සූස්තිය
රෝල් කරපු ජීවිතේ හෙමි හෙමින් අදින්නට ...

ප්‍රතිකර්මය...

හීතලට හුළඟ ගස් වල හැපී ගෙන යද්දි හිතට දැනුණෙ පුදුමාකාර ශාන්ත රසයක්. චලන ගෙ අම්මත් නොයිවසිල්ලෙන් ගල්ලෙන දිහා බලා ගෙන හිටියෙ පුදුමාකාර දරු සෙනෙහසක් හදවතේ තුරුල් කරගෙන. කුරුණෑගල ටව්මෙ ඉඳගෙන තව කිලෝමීටර ගාණක් බස් එකේ ඇවිත් ගල් පඩි පෙළවල් සිය ගාණක් නැගගෙන මේ තරම් කැලේ ඇතුළට ආවත් මහන්සියක් නොදැනුණේ ඊටත් වඩා මට මගේ ආදරේ වටින නිසා.

නිර්මාණි ඔයා වෙනදටත් වඩා අද ගොඩාක් ලස්සනයි. මීදුම මැද්දෙන් ‍රැළි නගින නුවර වැවයි ඔයයි මට වෙන් කරල අඳුර ගන්නත් අමාරු තරමට.
චලන වැවට ගල් කැටයක් විසි කරන ගමන් එහෙම කිව්වම මගේ හිතට ආපු සතුට නිසාද මංද දුවන්න දඟලන කොණ්ඩ කැ‍රැල්ල අල්ලල ආපහු කන් පෙත්ත අස්සෙ ගහල තිව්ව.

ඒ ත් බුදු හාමුදුරුවො හිටියනම් මටත් පාත්තරේ අතට දීල එක්කන් යන ගමන් පෙන්නල දේවි ඔයත් හරියට අර නව දැලි හේනෙ වැඳිරි වගේ කියල. චලන එහෙම කියන ගමන් මාළිගාව දිහා බලා ගෙන යාන්තමට හිනා වුණා.
යනව යන්න මෝඩය.. එහම කියපු මම තරහෙන් අහක බලාගෙන අනික් පැත්ත හැරුණ..
කෝ .. තරහ වුණාද.. මූණ චුට්ටක් පෙන්නන්නකෝ.. ෂා..! දැන්නම් මාර ලස්සනයි

එහෙම කියපු චලන මගේ නිකටෙන් අල්ලල බිම බලාගෙන ඉන්න මූණ උස්සන්න හැදුව..

එන්නෙපා මාව අල්ලන්න.මම තරහයි.

මගේ ඔළුව කව්දෝ ආදරෙන් අතගානව දැනුණ
දුවේ මොකද කල්පනා කරන්නෙ..? පුතා ලියල එවල තිබුණනෙ මේ අරන්්‍යෙ හාමුදුරුවො එයාව සනීප කරනව කියල. බය නොවී ඉන්න රත්තරනෙ. ඉංගිරිසි දොස්තර මහත්තුරුත් කියනවලු භාවනාවෙන් මේ ලෙඩේ සුවපත් කරන්න පුළුවං කියල.

ඒ වුණාට අම්මෙ පෝය දෙකක් යද්දි හොඳ වුණේ නැත්තන් බලාපොරොත්තු තියා ගන්න එපා කිව්වනෙ, මේ දෙවනි පෝය..
මම චලනලගෙ අම්මට වත්තම් වෙලා හිතේ හිරකරන් ඉඳපු කඳුළු එකින් එක බිමට දැම්ම.

ඇයි ළමයො මේ අඬන්නේ..?මහවැලි ගඟේ සීතල ‍රැළි කකුල් තෙමද්දි දවසකුත් මම මේ වගේම ඇඬුව,
ඔයාට තිබුණෙ මහන වෙන්න ඇයි මට බලාපොරොත්තු දුන්නෙ චලන..? එක දවසකට ඔයා මම නව දැලි හේනෙ වැඳිරි වගේලු. අද කියනව මමත් යශෝදරා රාහුල කුමාරය හැදුව වගේ ඔයාගෙ ජීවිතේට බන්ධනයක්ලු.

මේ ජීවිතේ මහ බොරුවක් නිර්මාණි. ඔයත් වයසට යනව මාත් වයසට යනව, කවද හරි අපි වෙන් වෙනව,මේ ලස්සන හැමදාම තියෙන්නෙ නෑ..

ඔයා ආදරේ මගේ ලස්සනට විතරමද චලන..?

ආදරේ කියන්නෙ බොරුවක් නිර්මාණි. කායික අවශ්්‍යතා පිරිමහ ගන්න හිතරවට්ටගන්න කියන ලස්සන වචනයක් ආදරේ කියන්නෙ. මෙලෝ සංසාරෙ දෙයක් කෙල්ල ගැන නොදෙන කොල්ලො පාරෙ දැකපු කෙල්ලෙකුට ආදරේ කරන්න පටන් ගන්නෙ මොකක් දැකලද..?
ගෙදරට එන ප්‍රොපෝසල් වලට කෙල්ලො කැමති වෙන්නෙ කොල්ලගෙ මොනව දැන ගෙනද..?

ඔයාට මොනව වෙලාද චලන..? ළඟදි ඉඳන් හරී වෙනස්, මම ඔව දන්නෙ නැ . මම දන්නෙ මට ඔය නැතුව එක තප්පරයක්වත් ඉන්න බෑ කියල විතරයි, ඒක ආදරේද වෙන මොකද්ද කියන්න මම දන්නෙ නෑ චලන.

කොලුව මේ ලියුම් කඩදහිය කලින් එවල තිබුනනම් කොළඹ ලොකු ඉස්පිරිතාලෙක ලොකු දොස්තර මහත්තෑන් කෙනෙක්ට පෙන්නල මොකක් හරි කරගන්න තිබ්බ.
චලනගෙ අම්ම හූල්ලන ගමන් එහෙම කිව්ව. ගල්ලෙන ඇතුළ පුදුම නිශ්ශබ්දයි. ලොකු හාමුදුරුවො පැයකට කලින් ඇවිත් පැන් භාජනයක් අරන් ඇතුළට වැඩිය. ඒ ත් හරියට යමක් කිව්වෙ නෑ නොවැ. තව කොච්චරනම් වෙලා මෙහෙම හිටගෙන ඉන්න වෙයිද. ඒත් කමක් නෑ එයාට සනීප වෙනවනම්

ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් තියනවද චලන..? මාස දෙකකට කලින් අන්තිමට මුණ ගැහෙද්දි මම මුලින්ම අහපු ප්‍රශ්නෙ ඒ ක.
ඔව් නිර්මාණි. මට දවසක මේ ලෝකෙන් ඔයාට කලින් යන්න වෙයි. එදාට ඔයාට දැනෙන දුක නොදැනෙනවනෙ මම ඔයාගෙ ජීවිතෙට නෑවිත් හිටියනම්..

අනේ පිස්සු කොල්ල. එහෙම වෙන්නෙ අපි වයසට ගියාමනෙ..
"සැරයටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමූ
සංසාරෙන් අපි සමුගන්නාදා ඒ ගමනත් අපි එකට යමූ..." මම චලනගෙ කනට කිට්‍ටු වෙලා තාලෙට එහෙම කිව්ව,

මේක විහිළුවක් නෙමේ නිර්මාණි.. බුදු හාමුදුරුවො කිව්ව වගේ මාරයා පරාජය නොකරන තාක් කල් එයා හැම වෙලේම අපේ පස්සෙ ඉන්නව.මට සිද්ධ වෙලා තියනව ඌ එක්ක සටන් කරන්න..

අනේ චලන. ළඟදි ඉඳන් අර ලයිබ්‍රි එකේ රින්ගගෙන බුද්ධාගමට සම්බන්ධ පොත් කියවල කියවල ඔයාගෙ මොළේ විකාර වෙලාද කොහෙද. මොනාද බබා ඔයාට වෙලා තියෙන්නෙ..?

අනේ එදා මට තේරුණානම් එයා ඒ කිව්වෙ මේ පිළිකාව ගැන කියල. මම එයා එක්ක කොච්චර රණ්ඩු කළාද. තරහ වුණාද ඕව කියද්දි. එයාට මැරෙන්න තිබ්බ එකම දුක මම අඬන එක, එයා ඒ තරම් මට ආදරේ කළා. ඉස්පිරිතාල ගානෙ ගිහින් තනියම ලෙඩේ එක්ක සටන් කළා. අවසානේ බැරිම තැන ආගමේ පිහිට හොයාගෙන පොත් පෙරළ පෙරළ ජීවිතේ එක්ක සටන් කළා. ඒ ගමන් මටත් ආදරේ කළා. මට කියා දෙන්න උත්සාහ කළා මේ ජීවිතේ මිරිඟුවක් කියල. අනේ චලන ඔයා කියපු කරපු හැම දේම මට දැන් තේරෙනව. ඔයා මාව දාල ගියා කියල මාස දෙකක් මම ඔයාට වෛර කළා. ඇත්ත ඒ කියන්නෙ ආදරේ බොරුවක්. ඔයා හරි. ඒ ත් ඔයාගෙ ආදරේ බොරුවක් නෙමේ. ඔයා මාස දකක් මේ කැලේට වෙලා කළේ මම වෙනුවෙන් ජීවිතේ ජීවත් කරවන්න අන්තිම හුස්ම පොද වෙනකන් සටන් කරන එක.

ගල්ලෙන ඇතුළෙන් අමුතු මල් සුවඳක් හමාගෙන ආව. පරිසරයම කියාගන්න බැරි ලස්සනකින් පිරීල ගියා. චලන කෙටි කාලීන පැවැද්ද අද අහවර කරන දවස. දැං සිව් රු පවාරණය කරනව ඇති. ලොකු හාමුදුරුවො චලන සනීප කරල ඇති. අපි ආපහු ඉස්සර වගේ ආදරේ කරාවි. විහාරෙ ගලකින් වතුර බිංදුව බිංදුව වැටිල ගල් පැන් බඳුනක් පිරිල උතුරන්න ඔන්න මෙන්න, මගේ හිතත් ඒ වගේ අලුත් බලා පොරොත්තු වලින් පිරිල ගියා.

නිර්මාණි ඔයාට පුළුවන්ද මම ඔයාව දාල ගියොත් වෙන කෙනෙක් එක්ක මේ වගේම ආදරෙන් ජීවිතේ බෙදා ගන්න..?

එදා මගේ කම්මුල් දිගේ පැය ගාණක් නොනැවතී කඳුළු ගලා ගෙන ගියා.

චලන ඔයාට මාව හොඳ නැත්තන් මාව දාල යන්න. පුංචි මී මැස්සන්ට දළෙන් අනින්න පුළුවන් එකම එක පාරයි චලන. මටත් මේ සංසාරෙ දෙන්නෙකුට ආදරේ කරන්න බෑ.

එදා කාලෙකට පස්සෙ චලන මාවත් තුරුල් කරගෙන එයත් ඇඬුව. දෙයියනේ එයාගෙ හිතේ කොච්චර දුකක් තියෙන්න ඇත්ද මම කියපු වචන වලට. එයාට ඕන වුණේ එයා නැතුව මට ජීවත් වෙන්න පුරුදු කරන්න.

"කෙල්ලෙ අන්න ලොකු හාමුදුරුවො එළියට එනව."

ජීවිතේ තීරණාත්මකම වචනෙත් අරගෙන ලොකු හාමුදුරුවො ශාන්ත විදියට සක්මන් කරමින් අපේ පැත්තට වැඩිය. චලනලගෙ අම්ම සාරි පොටින් නළල පිහින ගමන් හාමුදුරුවො වඩින පැත්තට දිව්ව. මාත් ඒ පස්සෙ දුවගෙන ගියා.

අනේ හාමුදුරුවනෙ මගේ පුතාට කොහොමද..?

ලොකු හාමුදුරුවන්ගෙ මූණ අඳුරු වළාවන් පිරුණු අහසක් වගේ. අනේ මගේ චලන..

මේ මිනිස් ජීවිතේ කියන්නෙ උපාසක අම්මෙ අපිට ලැබිල තියන අවස්ථාවක්. අපිට දුක නැති කරගන්න ඇදිල තියන සුවිප් ටිකට් එකක් වගේ. කෙනෙක් මේ සංසාරෙ නැවත ඉපදීම නැති කරගන්නව කියන්නෙ එයා දුක නැති කරා කියන එක. ඉතින් කෘථක්ජන අපි මේ සංසාර දුකේ ගිලි ගිලී උඩ මතුවෙනව. ප්‍රියේහි විප්පයොගෝ දුක්ඛෝ....!! කියල බුදු හාමුදුරුවො දේශනා කළෙත් අද ඔබ තුමියලාට..

එනේ මගේ පුතා.. චලනලාගෙ අම්ම එහෙම කියද්දි මගෙ උගුරෙ මොකද්දෝ හිර වුණා වගේ දැනුණ. මට කෑගහල අඬන්න ඕන වුණා..

අනේ අපේ හාමුදුරුවනේ මගේ පොඩි හාමුදුරුවො අපවත් වුණාද..?
චලනලාගෙ අම්ම අවසානයේ හිතේ තිබුණ අන්තිම ශක්තියත් එකතු කරගෙන වචන ටික හරියට ගැට ගැහුව.

ලොකු හාමුදුරුවො හිස් අහස දිහා බලාගෙන මොකද්දෝ එළියකින් මූණ පුරව ගෙන ඉතාම සන්සුන් විදියට හිස දෙපසට වැනුව

නෑ උපාසක අම්මෙ. .!!

මේ මොනවද වෙන්නෙ. චලනලගෙ අම්මත් මාත් කල්ප ගාණකට පස්සෙ වැහි වැටෙන කාන්තාරයක් මැද දළු දාන පුංචි පැළැටි දෙකක් වගේ ආපහු ඔළුව උස්සල ලොකු හාමුදුරුවො දිහා බැලුව.

" පොඩි හාමුදුරුවො අපවත් වුණේ නෑ උපාසක අම්මෙ, අපේ පොඩි හාමුදුරුවො පිරිනිවන් පෑව..! " ප්‍රතිකර්මය...

" පොඩි හාමුදුරුවො අපවත් වුණේ නෑ උපාසක අම්මෙ, අපේ පොඩි හාමුදුරුවො පිරිනිවන් පෑව..! "

Followers

Powered by Blogger.