සූස්තිය
රෝල් කරපු ජීවිතේ හෙමි හෙමින් අදින්නට ...
වීරයා මැරිලා..???

ඇතැන්ස් නගරය
කම්මැලි අස්සයෙක්.
ඌට පණ එන්න
ඇඟට විද්ද ඇටමැස්සා
නුඹයි...

ලෝකය ගෝලයක්
තැටියක්
නෙමේ කියල දැන දැනම
උඹට හෙම්ලොක්
දුන්නෙ
අපියි...

රදළයන් එහෙයියන්
ඔප්පු උණාම
උන් මෝඩයන් කියල
වැඩි වුණේ
හතුරොම
විතරයි...

ක්‍රීටෝ, වස බිව්වෙ
නැති වුණාට මමත්
ඇක්ලෙපියස්ට කුකුළෙක්නම්
ණයයි.....

සොක්‍රටීස්..
ඇරිස්ටොටල් කෙනෙක් හදන්න
ප්ලේටෝ කෙනෙක් නොලැබුනාට
"මමත් කියන්න ගියේ
ඔය ටිකම
තමයි...."

Followers

Powered by Blogger.