සූස්තිය
රෝල් කරපු ජීවිතේ හෙමි හෙමින් අදින්නට ...

සිඟමන් නොයදින යාචකයා හෙවත් මගේ තාත්තා

Labels:

ඉඩෝරයට ඉරි තැලුන එහෙත් පපුවම තෙමුණ
හේනෙ දඬු වැට කැඩුණ දිනත් දෙවියන් වඳින
හට්ටියේ බත් ඉදෙන නමුත් කුස කෑ ගහන
අදත් මම නුඹ වඳින විටදි කඳුලැලි සැලෙන....

හවස ගම කඩ පිලක දුම නැගෙයි බීඩියක
රෑට හේනේ කොනක හඬ ඇසේ පැල් කවක
නිදහසක් ලද විටෙක දිග හරී ඇති මතක
සරසවියෙ පොත් ගුලක නුඹ සිටී හැම පිටක

විටට රතු වුණු මුවට සෙනෙහෙ ගලනා හදට
නොමැත උපමා නුඹට වඩා කිරි වෙහෙරකට
දාසයෙකි පොදු වැඩට ඥාතියෙකි මරණයට
නොවේ නුඹ පියතුමට සුදුසු බොසත් කමට
2 comments:

ube ideas ela machan...


Blog Archive

Followers

Powered by Blogger.