සූස්තිය
රෝල් කරපු ජීවිතේ හෙමි හෙමින් අදින්නට ...

කතරගම දෙයියන්ට එක්සෑම්...!!

Labels:


කැඩියන් උගේ පාරක අත පය හතර
කපුරු සුවඳ කහ ගැල් වූ පොල් වතුර
විසි වී බිඳේ දේවාලයෙ ගල් අතර
පොල්සම්බලට පොල් බෑයක් නැත ගෙදර

නඩුවට කලින් ආයුධ සෙව් චූදිතයන්
මහ මග යද්දි අරගෙන ගිය අය මැරයන්
අඳුනක් යවා උන් සොයනා වැඩිහිටියන්
සී අයි ඩීයෙ වැඩ අද අංජන දෙවියන්

මෝචරි ඇරල වැඩ වර්ජන දොස්තරලා
හදිස්සියෙන් ආවම යයි අත් කපලා
අඩු ගානකට ලෙඩ ටික කපුවට කියලා
සුවයක් පතමු ග්‍රැජුවට් දෙවියෙක් හොයලා..

ඒ එල් කුමට ලොකු කොල්ලා කොලු රෑනේ
සා පෙට ගියපු පොඩි කෙලි කාමර ගානේ
ශිෂ්්‍යත්වයත් පොඩ්ඩට පේනා මානේ
අම්මා පුදයි දෙවිඳුට පළතුරු දානේ

කලනය, ගුරුත්වජ ත්වරනය අනු හැඩය
ශාකය ක්‍රියා කාරී සත්වය උඩය
පොලී කුලී සාහිත්්‍යයෙ කවි ගොඩය
කැම්පස් නොයන කඳ සුරිඳුන් බර වැඩය

Followers

Powered by Blogger.