සූස්තිය
රෝල් කරපු ජීවිතේ හෙමි හෙමින් අදින්නට ...

ජාත්්‍යන්තර සිනමාව සහ ලාංකික සමාජය

Labels:

හොලි බොලිවුඩ් වලින් ගෙනෙනා වින්දනය
සිරි ලක මහ මගත් ඇත මන නන්දනය
පිටපත ආගමට බර කළ චින්තනය
එනමුත් දිගට වෙඩි තියනා දර්ශනය
තෙළිඟු දෙවැනි කල ආදර අන්දරය
එල්ලිල මැරෙන කට් එකටම සුන්දරය
රජවරු අතේ බල විදිනා යන්තරය
කුඩු හෙරොයින් නළුවො ටික නං ගින්දරය
චරිතය උපරිමයි අරගත්තට කුලිය
ගණිකාවක්ද හිතෙනා තරමට නිළිය 
පොලිසිය දෙමළ ඒවගෙ වාගෙම ජොලිය
ඇමතිල බෲස්ලිට හුජ්ජා යන වලිය
ගුවන් ත්‍රාස භීතිය ගත් තොටවල්ය
මිනී මැරුවෙ පිටසක්වල පොරවල්ය
ධනපති පුත්තු බැලුවම හරි හුරතල්ය
එනමුත් රඟන සේරම කො‍ටු ගොඩවල්ය
කප්පං දෙබස් බලයෙන් දුන් දරුවන්ය
කෞතුක නිදන් මාලාවම අවසන්ය
කැලයෙන් ගෙනත් හීලෑ කළ කොටියන්ය
ගුටි කන චරිත අපිටත් දැං පුළුවන්ය..

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

Followers

Powered by Blogger.