ඝන මීදුමේ හිම මිදෙනා සැප පුටුවේ
උන් රජ කරන්නට දා බිඳු හිරු දුටුවේ
ඒ දෙස නොවේ එන යන මිනිසුන් බැලුවේ
කස්සප රජුන් තනිවම සීගිරි හැදුවේ
වත බබලානා නෙක විසිතුරු ආබරණ
ගත සැප සදන්නට සැරසුන ලිය වරුන
සුඹුලෙන් ලිහා අපි මෙන් විසි කර දමන
වී පොතු පාව යයි බොල් සුලඟට වැදුන
බල කොටු පවුරු සිතුවම් කර රජුන් තනා
දුහුවිලි අතක කරගැට උන් පා හැපුනා
අඳුරට රජව පුන් සඳ අහසට නැගුනා
දුටුවේ කව්ද අපි සීගිරියට නගිනා
Comments by IntenseDebate
Posting anonymously.
දුටුවේ කව්ද අපි....?
2012-10-24T09:59:00-07:00
මචං
සඳැස්|