තනිකඩයාගේ හැන්දෑව...
8:36 AM
ගලා හිරිකඩ වෙලා මා ගත වසා ගත්තා අකීකරු හිත
උලා හැන්දෑ රක්ත පෑ මුව හිනැහුනා හිරු මැදින් මධුවිත
වළාකුලකට නොදී යන්නට ගලවලා සඳ ඇගේ ඇඳිවත
හලා ඇත බිම තෙමී යන්නට ලෙසින් සීතල සිඳුණු පතිවත
උලා හැන්දෑ රක්ත පෑ මුව හිනැහුනා හිරු මැදින් මධුවිත
වළාකුලකට නොදී යන්නට ගලවලා සඳ ඇගේ ඇඳිවත
හලා ඇත බිම තෙමී යන්නට ලෙසින් සීතල සිඳුණු පතිවත
වැතිර කළු ගං කොමලි වැලි මත උස් පහත් වී කරන පෙරළිය
වතුර මත සුදු බිඳෙන පෙනකැටි ඉපදුවා ඇගෙ මලවිකරලිය
අතුරලා පිනි සරාගී පෙති පුම්බලා වගෙ පිපුණු අරලිය
දෙව් ර මත නැග බිම නවාගෙන සුළඟ අතවර කරන තුරුලිය
වතුර මත සුදු බිඳෙන පෙනකැටි ඉපදුවා ඇගෙ මලවිකරලිය
අතුරලා පිනි සරාගී පෙති පුම්බලා වගෙ පිපුණු අරලිය
දෙව් ර මත නැග බිම නවාගෙන සුළඟ අතවර කරන තුරුලිය
වැටෙනු තව මට බර වෙලා පා විදාගත් තණ ලියකි අබිසරු
එතුණු ඒ මත කුමරු මී දුම් කරයි රමණයෙ ඇගෙන් මුලකුරු
බැඳුණු වේගෙන් ලිහෙන දියරැලි වෙරළ නිරුවත් කරන විසිතුරු
නැගුණු අහසට තෙමුණු ගල්පර සයුර පිම්බූ වගේ පියයුරු
එතුණු ඒ මත කුමරු මී දුම් කරයි රමණයෙ ඇගෙන් මුලකුරු
බැඳුණු වේගෙන් ලිහෙන දියරැලි වෙරළ නිරුවත් කරන විසිතුරු
නැගුණු අහසට තෙමුණු ගල්පර සයුර පිම්බූ වගේ පියයුරු
නැගෙන බාඳුරු පුරුෂ ලිංගය නොහැකි වී යනු උන්ට මගහැර
සිඹින කෙඳිරිලි සුරතාන්තයේ කෘමි කතුන්ගේ ඇසේ අඬහැර
ලිහන නුබකුස වැටේ මුහුලස මගේ තනිකඩ කුටිය කළු කර
ගැහෙන දෑඟිලි අතර දුම්වැටියක් සිනා සේ හැඟුම් අළුකර
සිඹින කෙඳිරිලි සුරතාන්තයේ කෘමි කතුන්ගේ ඇසේ අඬහැර
ලිහන නුබකුස වැටේ මුහුලස මගේ තනිකඩ කුටිය කළු කර
ගැහෙන දෑඟිලි අතර දුම්වැටියක් සිනා සේ හැඟුම් අළුකර
තනිකඩයාගේ හැන්දෑව...
2014-10-16T08:36:00-07:00
මචං
සඳැස්|
Comments (1)
ගල් කල හිත්....
8:36 AM
අඹා සෙල් වඩුවන්ගෙ සිතැඟිය මගේ උකුලේ ගෙන ඉඩක්
කියා සාලිය මවා ලෝකෙට කියන මුත් මම වෙන එකෙක්
අශෝකා නුඹ මගේ කකුලට වගේ හිතටත් දෙන බරක්
සමාවෙනු මම එදා ඉඳලම ප්‍රේමයට අකමැති ගලක්..
කියා සාලිය මවා ලෝකෙට කියන මුත් මම වෙන එකෙක්
අශෝකා නුඹ මගේ කකුලට වගේ හිතටත් දෙන බරක්
සමාවෙනු මම එදා ඉඳලම ප්‍රේමයට අකමැති ගලක්..
කළා වැව ළඟ දණ නවාගෙන වැඳුම් කරනා ලෝකයක්
කෙටූ ගල් මත බලෙන් අල්ලා මමත් අව්කන පිළිමයක්
ලිහා දෙනු මැන සිව් ර හැකිනම් ඒ ක නිවනට යන පිනක්
එපා මා හිමියන් කියන්නට මමත් පෙම් කරනා ගලක්..
කෙටූ ගල් මත බලෙන් අල්ලා මමත් අව්කන පිළිමයක්
ලිහා දෙනු මැන සිව් ර හැකිනම් ඒ ක නිවනට යන පිනක්
එපා මා හිමියන් කියන්නට මමත් පෙම් කරනා ගලක්..
රෝස තිරිවානාව රත් කල මමත් කස්සප වගෙ රජෙක්
ඌ ට සැඟ වී ඉන්න දුන් කරුමයට විය ලෝ උරුමයක්
ධේනුවක් නැති වෙලා කුමටද නමට මට කේසර ඇඟක්
මකා දාපං උන්ගෙ පියයුරු මමත් ආශා ඇති ගලක්
ඌ ට සැඟ වී ඉන්න දුන් කරුමයට විය ලෝ උරුමයක්
ධේනුවක් නැති වෙලා කුමටද නමට මට කේසර ඇඟක්
මකා දාපං උන්ගෙ පියයුරු මමත් ආශා ඇති ගලක්
පලා පෙති ඇඳ වැසූ සඳ කඩ පහන නිරුවත් ගැහැනියක්
හිනා වෙනවා දෙපස මුරගල් වෙලාවක හරි කෝලමක්
දෙපා දැවටෙන දූලි අතරේ කොහේ රකිමිද පතිවතක්
එදා මේ කරුමය නොවන්නට මාත් අද වැදගත් ගලක්...
හිනා වෙනවා දෙපස මුරගල් වෙලාවක හරි කෝලමක්
දෙපා දැවටෙන දූලි අතරේ කොහේ රකිමිද පතිවතක්
එදා මේ කරුමය නොවන්නට මාත් අද වැදගත් ගලක්...
ගල් කල හිත්....
2014-10-16T08:36:00-07:00
මචං
සඳැස්|
Comments (0)
මෝහිනී ප්‍රෙග්නන්ට්... !!
8:33 AM
මෝස්තරේටත් ආගම් පොරව ගත්තු රටක මාර
දොට්ට පිලට එළි බැස්සත් සිද්ධ කරයි අනාචාර
සිදාදියේ ළමිස්සියක් බය කරන්න පැනපු පාර
සමාජ රෝගයක් හැදිල කැහැ කැහැ යයි කලු කුමාර
දොට්ට පිලට එළි බැස්සත් සිද්ධ කරයි අනාචාර
සිදාදියේ ළමිස්සියක් බය කරන්න පැනපු පාර
සමාජ රෝගයක් හැදිල කැහැ කැහැ යයි කලු කුමාර
රීරි යකත් පුදුම යකෙක් ළඟකදි නෑ පුලුටු කෑවෙ
ආතුරයට සුව කරන්න මාතරිනුත් කපුවො ආවෙ
තොවිල් පවිල් පිදේනි දැක මේක නොවෙයි පැනල දීවෙ
දුම්මල කුඩු සුවඳ වදින කොට සැපයිලු කොලොන්නාවෙ
ආතුරයට සුව කරන්න මාතරිනුත් කපුවො ආවෙ
තොවිල් පවිල් පිදේනි දැක මේක නොවෙයි පැනල දීවෙ
දුම්මල කුඩු සුවඳ වදින කොට සැපයිලු කොලොන්නාවෙ
නිදහස් පරපුරක් හදන රටේම අප්පොච්චි බොලේ
ඈණුමකට කට ඇරියත් කාකියාගෙ අවම බලේ
වාසිටි කොල්ලෙක්ට වැහිල උද්ඝෝෂණ කරන වෙලේ
ඌ එක්කම ඇප දෙනකං ඔඩ්ඩි මස්සිණත් ඇතුළේ..
ඈණුමකට කට ඇරියත් කාකියාගෙ අවම බලේ
වාසිටි කොල්ලෙක්ට වැහිල උද්ඝෝෂණ කරන වෙලේ
ඌ එක්කම ඇප දෙනකං ඔඩ්ඩි මස්සිණත් ඇතුළේ..
බබා දාන්නට ලියුමක් ගන්න ගියේ එක වසරට
ඈ විතරලු අහු නොව්නේ ප්‍රාදේසිය සභා පතිට
විලාපයක හඬ ආවා කනත්ත ළඟ රෑ දොළහට
ලේ දැක්කම අප්පිරියලු ළඟදි ඉඳං මෝහිනීට
ඈ විතරලු අහු නොව්නේ ප්‍රාදේසිය සභා පතිට
විලාපයක හඬ ආවා කනත්ත ළඟ රෑ දොළහට
ලේ දැක්කම අප්පිරියලු ළඟදි ඉඳං මෝහිනීට
මෝහිනී ප්‍රෙග්නන්ට්... !!
2014-10-16T08:33:00-07:00
මචං
සඳැස්|
Comments (0)
ජාත්්‍යන්තර සිනමාව සහ ලාංකික සමාජය
8:31 AM
හොලි බොලිවුඩ් වලින් ගෙනෙනා වින්දනය
සිරි ලක මහ මගත් ඇත මන නන්දනය
පිටපත ආගමට බර කළ චින්තනය
එනමුත් දිගට වෙඩි තියනා දර්ශනය
සිරි ලක මහ මගත් ඇත මන නන්දනය
පිටපත ආගමට බර කළ චින්තනය
එනමුත් දිගට වෙඩි තියනා දර්ශනය
තෙළිඟු දෙවැනි කල ආදර අන්දරය
එල්ලිල මැරෙන කට් එකටම සුන්දරය
රජවරු අතේ බල විදිනා යන්තරය
කුඩු හෙරොයින් නළුවො ටික නං ගින්දරය
එල්ලිල මැරෙන කට් එකටම සුන්දරය
රජවරු අතේ බල විදිනා යන්තරය
කුඩු හෙරොයින් නළුවො ටික නං ගින්දරය
චරිතය උපරිමයි අරගත්තට කුලිය
ගණිකාවක්ද හිතෙනා තරමට නිළිය
පොලිසිය දෙමළ ඒවගෙ වාගෙම ජොලිය
ඇමතිල බෲස්ලිට හුජ්ජා යන වලිය
ගණිකාවක්ද හිතෙනා තරමට නිළිය
පොලිසිය දෙමළ ඒවගෙ වාගෙම ජොලිය
ඇමතිල බෲස්ලිට හුජ්ජා යන වලිය
ගුවන් ත්‍රාස භීතිය ගත් තොටවල්ය
මිනී මැරුවෙ පිටසක්වල පොරවල්ය
ධනපති පුත්තු බැලුවම හරි හුරතල්ය
එනමුත් රඟන සේරම කොටු ගොඩවල්ය
මිනී මැරුවෙ පිටසක්වල පොරවල්ය
ධනපති පුත්තු බැලුවම හරි හුරතල්ය
එනමුත් රඟන සේරම කොටු ගොඩවල්ය
කප්පං දෙබස් බලයෙන් දුන් දරුවන්ය
කෞතුක නිදන් මාලාවම අවසන්ය
කැලයෙන් ගෙනත් හීලෑ කළ කොටියන්ය
ගුටි කන චරිත අපිටත් දැං පුළුවන්ය..
කෞතුක නිදන් මාලාවම අවසන්ය
කැලයෙන් ගෙනත් හීලෑ කළ කොටියන්ය
ගුටි කන චරිත අපිටත් දැං පුළුවන්ය..
ජාත්්‍යන්තර සිනමාව සහ ලාංකික සමාජය
2014-10-16T08:31:00-07:00
මචං
සඳැස්|
Comments (0)
මා ලිහෙමි ටික ටික . .
8:30 AM
අකීකරු සිතුවිලිම අණ කළ නග්න වන්නට එදා සයනත
සදාකාලික නිදි සුවේ ලැබ පාව යයි අද ජල තලා මත
දැවී අළුවෙන රාග ගින්නට දාසයෙකු සේ නොවී අවනත
උණා දැමුවා ඇගේ සළු පිලි දමූ ඉඳුරන් සමග මා සිත...
සදාකාලික නිදි සුවේ ලැබ පාව යයි අද ජල තලා මත
දැවී අළුවෙන රාග ගින්නට දාසයෙකු සේ නොවී අවනත
උණා දැමුවා ඇගේ සළු පිලි දමූ ඉඳුරන් සමග මා සිත...
සැප යසස දුක අටළො දහමෙන් නොසැලෙනා උන් ලොවේ විරලය
ටිකින් ටික මම ඉරා දමමින් ලිහෙමි ඇස ඇති අවිදු පටලය
කම් සැපය ගර්භයට ඔබ්බන මගකි ලෞකික බිළිඳු කළලය
හැඟුම නැති කර නිවෙන එක තව දුකක් නිමවනවාට සරලය..
ටිකින් ටික මම ඉරා දමමින් ලිහෙමි ඇස ඇති අවිදු පටලය
කම් සැපය ගර්භයට ඔබ්බන මගකි ලෞකික බිළිඳු කළලය
හැඟුම නැති කර නිවෙන එක තව දුකක් නිමවනවාට සරලය..
පඨවි තේජෝ ආපො වායෝ එකට කැලතී මැව්නු ලොව මත
දුගඳ රස කර බඳින සසරට මාර බැම්මකි ඇයගෙ නිරුවත
මවන තරුකැට කඳුළු කබ මත දිනෙක පියවී මැරෙන නිල් නෙත
සළු නැතත් සම වසා ගෙන ඇත හැරව ගලනා සැබෑ පතිවත.
දුගඳ රස කර බඳින සසරට මාර බැම්මකි ඇයගෙ නිරුවත
මවන තරුකැට කඳුළු කබ මත දිනෙක පියවී මැරෙන නිල් නෙත
සළු නැතත් සම වසා ගෙන ඇත හැරව ගලනා සැබෑ පතිවත.
ගලන ගංගා නැගුණු කඳු වැටි වසන ලෙස රන් මැණික් මිනිරන්
දිලෙන තොල් පෙති රෝස කම්මුල් පෘථක්ජන හිත තවත් අහුරන්
දකිමි ටික ටික උපාදානයෙ මා වෙලා ගත් නියම සතුරන්
මැරෙන්නට කලියෙන් මරා ගමි මමත් හිමියනි මගේ ඉඳුරන්
දිලෙන තොල් පෙති රෝස කම්මුල් පෘථක්ජන හිත තවත් අහුරන්
දකිමි ටික ටික උපාදානයෙ මා වෙලා ගත් නියම සතුරන්
මැරෙන්නට කලියෙන් මරා ගමි මමත් හිමියනි මගේ ඉඳුරන්
මා ලිහෙමි ටික ටික . .
2014-10-16T08:30:00-07:00
මචං
සඳැස්|
Comments (0)
යශෝධරා, දෙමි වරදට සමාව...!!
8:28 AM
නැගුණු පුර හඳ වගේ ඉස්සර නුඹත් හද නුබ ගැබ පලා
කියන්නත් කලියෙන් මගේ හිත ගියා දිය මත දිය වෙලා
මමත් ඇවිදින් නුවර වැට ළඟ විදින හී හිටියා බලා
දොළොස් ශිල්පය මවා දොරකඩ රජෙක් නුඹ හොරකම් කළා
කියන්නත් කලියෙන් මගේ හිත ගියා දිය මත දිය වෙලා
මමත් ඇවිදින් නුවර වැට ළඟ විදින හී හිටියා බලා
දොළොස් ශිල්පය මවා දොරකඩ රජෙක් නුඹ හොරකම් කළා
පුරුෂ චර වර වැටුණු ඉවකට නුඹුට බැඳි පෙම නොමැති කුලවත්
රැගෙන සේනා පොඩි කළා මා බළල් පැටියෙකු දුටුව ලෙස ඇත්
මතක් වී දෝ මූ හොඳයි අර රජුට වැඩියෙන් වුවත් දුප්පත්
බිමබලා ගෙන මාව දැක්කම අද උදෙත් හැංගුණා දෙව්දත්
රැගෙන සේනා පොඩි කළා මා බළල් පැටියෙකු දුටුව ලෙස ඇත්
මතක් වී දෝ මූ හොඳයි අර රජුට වැඩියෙන් වුවත් දුප්පත්
බිමබලා ගෙන මාව දැක්කම අද උදෙත් හැංගුණා දෙව්දත්
ඇහෙන විට නුවරින් කිඹුල් වත් ලතෝනිය මංගල බෙර
දුක දැනී උණු වී ගියා කලු ගල් පවා කෝලිය පුර
ගියත් රැවටී ධනය බලයට සොයා පිම්බුණු හිමගිර
මුකුත් නැති බව පසක් වෙන්නැති නුඹට දැමුවම දියකර
දුක දැනී උණු වී ගියා කලු ගල් පවා කෝලිය පුර
ගියත් රැවටී ධනය බලයට සොයා පිම්බුණු හිමගිර
මුකුත් නැති බව පසක් වෙන්නැති නුඹට දැමුවම දියකර
නැතත් රජ සැප පිරුණු මැදුරකි ආදරේ දුප්පත් පැල
අඳුරු මතකය ගලකි නේරංජනා නදියට විසි කළ
තවම නැත නුඹ පමා එන්නට කුමට සොඳුරිය පති කුළ
මමය කියලා කියමු දවසක පියා ඇහුවොත් රාහුල
අඳුරු මතකය ගලකි නේරංජනා නදියට විසි කළ
තවම නැත නුඹ පමා එන්නට කුමට සොඳුරිය පති කුළ
මමය කියලා කියමු දවසක පියා ඇහුවොත් රාහුල
යශෝධරා, දෙමි වරදට සමාව...!!
2014-10-16T08:28:00-07:00
මචං
සඳැස්|
Comments (0)
අපේ ජාතකය
8:28 AM
අදද යටගිය දවසක්ය
හෙට බුදුවන මෙතේ බුදුනට..
මාද එක චරිතයකි
එදවස පංසීය පනස්
ජාතක කතාවක..
ඔව් මේ බරනැසය
පියාගෙන් පුතාට
පුතාගෙන් පුතාට
රජකම මාරුවෙන
හැමදාම බ්‍රහ්මදත්තලාමය..
හිඟාකන්නට බැරි කමට
ඵල වැල සොයා ගිය
සව්දියේ දුක් විඳී
පිය මද්‍රි දේවිය..
නොදන්නා කමට
දේව ධර්මය
වැලිගොඩ දමයි සාලිය
නවක වදයට බියේ
අතැර ජූජක බමුණු සරසවිය..
ක්‍රිශ්නජින ගෙදරමය
පඬුපුල් ආසනෙත්
උණු වෙන්නෙ ඡන්දෙකට
විතරමය..
ලොකු අතු අල්ලන්න
දිඹුල් ගහ උඩට නැගි..
කෝ ඒ සිරි අයියාය
දෙයියාය කියු කාලකන්නියා
අහෝ මගේ උදුම්බරා
ලොකු කෙල්ල..!!
ගහ උඩම ගැබ්බරය..
දිවියම අනුන්ට කඹුරන
සියල්ල දික්පිටියලා හූරන
උන්ගේම කෙවිටට බැටකන
මම නන්දිවිසාලය..
හැකියාවට සරිලන වැටුප්
අයිතිවාසිකම් වෙනුවට
ගුත්තිලලාගෙ රැස් ගත්
මිලිටරි බැටන් පොලු
ගල් මුගුරු ගසා
ලිප්ටන් රව්මෙන් පැන්නුව
මම ඒ මූසිලය..
උසාවියෙ මහෝෂධලා
හත් අව් රුද්දකට
නොකල වරදකට අච්චු කල
මම මෝඩ සේනකය..
හෙට බුදුවන මෙතේ බුදුනට..
මාද එක චරිතයකි
එදවස පංසීය පනස්
ජාතක කතාවක..
ඔව් මේ බරනැසය
පියාගෙන් පුතාට
පුතාගෙන් පුතාට
රජකම මාරුවෙන
හැමදාම බ්‍රහ්මදත්තලාමය..
හිඟාකන්නට බැරි කමට
ඵල වැල සොයා ගිය
සව්දියේ දුක් විඳී
පිය මද්‍රි දේවිය..
නොදන්නා කමට
දේව ධර්මය
වැලිගොඩ දමයි සාලිය
නවක වදයට බියේ
අතැර ජූජක බමුණු සරසවිය..
ක්‍රිශ්නජින ගෙදරමය
පඬුපුල් ආසනෙත්
උණු වෙන්නෙ ඡන්දෙකට
විතරමය..
ලොකු අතු අල්ලන්න
දිඹුල් ගහ උඩට නැගි..
කෝ ඒ සිරි අයියාය
දෙයියාය කියු කාලකන්නියා
අහෝ මගේ උදුම්බරා
ලොකු කෙල්ල..!!
ගහ උඩම ගැබ්බරය..
දිවියම අනුන්ට කඹුරන
සියල්ල දික්පිටියලා හූරන
උන්ගේම කෙවිටට බැටකන
මම නන්දිවිසාලය..
හැකියාවට සරිලන වැටුප්
අයිතිවාසිකම් වෙනුවට
ගුත්තිලලාගෙ රැස් ගත්
මිලිටරි බැටන් පොලු
ගල් මුගුරු ගසා
ලිප්ටන් රව්මෙන් පැන්නුව
මම ඒ මූසිලය..
උසාවියෙ මහෝෂධලා
හත් අව් රුද්දකට
නොකල වරදකට අච්චු කල
මම මෝඩ සේනකය..
අපේ ජාතකය
2014-10-16T08:28:00-07:00
මචං
නිසඳැස්|
Comments (0)
පංචේන්ද්‍රය ශඩේන්ද්‍රය වූ කල්හි හෙතම පිස්සා නම් විය...??
8:25 AM
නගරෙ දුම්රියපොළේ පීඩිත පංතියේ කොනකට වෙලා
තනිව පිස්සෙක් හඬයි වැලපෙයි තවත් විටකදි හිනැහිලා
සම්ප්‍රදායික උපැස මොහොතක් උගේ අභිමුව ගලවලා
දුවන ජීවන ගමන නවතා මදක් බැලුවෙමි නැවතිලා
තනිව පිස්සෙක් හඬයි වැලපෙයි තවත් විටකදි හිනැහිලා
සම්ප්‍රදායික උපැස මොහොතක් උගේ අභිමුව ගලවලා
දුවන ජීවන ගමන නවතා මදක් බැලුවෙමි නැවතිලා
ඉ රුණු සරමට වැහුණු නිරුවත දූලි පැහැ හිස දරා ගිනියම
බැඳුණූ ආශා සොයන මිනිසුන් අතර ඇවිදින එකෙකි සරලම
දැමුණු ක්‍රෝධය ඉරිසියා නැති සුවඳ හද උඩ, දුගඳ බැනියම
ලැබුණු කිසියම් රහත් අරහත් බවක් විඳිනව වගෙයි තනියම..?
බැඳුණූ ආශා සොයන මිනිසුන් අතර ඇවිදින එකෙකි සරලම
දැමුණු ක්‍රෝධය ඉරිසියා නැති සුවඳ හද උඩ, දුගඳ බැනියම
ලැබුණු කිසියම් රහත් අරහත් බවක් විඳිනව වගෙයි තනියම..?
තව්තිසාවෙන් උඹ සොයාගෙන අවිත් වැඩ නැති විටදි මුලසුන්
රස කතා නරයන්ගෙ අහුවද හිනා වෙන්නේ දීද නිදසුන්..?
නොදුටු දෙවියන් විකුණනා විට උන් බලන්නට දුවයි මිනිසුන්
එහෙම බැලුවම උඹට පිස්සුය කියන උන් කිව්වාද සිහිසුන්..?
රස කතා නරයන්ගෙ අහුවද හිනා වෙන්නේ දීද නිදසුන්..?
නොදුටු දෙවියන් විකුණනා විට උන් බලන්නට දුවයි මිනිසුන්
එහෙම බැලුවම උඹට පිස්සුය කියන උන් කිව්වාද සිහිසුන්..?
එකෙක් යද්දී ළඟින් දැනුනද කැකුළු මල් පොඩි කරපු සුවඳක්
තවත් විටෙකදි ඇහෙන්නට ඇති මරන හඬ දුන් අහිංසකයෙක්
නුදුටුවා වගෙ උන්ව රකිනා කාකියත් බැලුවාම නිකමෙක්
වරෙක හිතුණා අපිට නොදැනෙන දෙයක් දැකලද හැලුවෙ කඳුළක්
තවත් විටෙකදි ඇහෙන්නට ඇති මරන හඬ දුන් අහිංසකයෙක්
නුදුටුවා වගෙ උන්ව රකිනා කාකියත් බැලුවාම නිකමෙක්
වරෙක හිතුණා අපිට නොදැනෙන දෙයක් දැකලද හැලුවෙ කඳුළක්
දෙ අත පටලා පහුකරන් යන මිනිස් කයවල් යුගල් හමුවේ
බොළඳ ආදර මරණ වාගෙයි වරෙක නිකමට හැරිල බැලුවේ
අපිට නොදැනෙන නොපෙනෙනා වූ පෙමක් සැතපී ඇත්ද පපුවේ
මටත් කියපං ඈත් එක්කද හිමින් මුමුණා වදන් දෙඩුවේ..?
බොළඳ ආදර මරණ වාගෙයි වරෙක නිකමට හැරිල බැලුවේ
අපිට නොදැනෙන නොපෙනෙනා වූ පෙමක් සැතපී ඇත්ද පපුවේ
මටත් කියපං ඈත් එක්කද හිමින් මුමුණා වදන් දෙඩුවේ..?
පංචේන්ද්‍රය ශඩේන්ද්‍රය වූ කල්හි හෙතම පිස්සා නම් විය...??
2014-10-16T08:25:00-07:00
මචං
සඳැස්|
Comments (0)
අයියෝ මාධ්්‍යය...
8:25 AM
හලල සාහිත පිටු රටේ මිනිසුන්ට හරවත් විස්තර
කිකිණි මංගල සීනු කිය කිය කපු කමක් දෙකකුත් කර
පරණ වාහන කුලී කාමර කුරුඳු තේ පොල් අක්කර
තට්ටයන්ටත් පනා විකුණන කිලෝවක් බර පත්තර..
කිකිණි මංගල සීනු කිය කිය කපු කමක් දෙකකුත් කර
පරණ වාහන කුලී කාමර කුරුඳු තේ පොල් අක්කර
තට්ටයන්ටත් පනා විකුණන කිලෝවක් බර පත්තර..
ලං කළේ රේඩියෝවෙන් පෙර දිනේ රසබර වගාව
මුං කරන්නේ මර්කෝනිට පවා බැලුවම නිගාව
ටිං බෙලෙක් හඬ එකම දොඩවන සිංහලත් බැරි නගාව
කං වහං හරි අහං හිටියොත් අතට දෙනවා පගාව...
මුං කරන්නේ මර්කෝනිට පවා බැලුවම නිගාව
ටිං බෙලෙක් හඬ එකම දොඩවන සිංහලත් බැරි නගාව
කං වහං හරි අහං හිටියොත් අතට දෙනවා පගාව...
අහර පිසිනා සිංදු බෙදනා නමට ක්‍රීඩා නාලිකා
අපිට වැඩියෙන් ආයු විඳිනා මෙගා දුවනා චාරිකා
පුංචි උන්වත් විකුණ ගෙන කන මවා පෙන්නන තාරකා
රත්තරං දෙනවාලු පැය දෙක බලා හිටියොත් රෑ නොකා
අපිට වැඩියෙන් ආයු විඳිනා මෙගා දුවනා චාරිකා
පුංචි උන්වත් විකුණ ගෙන කන මවා පෙන්නන තාරකා
රත්තරං දෙනවාලු පැය දෙක බලා හිටියොත් රෑ නොකා
නිවේදනයට රූපවාහිනි කපයි පොල් පිති වලින්ද
ඇඳේ පැයකට නාඩි වැටුනොත් එහෙම කියලයි ප්‍රසිද්ධ
මිනී මැරුවත් රටේ ලොකු උන් නොදැක ඉන්නයි පුරුද්ද
යකෝ එහමත් ඉඳල හෙව්වේ අපේ දවසේ වැරැද්ද..!!
ඇඳේ පැයකට නාඩි වැටුනොත් එහෙම කියලයි ප්‍රසිද්ධ
මිනී මැරුවත් රටේ ලොකු උන් නොදැක ඉන්නයි පුරුද්ද
යකෝ එහමත් ඉඳල හෙව්වේ අපේ දවසේ වැරැද්ද..!!
අතේ සතයක් නැතුව පොදු ජන බඩේ ඇවිලෙයි ගින්දර
රජේ චැනලයෙ පුවත් චීනය ඇමරිකාවත් පහුකර
කඩේ යන විමසුම් අසාගෙන අනේ ලියනා සුන්දර
බඩේ වේළුණ ගතිය බුරුලට යනව නැතුවත් දොස්තර...
රජේ චැනලයෙ පුවත් චීනය ඇමරිකාවත් පහුකර
කඩේ යන විමසුම් අසාගෙන අනේ ලියනා සුන්දර
බඩේ වේළුණ ගතිය බුරුලට යනව නැතුවත් දොස්තර...
අයියෝ මාධ්්‍යය...
2014-10-16T08:25:00-07:00
මචං
සඳැස්|
Comments (0)
කෝච්චිය එනකං...
8:04 AM
ඈතින් රතු පාටට ඉර බැහැගෙන යද්දි මට දැනුනෙ මම දකින අන්තිම ඉර එලිය මූසල රස්නයක්..
පාලම උඩ රේල් පාරෙ වාඩි වෙලා කළුතර බෝධියට පිටු
පාල අරක්කු බෝතලෙන් කාලක් කළු ගඟට හලන ගමන් මල්ලෙ තිබුන ග්‍රැමක්සෝන් බෝතලේ අතට ගත්ත. බෝධියේ කොල ඉඹගෙන ආපු හුළඟකට අරක්කු ටික මුහුද පැත්තට පා වෙලා ගියා. ගිය සතියෙත් මේ වගේම වෙලාවක රුවිනි එක්ක කළුතර චෛත්තිය වටේ රව්මක් ගිහින් රැල්ල පාගන්න ආසයි කියපු නිසා මුහුද පැත්තට එක්ක ගෙන ගියා.. ඒ අපි බැඳල හරියටම අව් රුද්දක් ගෙවෙන දවස..පාලම උඩ රේල් පාරෙ වාඩි වෙලා කළුතර බෝධියට පිටු
මාලක අපි දෙන්න මැරෙනකන්ම මේ වගේ ආදරෙන් ඉමු.. එයා එහෙම කියල මගේ අතේ එතිල උරහිසට ඔලුව බර කලා
කලු කූඹි දෙන්නෙක් සිල්බර කොටයක් දිගේ වේගෙන් වේගෙන් මගේ පැත්තට ආව.
"බම්බුව තමයි" මම පිටි පස්සෙන් ආපු කූඹිය මහපටැඟිල්ලෙන් චප්ප කරල දැම්ම.
කලු කූඹි දෙන්නෙක් සිල්බර කොටයක් දිගේ වේගෙන් වේගෙන් මගේ පැත්තට ආව.
"බම්බුව තමයි" මම පිටි පස්සෙන් ආපු කූඹිය මහපටැඟිල්ලෙන් චප්ප කරල දැම්ම.
හරිම රස්නෙයි බබා.. ඔයා බෑග් එකේ ට්‍රිප් එක ගිහින් ඉතිරි වුන බීම බෝතලයක් දාගෙනා ආව නේද..? අපි පොඩ්ඩක් අතනින් වාඩි වෙලා උගුරක් දෙකක් බීල යමුද..?
අරක්කු බෝතලේ ඉතිරි ටික පිරෙන්න ග්‍රැමක්සෝන් පුරවල හොලවන ගමං මම පාලමේ ඇන්දකට බර වුනා..
හ්ම්ම් ඔයා බොන්නෙ නැද්ද.. ??
මට එපා මම වතුර ටිකක් බොන්නම්. ඔයා ඕක බීල බෑග් එකට දාන්න.
අර බලන්න මාලක රැල්ල.. හරී ලස්සනයි යමුද හුලං වදින්නත් එක්ක පොඩ්ඩක් රැල්ල පාගන්න.. එහෙම කියපු රුවිනි මාවත් ඇදගෙන මුහුද පැත්තට දිව්ව. එදා තමයි අපි ජීවිතේ විඳපු අන්තිම ලස්සනම දවස..

මාලක මට කරකැවිල්ලයි වොමිට් වෙන්න වගේ.. අපි යමු..
ම්ම්.. කරකැවිල්ලයි..? එහෙම කියල විහිලුවට වගේ රුවිනි දිහා බලල හිනා වුනාට එදා මට ඇත්තටම දැනුනෙත් මම තාත්ත කෙනෙක් වෙන්න යනවාදෝ කියල හැඟීමක්..
විහිලු නෙමේ පිස්සො ඇත්තටම මට මොකද්දෝ අමුත්තක් දැනෙනව.. මම රුවිනිව වත්තං කරගෙන කාර් එක පැත්තට ආවත් මගදි එයා එන්න අමාරුයි කියල බිම වාඩි වුනා..
කෝච්චිය එන්න තව ගොඩක් වෙලා තියනව. දැම්ම බොන්න පටන් ගත්තොත් මට කෝච්චිය එනකන් ජීවත් වෙන්න බැරි වෙනව.. ඒ නිසා ඉතිරි වස බෝතලේ ගඟට විසි කරපු මම කවලම් කරපු අරක්කු බෝතලේ තුරුල් කරගෙන පාලම් ඇන්දටම හේත්තු වෙලා ඈත බලාගෙන හිටිය..
ම්ම්මාලක.. අර ට්‍රිප් එක ගිය ශුදු උශ බෝයි ඌ හරි හොඳ එකා නෙහ්.. රුවිනි ගොත ගගහ එහෙම කියල කවදාවත් හිනා නොව්නු විදියට මහ හයියෙන් හිනා වුනා..
රුවිනි ළමයො ඔයාට මොකද වෙලා තියෙන්නෙ..??
ට්‍රිප් එක ගිහින් ඇවිල්ල මහන්ශියට ඔයාට කලින් නින්ද ගියා.. අන්තිමට ඌට නවතින්න මහ රෑ කාමරේ අස් කරන්න වුනෙත් මට.. මට කියන්න මාලක.. මම වැරදියිද ඒ වෙලාවෙ කාමරේට ගියපු එක..??
රුවී මොනාද පැටියො මේ කියවන්නෙ ම්ම්..? අපි යමු මම ඔලුව අතගාන ගමන් එයාව නැගිට්ටවන්න හැදුව..
මගේ ඇඟ තරහෙන් වෙව්ලන්න වගේ,, අම්මප මට තිබුනෙ ඒ කිව මරල මේ ගමන එන්න..
ඔබ දැං කීවත් කඳුලු ෂලා.. මට ආදරේ කියා - හිත ගිය තැනකට තුරුල් වෙලා ගෑනියෙ නොවෙනු මුලා..
තෝ දැං කිව්වත් කඳුලු.. අඩේ මල්ලි පුතේ මොකද මේ රත්තරං ඩිංගට තියන බෝතලේ තුරුල් කරගෙන ශෙට් වෙන්න කව් රුවත් නෑ..??
තෝ දැං කිව්වත් කඳුලු.. අඩේ මල්ලි පුතේ මොකද මේ රත්තරං ඩිංගට තියන බෝතලේ තුරුල් කරගෙන ශෙට් වෙන්න කව් රුවත් නෑ..??
අම්මප නිදහසේ මිනිහෙකුට මැරෙන්නවත් නැති හැටි.. මේ අංකල් කෑවනං බිව්වනං පාඩුවෙ වැඩක් බලාගෙන යනවකො..
මටත් ගෙදර යන්න ඕන සත්තලනේ.. ඒ ත් මේ වෙලාවට තමයි නෙල්සන් මුදලාලි අපේ ගෙදට්ට රිංගන්නෙ.. මට උං එක්ක හැප්පෙන්න බෑ බං කොල්ලො..
බලාගෙන ගියාම ඌ ත් මගේ ගොඩේම එකෙක්. මමත් ට්‍රිප් එකක් ගිහින් එද්දි රෑ බස් නැති නිසා යාලුවෙක්ගෙ යාලුවෙක්ව දවසකට ගෙදර නවත්ත ගත්ත නිසානෙ මේ සේරම කරදර.. නෑ ගෙදරට මිනිස්සු ගෙන්න නොගෙන පරිස්සං කරන ගෑනුන්ගෙන් ඇති වැඩේ මොකද්ද..? මේක ගෑනු ජාතියේ වැරද්ද.. ඌ කොල්ලෙක් . ඌ හරි..
අංකල් අපිට ගෑනු හදන්න බෑ. කරන්න තියෙන්නෙ අපි වෙනස් වෙන එක..
අම්මප පුතේ අන්න කතාව. දැං පුතාටත් එහෙම අස්පට් එකක්ද ..? කොහොමද පුතේ අපි දැං හැදෙන්නෙ..?
මම ඒ කට විසඳුමක් හොයා ගත්ත අංකල්..
ශා.. ඔන්න පුතේ අද තමයි බීල ඉබාගාතෙ යන එකේ අරුතය හොයා ගත්තෙ,.. මොකද්ද පුතේ විශ දුම..?
අංකල් මේ බෝතලේ සැන්ඩි කරල තියෙන්නෙ ග්‍රැමක්සෝන් වලින්. මේක ශොට් එක ශොට් එක දාගන්න ගමන් කෝච්චියක් එනකන් මෙතන වාඩි වෙලා ඉමු. පස්සෙ අපි කෝච්චියට හැප්පිල කලු ගඟට විසි වෙයි. හෙට උදේ මාලු කාල ඇස් එලියට පැනල මේ ඇඟ පාවි පාවි තියෙයි.. එතකොට සේරම ඉවරයි.. සේරම ඉවරයි... මගේ ඇඟේ රෝම කූප පවා තරහෙන් ගිනියම් වෙන්න ගත්ත..
අංකල්ගෙ වෙරි හිඳිල ඇස් උඩ ගියා..
රුවිනි මොනවද මේ කියවන්නෙ ළමයො.. පිස්සු හැදිලද..?
මට ෂමාවෙන්න මාලක.. අපි ඒ කෝල්ලට ආපහු එන්න කියමුකො ඩිනර් එකකට.. අනේ ...
රුවිනි මොනව දොඩවනවද මන්ද..එයාව උස්සගෙන කාර් එක පැත්තට එද්දි ෆෝන් එක රිං වෙන්න ගත්ත..
හෙලෝ මචං මාලක කොහොමද..?
මචං සෙනා මම පොඩි හදිසියක ඉන්නෙ. උඹට මම කෝල් බැක් කරන්නම්..
හරි හරි මචං මම නිකං ගත්තෙ.. මේ තියන්න කලිං පොඩ්ඩක් අහපන්
කියහන් සෙනා ඉක්මන්ට මම පොඩි හදිසියක..
මචං එදා හෝර්ටන් ප්ලේන්ස් යද්දි ඇතුලට බඩු කලවම් කරල ගෙනියපු කෝක් එක මිස් වෙලා උඹලගෙ බෑග් එකකට දාල වගේ.. මට හරියටම මීටර් නෑ. පොඩ්ඩක් බලල තිබ්බොත් විසි කරපං..
මොකා.. කෝක් එක..? අරක්කු කවලං කරපු..?
මම රුවිනිගෙ කටට නහය කිට්‍ටු කරල බැලුව..
මාලක.. මම මොනා කියවනවද මංද ෂුදූ... මට කාර් එක ඩ්‍රයිව් කරන්න ඕන. යං.. 160 ට වඩා ශූට්ටක් වේගෙං .. ඕ...ඕක්.. රුවිනි වමනෙ කරපු පාරට මගේ ඇඟම තෙමිල ගියා. ඒ ත් ඊට වඩා ලොකු දේකිං මගේ ඇස් තෙමිල තිබුනෙ සෙනා ගෙ කෝල් එක කට් කරද්දිමයි...
ගොඩක් මිනිස්සු බිව්වම තමයි තමන්ගෙ ඇත්ත චරිතෙ එලියට දාන්නෙ. දැං බලන්න පුතේ ගෑනු හැමදාම හොඳ වෙලා පිරිමි වනචර තක්කඩි මෙලෝ රහක් නැති සෙට් එකක් ගානට වැටිල තියෙන්නෙ ඇයි..? පුතා දන්නවද..?
නෑ,,
ඇයි මල්ලි, ශොරි පුතේ.. ගෑනු බොන්නෙ නැති නිසා.. අපි බීල සේරම කියවනව. උන් නොබී ඒ ව අහන් ඉඳල බනිනව..
බලාගෙන ගියාම කැම්පස් එකේ අව් රුදු හතරක් ඉඳල ආශ්‍රය කරපු උන්ට වඩා මේ බේබද්ද මාරයිනෙ..
අංකල් කතා කර කර ඉන්න වෙලාවක් නෑ ට්‍රේන් එක එන්න වෙලාව කිට්‍ටුයි. අංකල් දැං ගෙදර යන්න. මම තීරනයක් අරගෙන ආවෙ. දැං මට සේරම නැති වෙලා ඉවරයි.. මට මැරෙන්න විතරයි ඉතුරු වෙලා තියෙන්නෙ. ප්ලීස් අංකල් වාතයක් නොවී දැං ආපු පැත්තටම යනවද..?
පුතා පුතා මම බිව්ව තමයි. හැබැයි වෙරි නෑ.
පුතේ අපි මේ සංස්කෘතිය ඇතුලෙ හිර වෙලා ඉන්නෙ.. බලන්න අපේ පංචේන්ද්‍රය ඒ කියන්නෙ ගැනි උයන මාලු කෑල්ල ඔෆිස් එකේ යාලුවට දීල ඌ රහයි කියනවට පුතා සතුටුයි.. පාරෙ හම්බ වෙන යාලුවො පුතාගෙ බිරින්ඳැ නංගි දිහා බලල ලස්සනයි කියනවට පුතා කැමතියි.. පුතාගෙ දුව එක්ක කතා කරපු මනුස්සයෙක් එයා කතා කරන විදිය කට හඬ සුවීට් කියනවට පුතා කැමතියි.. මගුලක පාර්ටියකට දූ අතේ එල්ලගෙන යද්දි සැන්ට් පව්ඩර් ටිකක් උලල ගිහින් ඒ වගෙ ඉන්න මිනිස්සු පුසුඹට කුලප්පු වෙලා කෙල්ල දිහා බලද්දි පුතාට ආඩම්බරයි..
ඔව් ඔව් අංකල් දැං මොකද්ද කියන්නෙ..
හරි කොල්ලො දැං පංචේන්ඩ්‍රයන්ගෙන් ඇස කන නාසය දිව කියන 4ම කෙල්ල ලෝකයා සතුටු කරද්දි ආඩම්බර වෙලා කැමති වෙලා තමංගෙ පව්ල වෙන මිනිහෙක් ස්පර්ශ කරනවට විතරක් අකමැති ගෝත්‍රික ලක්ශනේ අපේ මිනිස්සුන්ට ආවෙ කොහෙන්ද..?
අනේ අංකල් මේ මගෙන් කුනුහරප අහගන්නෙ නැතුව යනවද පව් නොදී.. අංකල්ට බලං ඉන්න පුලුවං වුනාට පිරිමියෙක්ට එහෙම කරන්න බෑ..
පුතාට තරහ යනවනෙ ඉතිං. මැරෙන්න හිත හයිය කර ගන්න පුලුවන් මිනිස්සු ජීවත් වෙන්න ඕන පුතා.. ඒකනෙ මම මේ කියන්නෙ
මැරෙනව කියන්නෙ හැම ප්‍රශ්නෙකටම ගැලපෙන්න හොයල දීපු උත්තරයක් නෙමේ.. ඒක තේරෙන්න එක පාරක් හරි මැරිලම බලන්න ඕන සනා..
මැරෙනව කියන්නෙ හැම ප්‍රශ්නෙකටම ගැලපෙන්න හොයල දීපු උත්තරයක් නෙමේ.. ඒක තේරෙන්න එක පාරක් හරි මැරිලම බලන්න ඕන සනා..
මම එයාට කියන්න තියන හොඳම ඒවගෙන් අමතලා කනටත් එකක් ගහල ආවෙ.. ආපහු අපි අතරෙ සම්බන්ධයක් නෑ..මට ජීවත් වුනා කියල කරන්න දෙයක් නෑ.. ඒ කයි මම මැරෙන්නෙ.. ජීවිතේ එපා වෙලා නෙමෙයි..
හරි පුතා දැං ඔයාට මැරෙන්නමනෙ ඕන කියන්නෙ..මේ මෙතන කතා කර කර ඉඳල වැඩක් නෑ.. කෝච්චිය එන්න තව වෙලා තියනව.. යං අපේ ගෙදර.. මම ගාවත් ඉතුරු වුන කොට කෑල්ලක් ඇති යමු ජීවිතේ අන්තිම පාරට විනාඩි පහ හයකට සෙට් උන උඹ වගෙ එකෙක් එක්ක මට ආසයි එක වීදුරුවක් බොන්න.. දැං අරුත් ගිහින් ඇති..

මගේ හිත වෙනස් වේදෝයි මා තුලම බියක් ඉපදීමට පටන් ගෙන තිබුනි, ඉක්මනින් ඉක්මනින් සියල්ල නිම කළ යුතුය.. වස කවලම් කළ බෝතලයද පපුවට තද කරගත් මා ඉබේ මෙන් නැගිට්ටවුනි..
යමු අංකල්.. කෝච්චියේ නළාව ඇහෙනකන් සව්දිය පුරමු...
ඔහු අමුතු විදියට මා දෙස බලා සිනාසුනි..
යමු පුතා හැබැයි මට ඔය බෝතලෙන්නම් බොන්න බෑ.. ..
යමු අංකල්.. කෝච්චියේ නළාව ඇහෙනකන් සව්දිය පුරමු...
ඔහු අමුතු විදියට මා දෙස බලා සිනාසුනි..
යමු පුතා හැබැයි මට ඔය බෝතලෙන්නම් බොන්න බෑ.. ..
කිලෝමීටර බාගයක් පමන අපි ඇවිද ආවෙමු.රෑ බෝ වී නිවසට එන විට රුවිනි මී පැටවෙකු මෙන් ජනෙල් රෙද්දකින් ඔලුව දමා මාදැයි සැක හැර දැන දොර ඇර මා පිලිගනා අයුරු අඳුර අතරෛන් මැවී පෙනුනි.. ඒ සුන්දර දවස් වල අවසාන පරිච්චේදයට අප එළැඹ ඇත.. ඇත්තටම ඇය කළේ වරදක්ද..?
පට්ට බැල්ලි.. උඹල වගේ ගෑනු තමයි බස් වලට නැග්ගත් අහිංසක කොල්ලෙක් අල්ලන් පත්තිනි අම්මල වෙන්න හදන්නෙ..
මහත්තය ඔය යාන්තමට එලියක් තියෙන්නෙ මගේ ගේ පොඩ්ඩ.. මම පිටිපස්සෙන් කකුල් දෙක හෝදගෙන එන්නං.. මහත්තය ඉස්සරහින් දොරට තට්‍ටු කරන්නකො.. පව්ල දොර අරීවි..

මෙ මේ අංකල්.. කොහේ යනවද මංද මේ යකත්..
මම ලෑලි දොරට දෙවරක් තට්‍ටු කළෙමි..
කිරි කිරි හඬින් විවර වූ දොර පලුව අතරින් මැදි වියේ එහෙත් තවම තාරුණ්්‍යය හැර දමා යාමට නොහැකි බව පවසන මුහුනක් මතු විය..
මම ලෑලි දොරට දෙවරක් තට්‍ටු කළෙමි..
කිරි කිරි හඬින් විවර වූ දොර පලුව අතරින් මැදි වියේ එහෙත් තවම තාරුණ්්‍යය හැර දමා යාමට නොහැකි බව පවසන මුහුනක් මතු විය..
කාව හම්බ වෙන්නද මහත්තය..?
ආ මම අංකල් එක්ක ආවෙ.. මට මේ පැත්තෙන් එන්න කියල ඔය පිටි පස්සෙන් ආවෙ.. කමක් නෑ අංකල් එයි .. මම එතකන් මෙහෙන් ඉන්නම්..
නෑ නෑ එන්න මහත්තය ගෙට..
ආ මම අංකල් එක්ක ආවෙ.. මට මේ පැත්තෙන් එන්න කියල ඔය පිටි පස්සෙන් ආවෙ.. කමක් නෑ අංකල් එයි .. මම එතකන් මෙහෙන් ඉන්නම්..
නෑ නෑ එන්න මහත්තය ගෙට..
දුප්පත් පැල තුල කුප්පි ලාම්පුවැ දැල්ල නිසා කලු වී ගිය මැටි බිත්ති අමුතු රටාවක් මවා තිබුනි..
එයා එන්න පරක්කු වෙයි මහත්තයෝ.. හීතලයි නේද මම තේ කහට එකක් රත් කරන් එන්නම්..
පෙරවාගෙන සිටි රෙද්ද පුටු කබල මතට දමා ඇය අව්ල් වී ගිය කෙස් වැටිය සකස් කරන්නට වැයම් කළාය.. ලාම්පුවේ තිරයෙන් නිකුත් වන මලානික එලියට ඇය වඩාත් දිලිසුනාය..
කරදරයක්ද මන්ද.. මම ලැජ්ජාවෙන් අරක්කු බෝතලය පුටුව යටින් තැබුවෙමි..

අංකල්කාරය කකුල් හෝදන්න කියල කොහේ ගියාද මන්ද.. මට පරක්කුත් වෙනව.. මම ඇගේ සීනු අඩුවෙන් දැමූ දුප්පත් කහට වීදුරුවේ වෙනත් රසයක් තොල ගාමින් සිටියෙමි..
එයාගෙ හැටි ඔහොම තමයි මහත්තයෝ ඔය මනුස්සය අද එන්නෙ නෑ..
මොනව..?
මගේ හිත තුල ගොඩ නැගුනු හැඟීම් මේ මේ වායැයි වෙන් කිරීමට කාලයක් ඉතිරි නොවී කාමරය එක් වරම අඳුරේ ගිලුනි..
හෙට උදේටවත් තෙල් බෝතලයක් ගේන්න ඕන මහත්තයෝ ලාම්පුවට දාන්න..

රාත්‍රී දුම්රිය කිහිපයක්ම මහ හඬ නගා ගෙන යනවා ඇසුනි..
ඒවායේ නලා හඬවල් මාගේ ආත්මය විනිවිද ගිය හූ හඬවල්දෝ වරෙක මට සිතුනි..
වරදකාරී හැඟීම් සමුදායක් මැද මා මැටි පොලවක නන්නාදුනන ගැහැනියක් අසල වැතිර සිටියෙමි..
උදෑසන දුරකතනය නාද වීමත් සමග හදිසියේ ඇහැරුන මා හට නිදි බර ඇස් අතරින් ඇයගේ අංකය බොඳ වී පෙනුනි..

හෙලෝ..
මාලක.. මම වැරදි හදාගන්නම් ප්ලීස් මට ඔයා නැතුව ඉන්න බෑ ගෙදර එන්න.. මම කකුල් අල්ලල සමාව ගන්නම් අනේ ගෙදර එන්න මාලක.. ආපහු කවදාවත්ම එහෙම දේවල් වෙන්නෙ නෑ.. ඇයගේ දුක් බර වචන අතරේ කඩා හැලෙන කඳුලු වල හඬ දුර කතනයෙන්ද ඇහෙන්නාක් බඳු විය..

ඒක වැරදීමක් නෙමේ හැඟීමකට අත්වැරදීමක්.. පරිස්සමින් ඉන්න මම ගෙදර එනව.. අවසානයේ මගේ වචන වෙනදා ආදරණීය ස්වරයෙන්ම මුමුනනු මට ඇසුනි
ඔය ඇත්තමද..? ඉක්මනට එන්න . ඔයාට කියන්න සුභ ආරන්චියක්කුත් තියනව වගේ දැනෙනව..
මා වරද කරුවෙකු කර නිවැරදි කළ ඔහු අපූරු පුද්ගලයෙක්.. ඊයේ සියලුම දේ අහිමි වී සිටි මා ලෝකයක් දිනූ තරම් සතුටක් විඳින්නෙක්.. සැබැවින්ම මිනිසුන් අතින් සමාව දිය හැකි දරුණු වැරදිදද සිදු වේ...
මම කඩි මුඩියේ ඇඳුම් පටලවා ගතිමි.. අලුයම හිරු එලිය වහලයේ සිදුරු අතරින් මුහුනට වටේ.. දුම්රියක් වේගයෙන් කොළඹ දෙසට ගමන් කරයි.. දැන් මට අංකල්ට හෝ ඔහුගේ බිරිඳට මුහුණ දිය නොහැක.. අඳුරේ සිදුවන වැරදි එලියදී පුපුරා අලු වී යන උල්කාපාත බඳුය..
මහත්තය තේ කහට එක බීලම ගියානම්..

මම බිම බලාගෙනම කහට කෝප්පය අතට ගත්තෙමි. ජනේලය් දාරයෙන් රේල් පාරේ මිනිසුන් ඇත්දැයි විමසිලිමත් වීමි..
මොකද මහත්තය බයෙන් වගේ.. හදිසියෙන්ම දුවන්න හදන්නෙ..?
කහට කෝප්පය උගුරට දෙකට හලා ගත් මම ලෑලි දොර විවර කරමින් අඩියට දෙකට එලියට ආවෙමි.. යාලු වූ මුල් දවස්වල මෙන් මට රුවිනි බැලීමේ අමුතු ආශාවක් ඉපදී ඇත..
මම ගිහින් එන්නම්.. අංකල් දැම්ම එයිද..? මම ඇගේ මුහුණ බැලීමට අපහසුවෙන් බිම බලාගෙනම විමසීමි.. එහෙත් ඇයද අ ස්වාමිපුරුශයා සේම මා මෙතෙක් දුටු ලෙංගතු එකතරා විදියක චරිතයකි..

එයා එන්නේ නෑ මහත්තයෝ..
ඒ මොකද ඒ..? ඊයෙ ආවෙ මෙතෙන්ටම...
ඔතනට විතරයි එයා එන්නෙ.. ඔය තියෙන්නෙ එයාගෙ සොහොන..
මොකා.. ??
විදුලිය එක් වරම විසංඳි වී ගිය කර්මාන්ත ශාලාවක් මෙන් මගේ ශරීරයේ සියලු අංගෝපාංංග මොහොතකට ක්‍රියාවිරහිත වූවා වැනිය...
මගේ වැරදි නිසා දවසක් තරහ ගිහින් එයා ඒ වෙලාවෙ ආපු කෝච්චියකට පැන්න.. ඇයගේ මුහුනේ දුකක් කිසිම හැඟීමක් නොවීය.. මගේ මුව විවර වී ඇස් වලින් ඇයට සවන් දෙනවා මෙන් ලොකු වී ඇය දෙස බලා ගත්වනම සිටියේය..
අවෘද්දකට වතාවක් දෙවතාවක් මෙහෙම හදිසි තීරන ගන්න ආපු අය එයා ගෙදර එක්කගෙන එනව.. සමහර මිනිස්සු වරදක් කරාම ඒ ගැන වඩා හොඳ අව්බෝදයක් ලබා ගන්නව.. එයා ඒ නිසයි එයා එක පාරක් කරපු වරද මහත්තයට කරන්න නුදුන්නෙ. ඒ ක මහත්තයට වගේම නෝනටත් තේරිලා ඇති.පිරිමි කරන වැරදි සල්ලාල සෙල්ලක්කාරකම් වෙලා ගෑනු කරන වැරදි වනචරකම් විදියට දකින්න එපා. එක පාරක් සමාව දීල බලන්න මහත්තයා.
දැන් ගෙදර යන්න..
රුහුණු කුමාරියේ නලා හඬ වා තලය කපාගෙන ඇසුනි
මම දුම්රිය නැවතුම වෙත දිව ගියෙමි...

2014-10-16T08:04:00-07:00
මචං
කෙටි කතා|
Comments (0)
තුන්වෙනි ලෝකයේ දියුණු වෙමින් පවතින කැලයක්..
8:00 AM
ඒකක අනූව පනින නිසා දැං කලිං නිදයි රෑ බදුල්ලෝ
පාරක යන්නෙත් ලයිට් නිවාගෙන කනාමැදිරියොත් ගරිල්ලෝ
පාං කෑල්ලත් ඇම බව දැන දැන බඩගින්නට කන කටිල්ලෝ
ගේ බද්දට දී ලෝන් ගෙවාගෙන හූල්ලනව වඩු කුරුල්ලෝ..
පාරක යන්නෙත් ලයිට් නිවාගෙන කනාමැදිරියොත් ගරිල්ලෝ
පාං කෑල්ලත් ඇම බව දැන දැන බඩගින්නට කන කටිල්ලෝ
ගේ බද්දට දී ලෝන් ගෙවාගෙන හූල්ලනව වඩු කුරුල්ලෝ..
මාල ගිරවියත් පණු ගිරවෙකි දැං සින්න වෙලා බැංකුවෙ මාලේ
හූනෙක් මැකුවා පිටේ ටැටූ එක, "කබර" වගේ පෙනෙනා කාලේ
ශීත නිසා සංචාරයකට ආ කිරිල්ලිටත් මහ වැඩේ කොළේ
පාට වැටුණු කැස්බෑවෙකුටත් දැං පාරෙ යන්න බැරි කලක් බොලේ...
හූනෙක් මැකුවා පිටේ ටැටූ එක, "කබර" වගේ පෙනෙනා කාලේ
ශීත නිසා සංචාරයකට ආ කිරිල්ලිටත් මහ වැඩේ කොළේ
පාට වැටුණු කැස්බෑවෙකුටත් දැං පාරෙ යන්න බැරි කලක් බොලේ...
"ප"යන්න පායන්නවත් නොදන්නා අනේ අහිංසක නයි පැටව්න්
හැදෙන්න කලියෙන් ගිලින්න බලනා වටේට ඇනකොණ්ඩා ගැටවුන්
හැමදාමත් සිංහයාට රජකම සද්දෙ දාන්නෙම කටු කනවුන්
හැට පැන්නත් වාසිය දැක්කානං ඕන දුරක් පනිනව රිලව්න්..
හැදෙන්න කලියෙන් ගිලින්න බලනා වටේට ඇනකොණ්ඩා ගැටවුන්
හැමදාමත් සිංහයාට රජකම සද්දෙ දාන්නෙම කටු කනවුන්
හැට පැන්නත් වාසිය දැක්කානං ඕන දුරක් පනිනව රිලව්න්..
වඳවෙන ජාතිය වල්ල පට්ට බං නැත රැක ගන්නට සේනානම්
කිකිළියො වර්ජන ඊ ළඟ වලියෙදි බිත්තර සහිතික මිල නැත්නම්
බඹරුන් වාගෙයි මී මැස්සොත් දැං රටින් ගේන මල් වල සෙල්ලම්
දළ ඇති ඇත්තුත් එකෙක් කැලේ නෑ තහනම් උන්ටත් ෆුල් ෆේස්නම්
කිකිළියො වර්ජන ඊ ළඟ වලියෙදි බිත්තර සහිතික මිල නැත්නම්
බඹරුන් වාගෙයි මී මැස්සොත් දැං රටින් ගේන මල් වල සෙල්ලම්
දළ ඇති ඇත්තුත් එකෙක් කැලේ නෑ තහනම් උන්ටත් ෆුල් ෆේස්නම්
තුන්වෙනි ලෝකයේ දියුණු වෙමින් පවතින කැලයක්..
2014-10-16T08:00:00-07:00
මචං
සඳැස්|
Comments (0)