පැන්න නිසා. තාත්ත එකත් පසට වෙලා හාමුදුරුවන්ට වැඳල ඊ ට වඩා වේ ගෙන් ගියා..

උපාසක නෝන අපි මේ ආවෙ වැදගත් කාරනාවකට..
අම්ම රෙද්ද පිලිවෙලක් කරමින් ඇඟේ කා‍ටුව පිහිද පිහිද නැගිටිද්දි මම අම්මගෙ අත අස්සෙන් රින්ගල එබුන..

අපි විහාරගෙයි වැඩයි චෛත්තියෙ වැඩයි එන පෝයට කලින් ඉවර කරල විවෘත කරන්න කියල හැකි ආදරයක් පන්සලට ගෙනත් දෙන්න. මේ ඇත්තන්ටත් අමාරු ඇතිනෙ. පුලුවන් විදියට කරන්න..

හාමුදුරුවනෙ මට පුලුවන් ලොකු ආධාරයක් කරන්න.. මම ආසාවෙන් එහෙම කියද්දි අම්ම පුදුමයෙනුත් හාමුදුරුවො ආදරයෙනුත් ආපු පිරිස උපහාසයෙනුත් මගේ දිහා බැලුව

ඒක අගෙයි අපේ පුංචි උපාසක ඇත්තන්ට කීයක් විතර ආධාර කරන්න පුලුවන්ද..? හාමුදුරුවො බැරෑරුම් විදියට ඇහුව..

මට පුලුවන් රුපියල් සීයක්ම දෙන්න..

හම්මෝ ඒ වගේ ලොකු ගානක් ලැබුනොත් අපිට චෛත්තියේ වැඩේ ලේසියෙන්ම ඉවර කරගන්න පුලුවන් නොවැ.. එහෙම කියපු හාමුදුරුවො මගේ හිස අතගාල පිරිස එක්ක අම්මටත් මොනවාදෝ කු‍ටු කු‍ටු ගාල යනව දැක්ක.. මම වේගෙන් තාත්ත ගියපු පැත්තට දිව්ව..

මම ආපහු හති දාගෙන දුවගෙන එද්දි අම්ම කුස්සියේ අල වගයක් තම්බනව.. අම්මෙ මට තාත්ත අල්ලගන්න බැරි උනා..

ඒ මනුස්සය කොහේ හරි ගුබ්බෑයමකට යන්න ඇති.. අපිටත් කන්න බොන්න නැති එකේ කොහොම ඔව කරන්නද අපි මග ඇරල ඉමු පුතේ.. එහෙම කියපු අම්ම අල ගුලියක ලුනු මිරිස් දාල මගේ ඇතට දුන්න..

දවස් කීපයක් ගෙවිල ගියත් රුපියල් විස්සකට වඩා ඉතුරු වුනෙත් නෑ.. මම රෑ පුරා එලියට වෙලා කල්පනා කළා

කොල්ලො උඹ මොනවද ඔය හැටි කල්පනා කරන්නෙ.. ගෙට වරෙන් .. ඒ අම්මගෙ හඬ

නෑ අම්මෙ මගේ රුපියල් සීය ලැබුනොත් චෛත්තිය ඉවරකරගන්න පුලුවන් කියලනෙ හාමුදුරුවො කිව්වෙ එදා.. ඒක දීගන්න බැරි වුනොත් ලොකු අපරාධයක්.

අම්ම හිනා වෙවි කුස්සිය පැත්තට ගියා ඈතින් ලස්සනට හඳ පායගෙන එනව. පෝයත් ලඟයි.. හරියට මට අවෘද්දට මාම ගෙනාපු රබාන වගේ.. මම තීරනේකට ආව..

පන්සලේ පල්ලියේ දහඩියෙන් අප තැනූ පිලිම දාගැබ් පෙනේ
ලෝකයක් දන නැමූ ඒ අපේ ශක්තියයි..
එකම සින්දුව බස් තුනකට වඩා කියන්න උනේ නෑ සෙනග පිරුනු දවසක් නිසා රබාන උඩට රුපියල් සීයකට වඩා එකතු වුනා..

මම ආසාවෙන් සල්ලි ටික ශොපින් එකක දාගෙන ටව්මෙන් ගම පැත්තට ආව.. කවෘ හරි දැක්කොත් අද ඉස්කෝලෙ නොගිය එක ගෙදරට කියාවි යන බයද හිතේ පෙරලි කරනව. ඒ අස්සෙන් මට අශ්වයෙක් ඇඳපු පුංචි කඩ කාමරයක් පෙනුන.. දවසක් මාත් එක්ක ටව්මට ආපු වෙලාවක තාත්ත මේක ඇතුලට ගියේ " මේ තමයි පුතේ බැංකුව, හිටපන් මම කීයක් හරි දාල එන්නම් කියල"

මට මේ පොඩි සල්ලි ගෙදර අරන් යන්න බෑ.. කොහොම හරි බැංකුවට දීල නෝට්‍ටුවක් ගන්න ඕන..

මම ඇතුලට යද්දි ඇතුලෙ හිටපු අය පුදුමෙන් මගේ දිහා බැලුව, හතර වටේම ටී වී වල චිත්‍රපටි දාල අශ්වයො දුවන ඒ ව.. මම ටිකක් වෙලා ආසාවෙන් ඒ දිහා බලන් ඉඳල මැනේජර් මහත්තය ගාවට ගියා.

මොකද කොල්ලො ඔට්‍ටුවක් දාන්නද..?
නෑ මහත්තය මට මේ සේරම අරන් රුපියල් සීයෙ නොට්‍ටුවක් දෙන්න..

මගේ දිහා පුදුමෙන් බලපු මහත්තය සල්ලි ගොඩ දිහාද හොරෙන් බලමින් මෙතන රුපියල් සීයක් නෑ කමක් නෑ මේක අරන් පලයන් ...

මහත්තය රුපියල් සීයෙ නෝට්‍ටුවක් මේසෙ උඩ තිව්ව..මේසෙ උඩ මම හීන දැකපු මගේ තාත්ත හිනාවෙවී හිටිය.ඔව් මේ මගේ තාත්ත.. මම ආසාවෙන් ඇඳපු තාත්ත, මගේ හිත සතුටින් පිරිල ගියා. මම තාත්තව පන්සලට ගෙනියනව.. එහෙම කියපු මම රුපියල් සීය අරගෙන ගෙදර දිව්ව.. මම ඇඳපු රූපෙ එදාටත් වඩා ලස්සනට මගේ දිහා බලන් හිටිය..
උඹ කොහේද ඉස්කෝලෙ නොයා ගියේ..? කෝ බිත්තියෙ එල්ලල තිබුන රබාන..? මට සේරම ආරන්චියි... හිටපන් ‍තෝ අද මම.. තාත්ත එහෙම කියල කොස්ස දෙකට කැඩුව..
අම්ම දුවල ඇවිත් මම බේර ගනිද්දි මෙගේ ඇඟ හිරි වැටිල අඬන්නවත් පන නෑ..

අම්මෙ හෙට පෝය.. මම රුපියල් සීයක් හොයා ගන්න ගියේ.. එහෙම කියපු මම කඳුලු වලට පෙඟිල තිබුන රුපියල් සීය අම්මට දික් කළා..

මම බැංකුවට ගිහින් තාත්තව හොයාගෙන ආව තාත්තෙ..

තාත්ත පුදුමෙන් නෝට්‍ටුව දිහා බලන් ඉඳල කමිසයක් අඟට දාගෙන ආපහු රුපියල් සීය උදුරන් කඩුල්ල පැනල වේගෙන් යනව මම යාන්තමට දැක්ක..

අනේ හැබැටම හෙන ගහනව මනුස්සයෝ තමුසෙගෙ මේ තිරිසන් වැඩ වලට ආපහු පූජ කරපන් ඕක රේස් බුකියට. තුහ් විතරක් මෙහෙමත් අසමජ්ජාති තාත්තෙක්.. උඹ නාඩ හිටපන් මගෙ පුතේ..

පහුවද උදේ වෙනකන්ම තාත්ත අපහු ආවෙ නෑ..අද පන්සලේ චෛත්තිය විවෘත කරන දවස.. මමත් අම්මත් එක්කම පන්සලට උදෙන්ම ගියා.. සුදෝ සුදු ඇඳගත්තු විශාල සෙනගක් අස්සෙ මමයි අම්මයි ලස්සන චෛත්ය රාජයා දිහා බලාගෙන ඊටත් වඩා ලොකු දුකක් හිතේ තියාගෙන හිටිය..

උත්සවේ පටන් අරගෙන ලොකු හාමුදුරුවන්ගෙ බන ලව්ඩ්ස්පීකරෙන් ගමටම ඇහුන

අද අපි සහභාගී වෙලා ඉන්නෙ හැමෝගෙම දායකත්වයෙන් ගොඩ නැගුනා වූ නව චෛත්ය රාජයානන් වහන්සේ හා විහාරගෙයි බැතිමතුන්ගේ වන්ධනාමානයට පූජා කිරීමේ අවස්ථාවට.. ඇත්තටම මේ සඳහා ධායකත්වය දැක්වූ සතර පේරුවේ ධායක ඇත්තන් සිහිපත් නොකරම බෑ..

මම අම්මගෙ අත තව තදින් අල්ල ගද්දි ඇස් දෙකට දන්නෙම නැතුව කඳුලු ඉනුව..

අපිට හැම ආධාරයක්ම වටිනව වුනත් රුපියල් විසිපන්දාහට වඩි ආදාර ටික පමනක් මේ අව්ස්ථාවේ කියල ඉතුරු ටික දැන්වීම් පුවරුවේ සඳහන් කරන්න තීරනය කලා..

ඉස්කෝලෙ මහත්තයා හැමදාම ආධාර කරනව වගේ රුපියල් තිස්දාහක් පරිත්්‍යාග කලා
චාර්ලිස් නෝනා නැසීගිය දොන් හෙන්ඩ්‍රික් මැති තුමාට පින් පිනිස රුපියල් හතලිස් දාහයි..
නිර්මාල් දොස්තර මහත්තයා රුපියල් පනස්පන්දාහයි..

අනේ මටත් කීයක් හරි දෙන්න තිබුනනම්.. රුපියල් සීය දුන්නත් නමනම් නොකියවෙන බව ඇත්ත, ඒත් කවද හරි මමත් ලොකු උණාම චෛත්තිය දකිද්දි ගඩොල් කැටයක් හරි මම දුන්න කියල සතු‍ටු වෙන්න තිබුන.. අම්මට වඩාත් තුරුල් වෙලා ඉඳපු නිසාද මන්ඩ අම්මට මගේ හදවත ඇහිලද කොහේදෝ ආදරෙන් ඔලුව අතගෑව

ලොකුභන්ඩාර වලව්වෙ හාමු මහත්තය රුපියෛ හැත්තෑ පන් දාහයි.. හාමු මහත්තය ගල් පිලිමයක් වගෙ උජාරුවෙන් හිටියත් හාමු මැණිකේ හතර වටේම ඇස් කරකව කරකව ඒ ක හැමෝටම ඇහුනාදයි පිරික්සුවේ ඉතාම ආඩම්බරයකිනි..

ටව්මෙ ව්්‍යාපාරික වෙළඳ ප්‍රජාව අතරින් වීරවංශ මහත්තය රුපියල් අසූ දාහක් පරිත්්‍යාග කළා.. ටව්මෙ හරක් මස් කඩේ මුදලාලි සිහින් සිනාවකින් හාමුදුරුවන්ට හිස පහත් කළා

අපේ පලාත්සභාවෙ වලිසුන්දර මැති තුමා රුපියල් ලක්ශයක්ම මේ සඳහා පරිත්්‍යාග කලා.. වලිසුන්දර ඇමති තුමා ඡන්දදායකයන් දිහා ආඩම්බරෙන් ඔලුව හරව හරව බැලුව

අපේ චෛත්තියේ වැඩේට වටිනාම ආධාරය ලැබිල තියෙන්නෙ ශබ්ධ විකාශන යන්ත්‍රය පෙරටත් වැඩිය සද්දෙයි.. හැමෝම කන් යොමාගෙන හිටියෙ කව්ද ගමේම සල්ලි කාරය බලන්න.. ඒත් වලිසුන්දර ඇමති තුමා, වීරවන්ශ මුදලාලි කලබලෙන් පිරිස දෙස බැලුවෙ ඔව්න්ට වඩා සල්ලිකාරයන් ගමේ සිටීදැයි සැකයෙනි.. මමත් කට්ටියට උඩින් අමාරුවෙන් එබුනෙ කව්ද වැඩිම ගානක් දුන්නෙ කියල බලන්න ආසාවෙ..

"සඳුන් අකලංක පුතා රුපියල් සීයයි"

මම ගොළු වෙලා පිරිස අතරෙන් බලන් ඉද්දි තාත්ත සෙනග අස්සෙන් අහිංසක විදියට ඉස්සරහට ඇවිත් මගේ දිහා බලන් හිටිය.අම්ම චීත්ත කොනින් කඳුලු පිහ දැම්ම. මම අම්මගෙ අත අතෑරල තාත්ත ගාවට දිව්ව.. ඇවිත් හිටිය හැමෝම අත්පුඩි ගහන්න පටන් ගත්ත..

"අම්මේ තාත්ත පන්සල් ඇවිත්"
තාත්ත මාව වඩා ගෙන දාතු මන්දිරේට ගියා එතන තිබුනු වීදුරු පෙට්ටියේ තියන සල්ලි කොල අස්සෙ රුපියල් සීයක තාත්තගෙ රූපෙ ලස්සනට මතුවෙලා පෙනුන..

තාත්තෙ ඒ රුපියල් සීය ආපහු නරක තැන් වලට යන එකක් නෑ නේද..?

තාත්ත මගේ මූන ආදරෙන් ඉඹිද්දි අපි දෙන්නගෙම කඳුලු හිමිහිට බිමට වැ‍ටුන...

................................................................................................................................................................................................

"අප්පස්මෙකෙ පවෙච්ඡන්තී බහුනෙකෙන දිච්ඡරෙ
අප්පස්මා දක්ඛිණා දින්නා සහස්සෙනා හිමං මිතා"

ඇතමෙක් තමාට ස්වල්ප වස්තුවක් ඇති කල්හිද එයින් දෙති
ඇතමෙක් බොහෝ වස්තුවෙන්ද ස්වල්පයකුදු නොදෙති
ස්වල්පයක් ඇති අයෙකුගේ සවල්ප දීමක් ද පොහොසතෙකුගේ දහසක් දීම වැනිය..

-දේවතා සංයුක්ත-

Read On Comments

අපි දෙන්න පැනල යමු නංගි...!!

6:36 PM

රතු තොල් උඹට වැඩියෙන් උන් පාට කර
මුහුලස දිගට මල් ලියකම් අඩු නොකර
හොයමින් උඹේ අඩු වැඩි කම් ඒ අතර
නෑයන් ඇරං එයි කටවල් ටික හැකර

මල් ගව්මටයි මට නං උඹ හැඩකාරී
මොකටද දිනක් සරසන්නට රට සාරී
යහනට නොවේ නුඹ මගෙ දිවියට භාරී
‍රැයකට කුමට අපි දෙන්නට ගලදාරී..?

දහඩිය හලා හෙව් මොණරුන් මදි නොකිය
ගැවසූ කුමට අපි දෙන්නට සෙටි බැකිය
දැං බැන්දාය ලෝකෙට පෙන්නන වැකිය
ගැසු රථ දමා අත් පටලා යා හැකිය...

උඩ පැන උඹව උස්සං ඇල්බම් වලට
පන යයි කලින් නොගියොත් මම ජිම් එකට
ඩී ජේ ලයිට් මල් සෝභන ලෝකයට
ප සුදා පානුත් මුදලාලිගෙ පොතට

කා බී නටා සමහරු වෙරි වී වැටිලා
නැන්දා යාවි වැන්දේ නෑ යයි බැනලා
ණය වී පෝරු තැනුවත් බැලුවම හැරිලා
බැඳලා නෙමේ පැටියෝ දෙන්නම ඇඳලා

Read On Comments

කතරගම දෙයියන්ට එක්සෑම්...!!

6:35 PM

කැඩියන් උගේ පාරක අත පය හතර
කපුරු සුවඳ කහ ගැල් වූ පොල් වතුර
විසි වී බිඳේ දේවාලයෙ ගල් අතර
පොල්සම්බලට පොල් බෑයක් නැත ගෙදර

නඩුවට කලින් ආයුධ සෙව් චූදිතයන්
මහ මග යද්දි අරගෙන ගිය අය මැරයන්
අඳුනක් යවා උන් සොයනා වැඩිහිටියන්
සී අයි ඩීයෙ වැඩ අද අංජන දෙවියන්

මෝචරි ඇරල වැඩ වර්ජන දොස්තරලා
හදිස්සියෙන් ආවම යයි අත් කපලා
අඩු ගානකට ලෙඩ ටික කපුවට කියලා
සුවයක් පතමු ග්‍රැජුවට් දෙවියෙක් හොයලා..

ඒ එල් කුමට ලොකු කොල්ලා කොලු රෑනේ
සා පෙට ගියපු පොඩි කෙලි කාමර ගානේ
ශිෂ්්‍යත්වයත් පොඩ්ඩට පේනා මානේ
අම්මා පුදයි දෙවිඳුට පළතුරු දානේ

කලනය, ගුරුත්වජ ත්වරනය අනු හැඩය
ශාකය ක්‍රියා කාරී සත්වය උඩය
පොලී කුලී සාහිත්්‍යයෙ කවි ගොඩය
කැම්පස් නොයන කඳ සුරිඳුන් බර වැඩය
Read On Comments

පසුගාමී ජාතියක පුනරුත්පත්තිය...

6:33 PM

ධාතුසෙන් රජු ට්‍රිප් එකක් ගිය, අනුරපුරයට ලං වෙලා
නාල යන්නට වාහනේ නැවතුවා මුල්ලක වැව් කළා
මොකා හැදුවද අනේ මන්දා මෙහම සමුදුරු බිං පලා
අයා ඇස් බාජනෙන් ටික ටික දමා ගති සිසිලස හලා...

දසමහා යෝධයන් සිකුරිටි නිලරතේ මැද හැංගිලා
ගැමුණු දු‍ටු විත් පහනෙ සඳකඩ පාවහන් යුග ගලවලා
ඡන්දෙ ළඟ එන දිනා යළි පු‍ටුවේම ඉන්දනු මතුරලා
රුවන්වැලි මහ සෑය පාමුල දන නවා ගෙන වැතිරිලා

බලා අහසින් වැටෙන දිය යල මහෙන් කෙත් වතු වපුරලා
කාලගුණයේ ඉංජිනේරුවො වෙලා අද උන් ගොළු වෙලා
කුසේ හිස් තැන් සොයා දාඩිය තෙමී යයි වත රූරලා
නෙළූ ප්‍රතිමා දෙස බලාගෙන වඩුවො ඇත ගල් තල තලා

සිහළ වෙදකම කොළඹ හැමතැන රෝගියෝ ඒ තුළ පිරී
එදා වෙදහාමිනේලා සම්භාහනේ දිව රෑ මැරී
කකුස්සියටම දිය ගලන හැටි හිතාගන්නටවත් බැරී
රිසර්ච් එකකට වතුරමල් ගැන නගී කස්සප සීගිරී..
Read On Comments

...............

6:32 PM

බිඟුන් නැතුවත් රොණින් බරවූ උපුල් නැහවූ වත්සුණු
සඳුන් අරණකි සෙමින් කෙහෙරල් රනින් බර වී නැළවුණු
රසින් අම පැන් පිරී කැලතෙන දියෙන් පිරි විල් පැරදුනූ
මතින් කිමිදී ගිලී වැතිරෙමු එයයි දෙව් ලොව සැඟවුණු

නෙළුම් පෙති මත රිදී පැහයට සැලී පිනි බිඳු විසිරුණූ
බරින් මල් කෙමි දරා රොන් බිඟු සොරා ගෙන යයි ලන් උණූ
නුවන් විමසයි මගෙන් රහසින් ලවන්මද ඒ පිම්බුනූ
විටින් විට නෙක හඟුම් කලතයි හැඩය රඳවා දේදුණූ

කුළින් කුළ හැපි නිශා තුන් යම ස්වප්නයක්මය අහරුණූ
සි‍ඳෙන්නට දිය නොදී උල්පත් වැසි සොයා විත් වැතිරුනූ
ස‍ඳෙන් පැහැ ගෙන රනින් බබළන රිදී රේඛා හැකිළුනූ
සිහින් දිය ‍රැලි මවා තව විල සියපතේ පෙති පොපියනූ
Read On Comments

නූතන ගුරු ගීතය

6:26 PM

අල්තීනායි සුලෙයිමානාවා...!
උඹලයි අයිලයට
දුයිශෙයින් ආව වගේම
අපේ ලයිම් පේලියටත්
දුශාන් සර් ආව...
අපේ ගමේ ලස්සන
පොප්ලර් ගස් නම්
තිබුනෙ නෑ..
අපේ පුංචි
ඉංග්‍රීසි පංතිය
තිබුනෙ
කඳු ගැටේ උඩ තිබුන
රබර් ගස් දෙක යට...
උඹව රතු මූන
උස්සන් යද්දි
බේරගන්න
දුයිශෙයින් ආව
වගේම...
දුශාන් සර් ආපහු
එනකන් උස්සන්
ඉඳපු මාස දෙක හමාරක
බඩට නමක් දෙන්න
මටත්
කුමාරයෙක් ආව...

ඒ හංදියෙ කසිප්පු
පෙරන
රතු මාමා...!
Read On Comments

Real Machan In a relation's SHIP

6:15 PM
පොත්ත ලාවට සුදු නිසා ආඩම්බරයි මාතර නගා
යාන වාහන නැති නිසා මට කපුවො පෙන්නුව නෙක රඟා
නුවර මැණිකෙගෙ නළලෙ පතිවත නොගොස් පසුපස දණ ගගා
සුද්දියක් කර කාර බැන්දා නොගෙන බොරු දෑවැදි පගා..

බස් එකේ පොදු දුම්රියේ වව්ලන්ගෙ කරදර සිදු නොවේ
දු‍ටුව විට ඈ කයිකතන්දර අමතකව ගෑනුත් නැවේ
මෙහේ එකියක් ගත්තනම් නොසොයන්නෙ පමණයි පෙර භවේ
රස අඳින්නට කවියෙ උපමා කොහෙද විඳිනා පෙම් සුවේ..

නොමැත කෙහෙවලු පටලවන් නැන්දම්ම එක්කල කට ගසා
ඈට සිංහල නොතේරේ අම්මාද කඩුවට බය නිසා
වටේ ගෑනුන් ඕප දූපයෙ නොයේ ගෙන කටවල් මසා
මගේ සුදු හාමිනේ ඇත මා එන තුරා දොරවල් වසා..

ඇඳුම කැඩුමට නොමැත ආශා සරලවයි ගමනක් ගියේ
බිකිනියයි පොඩි තන පටයි සඟවලා කුමටද සාරියේ..?
පණ ගියේ නැත කඩ පුරා ගොස් අලුත් අව් රුදු කාලයේ
රෑට කාලය නොකා බත් කයි ඈ "අභීතා දියණියේ"..

Read On Comments

අපායේ සිට අපේ පව්ලට

6:12 PM

රෑ හොර පොල් කඩා වීදුරු ක‍ටු පතුලේ
මොනවදයක්ද මේ පොඩි ගහ උඩ කෙල්ලේ
නැග වැඩ නොකළ උන් රජයේ නිල ඇතුළේ
මට නැත ඉඩක් ආසාවට ක‍ටු ඉඹුලේ

අලවා පෝස්ටර අල්ලං ගියපු දින
නෙළුවා පොලීසිය යන්තම් තබා පණ
තැළුවා කසෙන් යම පල්ලන් උඩත් පැන
කැහුවා වගෙයි දැනුණේ හෝ හපු‍ටු වන

හත් දවසකින් නැත ගිනි වතුරේ ජොලිය
කාලක් ඉල්ලලා මම කෑවේ වලිය
ඡන්දෙට ඇවිත් අපි ඉඹලා පච කෙළිය
පෝලිම දිගයි නොපෙනේ ලෝ දිය හැළිය

විත්තිය මිනී සියයක් මැරුවත් ‍රැකලා
එහෙ නඩු අහල මෙහෙ විත් ඇති යම පල්ලා
දොස්තර ලෙඩේ හොයලා සිරුරම කපලා
කිව්වා යන්න තව මොකටද අපි ඉරලා...?

මීට ,
නැසීගිය
සිමියොං අප්පු.
Read On Comments

Followers

Powered by Blogger.