සූස්තිය
රෝල් කරපු ජීවිතේ හෙමි හෙමින් අදින්නට ...

ප්‍රේමයනම් රාගයෙන් තොර..

Labels:
කතර බට වැහි පොදක් වන් සිත මතින් ගලනා ස්නේහයේ රස
අතුර දිය මත ඇගෙ සිනිදු වත මා එළිය සඳ කිමිදි එහි බැස
සතර අත සක් හඬින් නළවන මිහිරි තෙපුලින් මද පවන් ඉස
අඳුර එනු නුඹ ගැබට හෙමිහිට වසා නා දළු ‍රැඳුණු තුරු හිස


පිපෙන නෙළුමක සුවඳ මුසු කොට තැනූ ලවනත පොපියනා යස
කෙසේ සිප ගනිමිදෝ නවතා ඇගේ හුරතල් සොඳුරු මදහස
බලා දිදුලන දෙනෙත් තරු කැට කුමට වසමිද දෙතරු අවපස
නොසෙල් වෙන සිත කිසිත් නො අසයි ඇගේ දයාබර උණුහුමම මිස..


රාගයෙන් තොර නැගෙන මධු සඳ ප්‍රේමයෙන් වැඩි ගිරි මුදුන් පිස
වරණ නිදි රෑ පමණි සේව්වෙ බිඳින කෙහෙ‍රැලි ඇගෙ සිනිඳු හිස
කල්පයක් තව සිටිය හැකිනම් තබා ඇස් දිදුලන උවන දෙස
මධු සමය නම් එයම පමණයි ආදරේ වැහි වැටෙන යට කුස
.. 

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

Followers

Powered by Blogger.