
ඉසුරු මුනියට සඳක් පායා මලානික හිරු කිරන අතරේ
ඉතුරු කර ගෙන ඉන්න මතකය අරං අවා සිහින මෑදුරේ
අඳුරු මුල්ලක විලක් අයිනේ පිපුන නෙලුමක් ළඟින්වතුරේ
කදුරු ලීයක් වගේ කැටයම් කලා කලු ගල් කුලක් අඳුරේ..
සඳත් ලැජ්ජා හිතෙන මුහුනට වඩා වැඩියෙන් පිරුනු සෙනෙහස
දලුත් නා රුක් පරයනා හැඩ වලට වැඩියෙන් සොඳුරු මදහස
හිරුත් නොදකින නුඹේ උනුහුම පැතිරෙනා ලෙස වසා නිල් කුස
අදත් විඳිනට හැකි උනා මට නැති උනත් උර තලේ නුඹ හිස
ඉරක් නැති මුත් එලිය දෙන්නට අඳුරු තනිකම් මගේ ලෝකෙට
විලක් නොව්නට කුමක් වේවිද මලක් නොදකින පියුම් සුවඳට
හෙටක් ගැන මා දකින හීනය තුරුල් වී ලෝකෙට කියන්නට
දහක් වසරක් එකට හිටපන් පාලු නෑ රෑ ඉසුරුමුනියට