සූස්තිය
රෝල් කරපු ජීවිතේ හෙමි හෙමින් අදින්නට ...

මේ අවසන් කවියයි..

Labels:
දැවෙන හදවත බි‍ඳෙන රළ දැක යදම් ගඩි තව හිර කළා
මැරෙන ඉපදෙන සයුරු පෙන කැටි සුදුවතින් ඇත සැරසිලා
නොයෙන ගමනට පැමිනි මා ලඟ සිහිල් සුලඟක් පා වෙලා
‍රැගෙන අවසන් සුසුම ගෙන යනු ඇගේ කුටියට දවටලා....

ආලයේ රුදු වේදනා වැල් නොමැත මා හදවත පෙලා
ගීතිකාවකි දෙව්ලොවින් බට ඈ සුලං ‍රැල්ලක් වෙලා
කාලයේ සුදු තලා වැලි මත මගේ මතකය අතුරලා
කියා දෙනු මා ගියපු හේතුව ඇගේ කඳුලැලි සඟවලා..

බොලඳ බාලොලි මල් කඩා රන් ඇගේ කෙහෙ‍රැලි දවටලා
විලඳ පෙව් ගිරවියක සේ ලඟ හොවා ආලය පුද කලා
මහද සිදුරක් සදා ජීවන ගමන සිදුරෙන් රිංගලා
සබඳ මේ අවසන් විනාඩිය මල හිරුට මා ලං වෙලා..

උලම නුඹ හඬ නැතත් කලුවර අඳුර තව තව යයි ගලා
දෙගුරු සොහොයුරු සුවඳ අවසන් කඳුලු බිඳුවෙන් තෙත් කලා
බවය අවසන් කරන අන්තිම සුලං රොද එනු පාවෙලා
යලිත් සසරක මෙවැනි හමුවක කවිය මුමුනමු ලං වෙලා...

Blog Archive

Followers

Powered by Blogger.