සූස්තිය
රෝල් කරපු ජීවිතේ හෙමි හෙමින් අදින්නට ...

සාජහන්ගේ අටවෙනි පව්ලට හෙවත් මගේ නංගීට....

Labels:

තෙමා මතකය දවා හදවත ගලා යයි යමුනා නදී
දමා ගිය මා නිසල සිරුරකි නමුත් සෙනෙහස ඇත ‍රැඳී
නිමා කළ ඒ වසන්තය අග උවත් යහනත නිදි බිඳී
සමා වෙනු ඒ මගේ නැගෙණිය උඹේ ළඟ කිමදෝ නිදී..?

බොළඳ ආදර ගරුඬ මැදුරත ආදරේ හෙළු වැලි වනා
විළඳ පොවනා ගිරවි දහනක මලවි ‍රැඟුමන් පා වෙනා
නොලද එළි දාහතර වැනි පුතු සිහිනයක් සේ මට ගෙනා
එයද සැපතකි උඹේ සුවයට වඩා මරණය සැතපෙනා

සියක් පෙති ඇති මලක් මත බඹරෙකිය සිටි පර වෙනතුරූ
ගොඩක් මැද මා තවත් බිරිඳකි ආලයක් නොව පිවිතුරූ
සඳක් සේ ලෝකයට පෙන්නූ කිඹුල් කඳුලැලි නිදි වැරූ
අතක් අල්ලා මගේ නැගෙණිය දුක නොවේ ඒ කය දැරූ...

නිරුවතින් බබළනා තව ඇති ටජ් මහල් ආදර ලොවේ
සාජහන්ලා හමුවෙලා ඇති බෙදා දෙන ආදර් සුවේ
රාගයට මිස ආලයට ලොව වඩා වැඩි ආයුෂ නොවේ
නැගෙනියනි නුඹ මධුවිතකි ගත් නැති වෙනා තුරු රස දිවේ....


                                                                              -මුම්ටාස්- 

Followers

Powered by Blogger.