කඩා හැලෙනා උණු කඳුළු කැට එපා රූරා ගෙන හලන්නට
මලානික මල් පිපෙන පරවෙන අරුම හඬ ගලා කියන්නට
සදා කාලික නොවන ලෝකෙක ගිමන් මදකට නිවා ගන්නට
මමත් ආවා නුඹත් එක්කල ඇවිත් ආපසු හැරී යන්නට
විටෙක සිනහව විටෙක කඳුලැලි වෙනව කාටත් රස විඳින්නට
දිවිය කවියක් වගේ ලස්සන එහෙත් වෙයි එලි වැට බිඳින්නට
මුහුද හෝ හඬ නොමැති දිනයක අවර ගිර හිරු එයි නැගෙන්නට
සබඳ ලොව අනියතයි ඔරුවක වගේ හිල් වී යන ගිලෙන්නට
සුදෝ සුදු මල් එපා අරගෙන සුදු වතින් සැරසිලා එන්නට
මගේ හද කුටියම නිවී ඇත ඉහඟ දැල්වෙන පහන් සිසිලට
රටා මැවෙනා අවන් පත් සල සලා බන පද වල ගොතන්නට
එපා හිමියනි මෙහි වඩින්නට නොමැත පිරුවටයක් එලන්නට
සහෝදරයෙක් සහෝදරියක් නොමැති සෑයට ගිනි තියන්නට
බීපු සිගරට් කොටේ දාපන් මගේ ළඟ අළු ටික වැටෙන්නට
එකෙක් දුක් විඳිනා රටක් තුල එකෙකු සැප විඳිනවා මෙරකට
කාලකන්නින් වගේ ඒ දෙස නොබල මම යනවා මැරෙන්නට