සූස්තිය
රෝල් කරපු ජීවිතේ හෙමි හෙමින් අදින්නට ...

"වැද්දෝ කොළඹ ඇවිත්"

Labels:
අඩේ, කැකුළියො එහේ වාගෙම මෙහෙත් බාගෙට අඳින්නේ
තිසර වැසු පට සමග ලාවට අඟල් හතරක් වහන්නේ
තොපිට හාවෙක් තලා ගන්නට වරුවකුත් මදි බොලන්නේ
පුංචි සන්දියෙ ඉඳන් මෙහෙ උන් පඳුරු යටටයි දුවන්නේ..

පොරෝ නැතුවට අපේ වාගේ මුන්ගෙ එල්ලෙන දා කරේ
ඉනේ තියනව පුංචි ගිනි බට උණ්ඩ පොඩි තරමට සුරේ
හාවො මුව පොව්වන්ට ගිනි බැඳි උන්ට රජ ගෙයි දොර ඇරේ
කැලේ වාගෙම දඩයමක් බැරි අයට උරුමලූ මෙහෙ හිරේ..

හඳුනො මෙහෙ වර, බලාපන් අර වැදලි අමු මස් හැම අතේ
එහේ වාගෙම කූරු මත ගිනි උඩින් බාගෙට රත් වෙතේ
වැවේ සොර බොර ගිලී මතු වෙන කොමලිගේ ගෝමර වතේ
හෝටලේ පොකුණකට එබුණම යකෝ මන මගුළද හිතේ..

කැලේ ගාටන විටදි මහ හූරාට හොර රහසේ රැහේ
මන්දො කරනා වෙනත් එකෙකුට පෑල දොර හෙමිහිට වැහේ
පොල් කඩන්නත් අපේ උන්ගේ සරම කැහැපටය ට ගැහේ
අර බලාපන් සපත්තුත් දාගෙන නගී තහනම් ගහේ..

සඟිස්කෘතියට හානි වේ යැයි ජාති ආගම් මත හැපේ
දේශපාලන ලකුණු දා ගෙන උගස් කර උන් කම අපේ
චිත්‍රපටියේ කොටුව දැම්මම හිතන්නේ සේරම කැපේ
'රීල යන තුරු උන්ට නොපෙනේ බළල්ලූන් අළු යට ලිපේ'

Followers

Powered by Blogger.