සූස්තිය
රෝල් කරපු ජීවිතේ හෙමි හෙමින් අදින්නට ...

කෝච්චිය එනකං...


ඈතින් රතු පාටට ඉර බැහැගෙන යද්දි මට දැනුනෙ මම දකින අන්තිම ඉර එලිය මූසල රස්නයක්..
පාලම උඩ රේල් පාරෙ වාඩි වෙලා කළුතර බෝධියට පි‍ටු
පාල අරක්කු බෝතලෙන් කාලක් කළු ගඟට හලන ගමන් මල්ලෙ තිබුන ග්‍රැමක්සෝන් බෝතලේ අතට ගත්ත. බෝධියේ කොල ඉඹගෙන ආපු හුළඟකට අරක්කු ටික මුහුද පැත්තට පා වෙලා ගියා. ගිය සතියෙත් මේ වගේම වෙලාවක රුවිනි එක්ක කළුතර චෛත්තිය වටේ රව්මක් ගිහින් ‍රැල්ල පාගන්න ආසයි කියපු නිසා මුහුද පැත්තට එක්ක ගෙන ගියා.. ඒ අපි බැඳල හරියටම අව් රුද්දක් ගෙවෙන දවස..
මාලක අපි දෙන්න මැරෙනකන්ම මේ වගේ ආදරෙන් ඉමු.. එයා එහෙම කියල මගේ අතේ එතිල උරහිසට ඔලුව බර කලා
කලු කූඹි දෙන්නෙක් සිල්බර කොටයක් දිගේ වේගෙන් වේගෙන් මගේ පැත්තට ආව. 
"බම්බුව තමයි" මම පිටි පස්සෙන් ආපු කූඹිය මහපටැඟිල්ලෙන් චප්ප කරල දැම්ම.
හරිම රස්නෙයි බබා.. ඔයා බෑග් එකේ ට්‍රිප් එක ගිහින් ඉතිරි වුන බීම බෝතලයක් දාගෙනා ආව නේද..? අපි පොඩ්ඩක් අතනින් වාඩි වෙලා උගුරක් දෙකක් බීල යමුද..?
අරක්කු බෝතලේ ඉතිරි ටික පිරෙන්න ග්‍රැමක්සෝන් පුරවල හොලවන ගමං මම පාලමේ ඇන්දකට බර වුනා..
හ්ම්ම් ඔයා බොන්නෙ නැද්ද.. ??
මට එපා මම වතුර ටිකක් බොන්නම්. ඔයා ඕක බීල බෑග් එකට දාන්න.
අර බලන්න මාලක ‍රැල්ල.. හරී ලස්සනයි යමුද හුලං වදින්නත් එක්ක පොඩ්ඩක් ‍රැල්ල පාගන්න.. එහෙම කියපු රුවිනි මාවත් ඇදගෙන මුහුද පැත්තට දිව්ව. එදා තමයි අපි ජීවිතේ විඳපු අන්තිම ලස්සනම දවස..
මාලක මට කරකැවිල්ලයි වොමිට් වෙන්න වගේ.. අපි යමු..
ම්ම්.. කරකැවිල්ලයි..? එහෙම කියල විහිලුවට වගේ රුවිනි දිහා බලල හිනා වුනාට එදා මට ඇත්තටම දැනුනෙත් මම තාත්ත කෙනෙක් වෙන්න යනවාදෝ කියල හැඟීමක්..
විහිලු නෙමේ පිස්සො ඇත්තටම මට මොකද්දෝ අමුත්තක් දැනෙනව.. මම රුවිනිව වත්තං කරගෙන කාර් එක පැත්තට ආවත් මගදි එයා එන්න අමාරුයි කියල බිම වාඩි වුනා..
කෝච්චිය එන්න තව ගොඩක් වෙලා තියනව. දැම්ම බොන්න පටන් ගත්තොත් මට කෝච්චිය එනකන් ජීවත් වෙන්න බැරි වෙනව.. ඒ නිසා ඉතිරි වස බෝතලේ ගඟට විසි කරපු මම කවලම් කරපු අරක්කු බෝතලේ තුරුල් කරගෙන පාලම් ඇන්දටම හේත්තු වෙලා ඈත බලාගෙන හිටිය..
ම්ම්මාලක.. අර ට්‍රිප් එක ගිය ශුදු උශ බෝයි ඌ හරි හොඳ එකා නෙහ්.. රුවිනි ගොත ගගහ එහෙම කියල කවදාවත් හිනා නොව්නු විදියට මහ හයියෙන් හිනා වුනා..
රුවිනි ළමයො ඔයාට මොකද වෙලා තියෙන්නෙ..??
ට්‍රිප් එක ගිහින් ඇවිල්ල මහන්ශියට ඔයාට කලින් නින්ද ගියා.. අන්තිමට ඌට නවතින්න මහ රෑ කාමරේ අස් කරන්න වුනෙත් මට.. මට කියන්න මාලක.. මම වැරදියිද ඒ වෙලාවෙ කාමරේට ගියපු එක..??
රුවී මොනාද පැටියො මේ කියවන්නෙ ම්ම්..? අපි යමු මම ඔලුව අතගාන ගමන් එයාව නැගිට්ටවන්න හැදුව..
මගේ ඇඟ තරහෙන් වෙව්ලන්න වගේ,, අම්මප මට තිබුනෙ ඒ කිව මරල මේ ගමන එන්න..
ඔබ දැං කීවත් කඳුලු ෂලා.. මට ආදරේ කියා - හිත ගිය තැනකට තුරුල් වෙලා ගෑනියෙ නොවෙනු මුලා..
‍තෝ දැං කිව්වත් කඳුලු.. අඩේ මල්ලි පුතේ මොකද මේ රත්තරං ඩිංගට තියන බෝතලේ තුරුල් කරගෙන ශෙට් වෙන්න කව් රුවත් නෑ..??
අම්මප නිදහසේ මිනිහෙකුට මැරෙන්නවත් නැති හැටි.. මේ අංකල් කෑවනං බිව්වනං පාඩුවෙ වැඩක් බලාගෙන යනවකො..
මටත් ගෙදර යන්න ඕන සත්තලනේ.. ඒ ත් මේ වෙලාවට තමයි නෙල්සන් මුදලාලි අපේ ගෙදට්ට රිංගන්නෙ.. මට උං එක්ක හැප්පෙන්න බෑ බං කොල්ලො..
බලාගෙන ගියාම ඌ ත් මගේ ගොඩේම එකෙක්. මමත් ට්‍රිප් එකක් ගිහින් එද්දි රෑ බස් නැති නිසා යාලුවෙක්ගෙ යාලුවෙක්ව දවසකට ගෙදර නවත්ත ගත්ත නිසානෙ මේ සේරම කරදර.. නෑ ගෙදරට මිනිස්සු ගෙන්න නොගෙන පරිස්සං කරන ගෑනුන්ගෙන් ඇති වැඩේ මොකද්ද..? මේක ගෑනු ජාතියේ වැරද්ද.. ඌ කොල්ලෙක් . ඌ හරි..
අංකල් අපිට ගෑනු හදන්න බෑ. කරන්න තියෙන්නෙ අපි වෙනස් වෙන එක..
අම්මප පුතේ අන්න කතාව. දැං පුතාටත් එහෙම අස්පට් එකක්ද ..? කොහොමද පුතේ අපි දැං හැදෙන්නෙ..?
මම ඒ කට විසඳුමක් හොයා ගත්ත අංකල්..
ශා.. ඔන්න පුතේ අද තමයි බීල ඉබාගාතෙ යන එකේ අරුතය හොයා ගත්තෙ,.. මොකද්ද පුතේ විශ දුම..?
අංකල් මේ බෝතලේ සැන්ඩි කරල තියෙන්නෙ ග්‍රැමක්සෝන් වලින්. මේක ශොට් එක ශොට් එක දාගන්න ගමන් කෝච්චියක් එනකන් මෙතන වාඩි වෙලා ඉමු. පස්සෙ අපි කෝච්චියට හැප්පිල කලු ගඟට විසි වෙයි. හෙට උදේ මාලු කාල ඇස් එලියට පැනල මේ ඇඟ පාවි පාවි තියෙයි.. එතකොට සේරම ඉවරයි.. සේරම ඉවරයි... මගේ ඇඟේ රෝම කූප පවා තරහෙන් ගිනියම් වෙන්න ගත්ත..
අංකල්ගෙ වෙරි හිඳිල ඇස් උඩ ගියා..
රුවිනි මොනවද මේ කියවන්නෙ ළමයො.. පිස්සු හැදිලද..?
මට ෂමාවෙන්න මාලක.. අපි ඒ කෝල්ලට ආපහු එන්න කියමුකො ඩිනර් එකකට.. අනේ ...
රුවිනි මොනව දොඩවනවද මන්ද..එයාව උස්සගෙන කාර් එක පැත්තට එද්දි ෆෝන් එක රිං වෙන්න ගත්ත..
හෙලෝ මචං මාලක කොහොමද..?
මචං සෙනා මම පොඩි හදිසියක ඉන්නෙ. උඹට මම කෝල් බැක් කරන්නම්..
හරි හරි මචං මම නිකං ගත්තෙ.. මේ තියන්න කලිං පොඩ්ඩක් අහපන්
කියහන් සෙනා ඉක්මන්ට මම පොඩි හදිසියක..
මචං එදා හෝර්ටන් ප්ලේන්ස් යද්දි ඇතුලට බඩු කලවම් කරල ගෙනියපු කෝක් එක මිස් වෙලා උඹලගෙ බෑග් එකකට දාල වගේ.. මට හරියටම මීටර් නෑ. පොඩ්ඩක් බලල තිබ්බොත් විසි කරපං..
මොකා.. කෝක් එක..? අරක්කු කවලං කරපු..?
මම රුවිනිගෙ කටට නහය කිට්‍ටු කරල බැලුව..
මාලක.. මම මොනා කියවනවද මංද ෂුදූ... මට කාර් එක ඩ්‍රයිව් කරන්න ඕන. යං.. 160 ට වඩා ශූට්ටක් වේගෙං .. ඕ...ඕක්.. රුවිනි වමනෙ කරපු පාරට මගේ ඇඟම තෙමිල ගියා. ඒ ත් ඊට වඩා ලොකු දේකිං මගේ ඇස් තෙමිල තිබුනෙ සෙනා ගෙ කෝල් එක කට් කරද්දිමයි...
ගොඩක් මිනිස්සු බිව්වම තමයි තමන්ගෙ ඇත්ත චරිතෙ එලියට දාන්නෙ. දැං බලන්න පුතේ ගෑනු හැමදාම හොඳ වෙලා පිරිමි වනචර තක්කඩි මෙලෝ රහක් නැති සෙට් එකක් ගානට වැටිල තියෙන්නෙ ඇයි..? පුතා දන්නවද..?
නෑ,,
ඇයි මල්ලි, ශොරි පුතේ.. ගෑනු බොන්නෙ නැති නිසා.. අපි බීල සේරම කියවනව. උන් නොබී ඒ ව අහන් ඉඳල බනිනව..
බලාගෙන ගියාම කැම්පස් එකේ අව් රුදු හතරක් ඉඳල ආශ්‍රය කරපු උන්ට වඩා මේ බේබද්ද මාරයිනෙ..
අංකල් කතා කර කර ඉන්න වෙලාවක් නෑ ට්‍රේන් එක එන්න වෙලාව කිට්‍ටුයි. අංකල් දැං ගෙදර යන්න. මම තීරනයක් අරගෙන ආවෙ. දැං මට සේරම නැති වෙලා ඉවරයි.. මට මැරෙන්න විතරයි ඉතුරු වෙලා තියෙන්නෙ. ප්ලීස් අංකල් වාතයක් නොවී දැං ආපු පැත්තටම යනවද..?
පුතා පුතා මම බිව්ව තමයි. හැබැයි වෙරි නෑ.
පුතේ අපි මේ සංස්කෘතිය ඇතුලෙ හිර වෙලා ඉන්නෙ.. බලන්න අපේ පංචේන්ද්‍රය ඒ කියන්නෙ ගැනි උයන මාලු කෑල්ල ඔ‍ෆිස් එකේ යාලුවට දීල ඌ රහයි කියනවට පුතා සතු‍ටුයි.. පාරෙ හම්බ වෙන යාලුවො පුතාගෙ බිරින්ඳැ නංගි දිහා බලල ලස්සනයි කියනවට පුතා කැමතියි.. පුතාගෙ දුව එක්ක කතා කරපු මනුස්සයෙක් එයා කතා කරන විදිය කට හඬ සුවීට් කියනවට පුතා කැමතියි.. මගුලක පාර්ටියකට දූ අතේ එල්ලගෙන යද්දි සැන්ට් පව්ඩර් ටිකක් උලල ගිහින් ඒ වගෙ ඉන්න මිනිස්සු පුසුඹට කුලප්පු වෙලා කෙල්ල දිහා බලද්දි පුතාට ආඩම්බරයි..
ඔව් ඔව් අංකල් දැං මොකද්ද කියන්නෙ..
හරි කොල්ලො දැං පංචේන්ඩ්‍රයන්ගෙන් ඇස කන නාසය දිව කියන 4ම කෙල්ල ලෝකයා සතු‍ටු කරද්දි ආඩම්බර වෙලා කැමති වෙලා තමංගෙ පව්ල වෙන මිනිහෙක් ස්පර්ශ කරනවට විතරක් අකමැති ගෝත්‍රික ලක්ශනේ අපේ මිනිස්සුන්ට ආවෙ කොහෙන්ද..?
අනේ අංකල් මේ මගෙන් කුනුහරප අහගන්නෙ නැතුව යනවද පව් නොදී.. අංකල්ට බලං ඉන්න පුලුවං වුනාට පිරිමියෙක්ට එහෙම කරන්න බෑ..
පුතාට තරහ යනවනෙ ඉතිං. මැරෙන්න හිත හයිය කර ගන්න පුලුවන් මිනිස්සු ජීවත් වෙන්න ඕන පුතා.. ඒකනෙ මම මේ කියන්නෙ
මැරෙනව කියන්නෙ හැම ප්‍රශ්නෙකටම ගැලපෙන්න හොයල දීපු උත්තරයක් නෙමේ.. ඒක තේරෙන්න එක පාරක් හරි මැරිලම බලන්න ඕන සනා..
මම එයාට කියන්න තියන හොඳම ඒවගෙන් අමතලා කනටත් එකක් ගහල ආවෙ.. ආපහු අපි අතරෙ සම්බන්ධයක් නෑ..මට ජීවත් වුනා කියල කරන්න දෙයක් නෑ.. ඒ කයි මම මැරෙන්නෙ.. ජීවිතේ එපා වෙලා නෙමෙයි..
හරි පුතා දැං ඔයාට මැරෙන්නමනෙ ඕන කියන්නෙ..මේ මෙතන කතා කර කර ඉඳල වැඩක් නෑ.. කෝච්චිය එන්න තව වෙලා තියනව.. යං අපේ ගෙදර.. මම ගාවත් ඉතුරු වුන කොට කෑල්ලක් ඇති යමු ජීවිතේ අන්තිම පාරට විනාඩි පහ හයකට සෙට් උන උඹ වගෙ එකෙක් එක්ක මට ආසයි එක වීදුරුවක් බොන්න.. දැං අරුත් ගිහින් ඇති..
මගේ හිත වෙනස් වේදෝයි මා තුලම බියක් ඉපදීමට පටන් ගෙන තිබුනි, ඉක්මනින් ඉක්මනින් සියල්ල නිම කළ යුතුය.. වස කවලම් කළ බෝතලයද පපුවට තද කරගත් මා ඉබේ මෙන් නැගිට්ටවුනි..
යමු අංකල්.. කෝච්චියේ නළාව ඇහෙනකන් සව්දිය පුරමු...
ඔහු අමුතු විදියට මා දෙස බලා සිනාසුනි.. 
යමු පුතා හැබැයි මට ඔය බෝතලෙන්නම් බොන්න බෑ.. ..
කිලෝමීටර බාගයක් පමන අපි ඇවිද ආවෙමු.රෑ බෝ වී නිවසට එන විට රුවිනි මී පැටවෙකු මෙන් ජනෙල් රෙද්දකින් ඔලුව දමා මාදැයි සැක හැර දැන දොර ඇර මා පිලිගනා අයුරු අඳුර අතරෛන් මැවී පෙනුනි.. ඒ සුන්දර දවස් වල අවසාන පරිච්චේදයට අප එළැඹ ඇත.. ඇත්තටම ඇය කළේ වරදක්ද..?
පට්ට බැල්ලි.. උඹල වගේ ගෑනු තමයි බස් වලට නැග්ගත් අහිංසක කොල්ලෙක් අල්ලන් පත්තිනි අම්මල වෙන්න හදන්නෙ..
මහත්තය ඔය යාන්තමට එලියක් තියෙන්නෙ මගේ ගේ පොඩ්ඩ.. මම පිටිපස්සෙන් කකුල් දෙක හෝදගෙන එන්නං.. මහත්තය ඉස්සරහින් දොරට තට්‍ටු කරන්නකො.. පව්ල දොර අරීවි..
මෙ මේ අංකල්.. කොහේ යනවද මංද මේ යකත්..
මම ලෑලි දොරට දෙවරක් තට්‍ටු කළෙමි..
කිරි කිරි හඬින් විවර වූ දොර පලුව අතරින් මැදි වියේ එහෙත් තවම තාරුණ්්‍යය හැර දමා යාමට නොහැකි බව පවසන මුහුනක් මතු විය..
කාව හම්බ වෙන්නද මහත්තය..?
ආ මම අංකල් එක්ක ආවෙ.. මට මේ පැත්තෙන් එන්න කියල ඔය පිටි පස්සෙන් ආවෙ.. කමක් නෑ අංකල් එයි .. මම එතකන් මෙහෙන් ඉන්නම්..
නෑ නෑ එන්න මහත්තය ගෙට..
දුප්පත් පැල තුල කුප්පි ලාම්පුවැ දැල්ල නිසා කලු වී ගිය මැටි බිත්ති අමුතු රටාවක් මවා තිබුනි..
එයා එන්න පරක්කු වෙයි මහත්තයෝ.. හීතලයි නේද මම තේ කහට එකක් රත් කරන් එන්නම්..
පෙරවාගෙන සිටි රෙද්ද පු‍ටු කබල මතට දමා ඇය අව්ල් වී ගිය කෙස් වැටිය සකස් කරන්නට වැයම් කළාය.. ලාම්පුවේ තිරයෙන් නිකුත් වන මලානික එලියට ඇය වඩාත් දිලිසුනාය.. 
කරදරයක්ද මන්ද.. මම ලැජ්ජාවෙන් අරක්කු බෝතලය පු‍ටුව යටින් තැබුවෙමි..
අංකල්කාරය කකුල් හෝදන්න කියල කොහේ ගියාද මන්ද.. මට පරක්කුත් වෙනව.. මම ඇගේ සීනු අඩුවෙන් දැමූ දුප්පත් කහට වීදුරුවේ වෙනත් රසයක් තොල ගාමින් සිටියෙමි..
එයාගෙ හැටි ඔහොම තමයි මහත්තයෝ ඔය මනුස්සය අද එන්නෙ නෑ..
මොනව..?
මගේ හිත තුල ගොඩ නැගුනු හැඟීම් මේ මේ වායැයි වෙන් කිරීමට කාලයක් ඉතිරි නොවී කාමරය එක් වරම අඳුරේ ගිලුනි..
හෙට උදේටවත් තෙල් බෝතලයක් ගේන්න ඕන මහත්තයෝ ලාම්පුවට දාන්න..
රාත්‍රී දුම්රිය කිහිපයක්ම මහ හඬ නගා ගෙන යනවා ඇසුනි..
ඒවායේ නලා හඬවල් මාගේ ආත්මය විනිවිද ගිය හූ හඬවල්දෝ වරෙක මට සිතුනි..
වරදකාරී හැඟීම් සමුදායක් මැද මා මැටි පොලවක නන්නාදුනන ගැහැනියක් අසල වැතිර සිටියෙමි..
උදෑසන දුරකතනය නාද වීමත් සමග හදිසියේ ඇහැරුන මා හට නිදි බර ඇස් අතරින් ඇයගේ අංකය බොඳ වී පෙනුනි..
හෙලෝ..
මාලක.. මම වැරදි හදාගන්නම් ප්ලීස් මට ඔයා නැතුව ඉන්න බෑ ගෙදර එන්න.. මම කකුල් අල්ලල සමාව ගන්නම් අනේ ගෙදර එන්න මාලක.. ආපහු කවදාවත්ම එහෙම දේවල් වෙන්නෙ නෑ.. ඇයගේ දුක් බර වචන අතරේ කඩා හැලෙන කඳුලු වල හඬ දුර කතනයෙන්ද ඇහෙන්නාක් බඳු විය..
ඒක වැරදීමක් නෙමේ හැඟීමකට අත්වැරදීමක්.. පරිස්සමින් ඉන්න මම ගෙදර එනව.. අවසානයේ මගේ වචන වෙනදා ආදරණීය ස්වරයෙන්ම මුමුනනු මට ඇසුනි
ඔය ඇත්තමද..? ඉක්මනට එන්න . ඔයාට කියන්න සුභ ආරන්චියක්කුත් තියනව වගේ දැනෙනව..
මා වරද කරුවෙකු කර නිවැරදි කළ ඔහු අපූරු පුද්ගලයෙක්.. ඊයේ සියලුම දේ අහිමි වී සිටි මා ලෝකයක් දිනූ තරම් සතුටක් විඳින්නෙක්.. සැබැවින්ම මිනිසුන් අතින් සමාව දිය හැකි දරුණු වැරදිදද සිදු වේ...
මම කඩි මුඩියේ ඇඳුම් පටලවා ගතිමි.. අලුයම හිරු එලිය වහලයේ සිදුරු අතරින් මුහුනට වටේ.. දුම්රියක් වේගයෙන් කොළඹ දෙසට ගමන් කරයි.. දැන් මට අංකල්ට හෝ ඔහුගේ බිරිඳට මුහුණ දිය නොහැක.. අඳුරේ සිදුවන වැරදි එලියදී පුපුරා අලු වී යන උල්කාපාත බඳුය.. 
මහත්තය තේ කහට එක බීලම ගියානම්..
මම බිම බලාගෙනම කහට කෝප්පය අතට ගත්තෙමි. ජනේලය් දාරයෙන් රේල් පාරේ මිනිසුන් ඇත්දැයි විමසිලිමත් වීමි..
මොකද මහත්තය බයෙන් වගේ.. හදිසියෙන්ම දුවන්න හදන්නෙ..?
කහට කෝප්පය උගුරට දෙකට හලා ගත් මම ලෑලි දොර විවර කරමින් අඩියට දෙකට එලියට ආවෙමි.. යාලු වූ මුල් දවස්වල මෙන් මට රුවිනි බැලීමේ අමුතු ආශාවක් ඉපදී ඇත..
මම ගිහින් එන්නම්.. අංකල් දැම්ම එයිද..? මම ඇගේ මුහුණ බැලීමට අපහසුවෙන් බිම බලාගෙනම විමසීමි.. එහෙත් ඇයද අ ස්වාමිපුරුශයා සේම මා මෙතෙක් දු‍ටු ලෙංගතු එකතරා විදියක චරිතයකි..
එයා එන්නේ නෑ මහත්තයෝ..
ඒ මොකද ඒ..? ඊයෙ ආවෙ මෙතෙන්ටම...
ඔතනට විතරයි එයා එන්නෙ.. ඔය තියෙන්නෙ එයාගෙ සොහොන..
මොකා.. ??
විදුලිය එක් වරම විසංඳි වී ගිය කර්මාන්ත ශාලාවක් මෙන් මගේ ශරීරයේ සියලු අංගෝපාංංග මොහොතකට ක්‍රියාවිරහිත වූවා වැනිය...
මගේ වැරදි නිසා දවසක් තරහ ගිහින් එයා ඒ වෙලාවෙ ආපු කෝච්චියකට පැන්න.. ඇයගේ මුහුනේ දුකක් කිසිම හැඟීමක් නොවීය.. මගේ මුව විවර වී ඇස් වලින් ඇයට සවන් දෙනවා මෙන් ලොකු වී ඇය දෙස බලා ගත්වනම සිටියේය..
අවෘද්දකට වතාවක් දෙවතාවක් මෙහෙම හදිසි තීරන ගන්න ආපු අය එයා ගෙදර එක්කගෙන එනව.. සමහර මිනිස්සු වරදක් කරාම ඒ ගැන වඩා හොඳ අව්බෝදයක් ලබා ගන්නව.. එයා ඒ නිසයි එයා එක පාරක් කරපු වරද මහත්තයට කරන්න නුදුන්නෙ. ඒ ක මහත්තයට වගේම නෝනටත් තේරිලා ඇති.පිරිමි කරන වැරදි සල්ලාල සෙල්ලක්කාරකම් වෙලා ගෑනු කරන වැරදි වනචරකම් විදියට දකින්න එපා. එක පාරක් සමාව දීල බලන්න මහත්තයා.
දැන් ගෙදර යන්න.. 
රුහුණු කුමාරියේ නලා හඬ වා තලය කපාගෙන ඇසුනි
මම දුම්රිය නැවතුම වෙත දිව ගියෙමි...

Followers

Powered by Blogger.