හලල සාහිත පිටු රටේ මිනිසුන්ට හරවත් විස්තර
කිකිණි මංගල සීනු කිය කිය කපු කමක් දෙකකුත් කර
පරණ වාහන කුලී කාමර කුරුඳු තේ පොල් අක්කර
තට්ටයන්ටත් පනා විකුණන කිලෝවක් බර පත්තර..

ලං කළේ රේඩියෝවෙන් පෙර දිනේ රසබර වගාව
මුං කරන්නේ මර්කෝනිට පවා බැලුවම නිගාව
ටිං බෙලෙක් හඬ එකම දොඩවන සිංහලත් බැරි නගාව
කං වහං හරි අහං හිටියොත් අතට දෙනවා පගාව...

අහර පිසිනා සිංදු බෙදනා නමට ක්‍රීඩා නාලිකා
අපිට වැඩියෙන් ආයු විඳිනා මෙගා දුවනා චාරිකා
පුංචි උන්වත් විකුණ ගෙන කන මවා පෙන්නන තාරකා
රත්තරං දෙනවාලු පැය දෙක බලා හිටියොත් රෑ නොකා

නිවේදනයට රූපවාහිනි කපයි පොල් පිති වලින්ද
ඇඳේ පැයකට නාඩි වැටුනොත් එහෙම කියලයි ප්‍රසිද්ධ
මිනී මැරුවත් රටේ ලොකු උන් නොදැක ඉන්නයි පුරුද්ද
යකෝ එහමත් ඉඳල හෙව්වේ අපේ දවසේ වැරැද්ද..!!

අතේ සතයක් නැතුව පොදු ජන බඩේ ඇවිලෙයි ගින්දර
රජේ චැනලයෙ පුවත් චීනය ඇමරිකාවත් පහුකර
කඩේ යන විමසුම් අසාගෙන අනේ ලියනා සුන්දර
බඩේ වේළුණ ගතිය බුරුලට යනව නැතුවත් දොස්තර...