සූස්තිය
රෝල් කරපු ජීවිතේ හෙමි හෙමින් අදින්නට ...

පසුගාමී ජාතියක පුනරුත්පත්තිය...

Labels:


ධාතුසෙන් රජු ට්‍රිප් එකක් ගිය, අනුරපුරයට ලං වෙලා
නාල යන්නට වාහනේ නැවතුවා මුල්ලක වැව් කළා
මොකා හැදුවද අනේ මන්දා මෙහම සමුදුරු බිං පලා
අයා ඇස් බාජනෙන් ටික ටික දමා ගති සිසිලස හලා...

දසමහා යෝධයන් සිකුරිටි නිලරතේ මැද හැංගිලා
ගැමුණු දු‍ටු විත් පහනෙ සඳකඩ පාවහන් යුග ගලවලා
ඡන්දෙ ළඟ එන දිනා යළි පු‍ටුවේම ඉන්දනු මතුරලා
රුවන්වැලි මහ සෑය පාමුල දන නවා ගෙන වැතිරිලා

බලා අහසින් වැටෙන දිය යල මහෙන් කෙත් වතු වපුරලා
කාලගුණයේ ඉංජිනේරුවො වෙලා අද උන් ගොළු වෙලා
කුසේ හිස් තැන් සොයා දාඩිය තෙමී යයි වත රූරලා
නෙළූ ප්‍රතිමා දෙස බලාගෙන වඩුවො ඇත ගල් තල තලා

සිහළ වෙදකම කොළඹ හැමතැන රෝගියෝ ඒ තුළ පිරී
එදා වෙදහාමිනේලා සම්භාහනේ දිව රෑ මැරී
කකුස්සියටම දිය ගලන හැටි හිතාගන්නටවත් බැරී
රිසර්ච් එකකට වතුරමල් ගැන නගී කස්සප සීගිරී..

Followers

Powered by Blogger.