සූස්තිය
රෝල් කරපු ජීවිතේ හෙමි හෙමින් අදින්නට ...

බස් සහ කොස්


ගැස්සෙන හදින්
හැප්පෙන මා වතට බර..
රාගික වදන් මුමුනයි
ඌ කනට කර..
හැරිලාවත් නොබලන
මිනිහා ගෙදර..
රටේ උන්ට ඒත්
තාම මම පාර...

වැස්සට තෙමුන බල්ලෙක් සේ
නගුට බර
ගොදුරක් සොයයි උන්
කවදත් ඉව නොකර
කෙල්ලෙකු උදේ හවසට
ඔසවනා බර..?
කීමට මාත් හැරුනා
පොඩි කුඩේ ඇර..

සිරී ඔයා......?

Blog Archive

Followers

Powered by Blogger.