සූස්තිය
රෝල් කරපු ජීවිතේ හෙමි හෙමින් අදින්නට ...

යශෝධරා, දෙමි වරදට සමාව...!!

Labels:

නැගුණු පුර හඳ වගේ ඉස්සර නුඹත් හද නුබ ගැබ පලා
කියන්නත් කලියෙන් මගේ හිත ගියා දිය මත දිය වෙලා
මමත් ඇවිදින් නුවර වැට ළඟ විදින හී හිටියා බලා
දොළොස් ශිල්පය මවා දොරකඩ රජෙක් නුඹ හොරකම් කළා
පුරුෂ චර වර වැ‍ටුණු ඉවකට නුඹුට බැඳි පෙම නොමැති කුලවත්
‍රැගෙන සේනා පොඩි කළා මා බළල් පැටියෙකු දු‍ටුව ලෙස ඇත්
මතක් වී දෝ මූ හොඳයි අර රජුට වැඩියෙන් වුවත් දුප්පත්
බිමබලා ගෙන මාව දැක්කම අද උදෙත් හැංගුණා දෙව්දත්
ඇහෙන විට නුවරින් කිඹුල් වත් ල‍තෝනිය මංගල බෙර
දුක දැනී උණු වී ගියා කලු ගල් පවා කෝලිය පුර
ගියත් ‍රැවටී ධනය බලයට සොයා පිම්බුණු හිමගිර
මුකුත් නැති බව පසක් වෙන්නැති නුඹට දැමුවම දියකර
නැතත් රජ සැප පිරුණු මැදුරකි ආදරේ දුප්පත් පැල
අඳුරු මතකය ගලකි නේරංජනා නදියට විසි කළ
තවම නැත නුඹ පමා එන්නට කුමට සොඳුරිය පති කුළ
මමය කියලා කියමු දවසක පියා ඇහුවොත් රාහුල

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

Followers

Powered by Blogger.