සූස්තිය
රෝල් කරපු ජීවිතේ හෙමි හෙමින් අදින්නට ...

පංචේන්ද්‍රය ශඩේන්ද්‍රය වූ කල්හි හෙතම පිස්සා නම් විය...??

Labels:

නගරෙ දුම්රියපොළේ පීඩිත පංතියේ කොනකට වෙලා
තනිව පිස්සෙක් හඬයි වැලපෙයි තවත් විටකදි හිනැහිලා
සම්ප්‍රදායික උපැස මොහොතක් උගේ අභිමුව ගලවලා
දුවන ජීවන ගමන නවතා මදක් බැලුවෙමි නැවතිලා
ඉ රුණු සරමට වැහුණු නිරුවත දූලි පැහැ හිස දරා ගිනියම
බැඳුණූ ආශා සොයන මිනිසුන් අතර ඇවිදින එකෙකි සරලම
දැමුණු ක්‍රෝධය ඉරිසියා නැති සුවඳ හද උඩ, දුගඳ බැනියම
ලැබුණු කිසියම් රහත් අරහත් බවක් විඳිනව වගෙයි තනියම..?
තව්තිසාවෙන් උඹ සොයාගෙන අවිත් වැඩ නැති විටදි මුලසුන්
රස කතා නරයන්ගෙ අහුවද හිනා වෙන්නේ දීද නිදසුන්..?
නොදු‍ටු දෙවියන් විකුණනා විට උන් බලන්නට දුවයි මිනිසුන්
එහෙම බැලුවම උඹට පිස්සුය කියන උන් කිව්වාද සිහිසුන්..?
එකෙක් යද්දී ළඟින් දැනුනද කැකුළු මල් පොඩි කරපු සුවඳක්
තවත් විටෙකදි ඇහෙන්නට ඇති මරන හඬ දුන් අහිංසකයෙක්
නුදු‍ටුවා වගෙ උන්ව රකිනා කාකියත් බැලුවාම නිකමෙක්
වරෙක හිතුණා අපිට නොදැනෙන දෙයක් දැකලද හැලුවෙ කඳුළක්
දෙ අත පටලා පහුකරන් යන මිනිස් කයවල් යුගල් හමුවේ
බොළඳ ආදර මරණ වාගෙයි වරෙක නිකමට හැරිල බැලුවේ
අපිට නොදැනෙන නොපෙනෙනා වූ පෙමක් සැතපී ඇත්ද පපුවේ
මටත් කියපං ඈත් එක්කද හිමින් මුමුණා වදන් දෙඩුවේ..?

Followers

Powered by Blogger.