උකුල් තලයට තෙපුල් මුමුනන දුහුල් සලුවට ඉඩ නොදී
සුපුල් කැකුලට නැව්ම් වත්සුනු සුවඳ තවරා රොන් බඳී
ලදල් නා තුරු මතින් සඳ කැන් තාලයට සොලවා වැදී
උපුල් දෙනයන වසා පොපියන පමල් පෙති බින්දද නිදී..
පහස ගෙන දෙන මහද අරණට රැය පුරා උනුහුම දිදී
පවස නොදැනෙන සෙනෙහෙ කතරක ගිලුන කිඳුරෙක්වන් නදී
රහස් මුමුනන නිහඬ පිනි කැට රූරලා යයි පෙළ සැදී
අහස කලුවර සඳත් හැංඟී බැලුවදෝ උනුහුම නොදී ..?
රුවන් පුන් සඳ යුගල් පෑයුව අහස ලඟ පපුවම වැදී
සඳෙන් වෙන් කළ සුමුදු සයනත රනින් තව තව කෙඳි සැදී
ලොලින් මා තව ලන් උණා නොව රසින් රාගික බැමි බඳී
ඉතින් කුමරිය කියන් නෙතු හැර මගෙන් තව මොනවද මදී.....?
Comments by IntenseDebate
Posting anonymously.
කවියෙකුගේ සයනත
2012-10-24T10:03:00-07:00
මචං
සඳැස්|