සූස්තිය
රෝල් කරපු ජීවිතේ හෙමි හෙමින් අදින්නට ...

ගල් කල හිත්....

Labels:

අඹා සෙල් වඩුවන්ගෙ සිතැඟිය මගේ උකුලේ ගෙන ඉඩක්
කියා සාලිය මවා ලෝකෙට කියන මුත් මම වෙන එකෙක්
අශෝකා නුඹ මගේ කකුලට වගේ හිතටත් දෙන බරක් 
සමාවෙනු මම එදා ඉඳලම ප්‍රේමයට අකමැති ගලක්..
කළා වැව ළඟ දණ නවාගෙන වැඳුම් කරනා ලෝකයක්
කෙටූ ගල් මත බලෙන් අල්ලා මමත් අව්කන පිළිමයක්
ලිහා දෙනු මැන සිව් ර හැකිනම් ඒ ක නිවනට යන පිනක්
එපා මා හිමියන් කියන්නට මමත් පෙම් කරනා ගලක්..
රෝස තිරිවානාව රත් කල මමත් කස්සප වගෙ රජෙක්
ඌ ට සැඟ වී ඉන්න දුන් කරුමයට විය ලෝ උරුමයක්
ධේනුවක් නැති වෙලා කුමටද නමට මට කේසර ඇඟක්
මකා දාපං උන්ගෙ පියයුරු මමත් ආශා ඇති ගලක්
පලා පෙති ඇඳ වැසූ සඳ කඩ පහන නිරුවත් ගැහැනියක්
හිනා වෙනවා දෙපස මුරගල් වෙලාවක හරි කෝලමක්
දෙපා දැවටෙන දූලි අතරේ කොහේ රකිමිද පතිවතක්
එදා මේ කරුමය නොවන්නට මාත් අද වැදගත් ගලක්...

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

Followers

Powered by Blogger.