සූස්තිය
රෝල් කරපු ජීවිතේ හෙමි හෙමින් අදින්නට ...

මා රහත් වී ඇත..

Labels:
නෙක සලු කුමට මැරුනම දිය වෙන ඇඟට
ඩෙනිමම අඳිමි ඉ රුනම ගමි ශෝටකට
රන් මුතු මැනික් සෝබනයෙන් කන කරට
අශා නොමැත නොව මේ දුප්පත් කමට...

පඩි පෙල වගේ නොහදමි දරුවන් පෙලට
එකෙකුත් වැඩියි කම් සැප නොදකින හිතට
බිරිඳත් අනාගාමී වී දෝ කුසට
අහරක් නොගෙන අනිමිස යේ මයි රෑට

ගත්තත් ඉඩම හෝටල් සංවර්දනෙට
කැපුවත් හාල් පොත තිබිලා මගෙ නමට
එතුමා දු‍ටුව විට එන මහ චන්දයට
වයිරය ප්‍රහීනය හිත දෙමි කතිරයට...


ඇලුනත් කුසම අහරක් නොදැකම පිටට
කැම්පස් වහපු පුතු දන් දෙමි බමුනෙකුට
පුදුමයි රහත් වුන හැටි මේ ඉක්මනට
පංසල් නොගිය අපිවත් පොඩි වැස්සකට..!!

Comments (2)

Loading... Logging you in...
  • Logged in as
ශාන්ති රණසිංහ's avatar

ශාන්ති රණසිංහ · 642 weeks ago

තිත්ත ඇත්ත හෙවත් යථාර්තය
Chathura Weragoda's avatar

Chathura Weragoda · 635 weeks ago

මචං .. රියල්මයි මචං

Post a new comment

Comments by

Followers

Powered by Blogger.