සූස්තිය
රෝල් කරපු ජීවිතේ හෙමි හෙමින් අදින්නට ...

පන්සල් යන්න බෑ අම්මෙ....

Labels:

සල් ගස් සුලං අවිදින් බඳ කරකැවෙන
පුල් ඇස් බලං හිටියේ පුන්සඳ උවන
තෙල් හිස් පහං ලඟ ඈ දෑ තින් හැලෙන
මල් වැස්සකින් බිඳුනා අම්මේ දැහැන..

නුවනට වඩා හුරතල් දෑඟිලි සැලෙන
අඟලට වඩා දිග අති සායද වැනෙන
මකරට පවා කෙල හැලිලා යට තොරන
කැටයට ඇරුනු කට පාටක් නැත වැහෙන

වැලි මලු දිගේ ඈ පා සටහන් ඇන්ද
‍රැලි පෙරලුවා මගෙ හිත බොරුවට වැන්ද
ගුලි වී හොරෙන් එබෙනා හංසයො වින්ද
විලි සංගයක් ඇති මට නැති හැටි නින්ද..

Blog Archive

Followers

Powered by Blogger.