මී පැනි පෙවූ රස බඳුනකි කෝල තොල
මං ලඟ කිමද මේ හැටි දඟ තිසර පෙල
සඳ එලි පහස මැද දඟලන නෙලුම් මල
දිය රැලි ඉපිද මැරුවා නොදැනෙන්න විල...
දෑඟිලි පහස වින්ඳා කෙහෙ රැලි බිඳින
දෙකොපුල් මිහිර වින්දා තොල් පෙති සිඹින
පුර හඳ නැගී එය බැස යන තුරු පිපුන
මල් කෙමි අසල බඹරෙකි රහසක් කියන
යහනත වළා ඈ අතිරූ සේද පට
අහකට කළා පුන් සඳ තව පෙනෙනට
උනුහුම දරා දා බිඳු බිම වටෙන විට
සීතල දැනුනි එය දැවටුන තරුවකට..
Comments by IntenseDebate
Posting anonymously.
සඳ මිතුරි
2012-10-29T02:17:00-07:00
මචං
සඳැස්|