නිලුපුල් නයන නැත දැලි දූවිලි රැඳුනූ
දෙකොපුල් රෝස පෑ නැත කතරකි සිඳුනූ
කෙහෙරැල් අකීකරු සුලඟට කිති කැව්නූ
නිකලැල් පෙමකි පිදුවේ එනමුත් පිරුනූ...
සයුරකි විටෙක ඈ වෙරලක විත් හැපුනු
රුවලිකි වරෙක මා සිත් නව්කා බැඳුනු
මැදුරකි ආදරේ සැඩ සුලඟක හැපුනු
තොටියෙකි මගේ සිත ඈ වෙතටම ඇදුනු
යල මහ දෙකම එකසේ නිල් පෑ වැව්නු
නිල් කෙත වගෙයි ඈ සිත මහ වැහි වැටුනු
වලවේ කැලනි කලු ඇදුනත් දෙස දකුණු
මහවැලි නදිය මම වෙමි ඈ වෙත ඇදුනූ.......