සූස්තිය
රෝල් කරපු ජීවිතේ හෙමි හෙමින් අදින්නට ...

ඉවස ගන්නට බැරිම දුක


මට තුරුල් වී
දෙඩූ ආදර බස්
නුඹෙ ලඟ යයි දෝරෙ ගලා..
පුරා හඳ එන
විටදි පායා
ඇය එදා මට
උනුහුම උනා..
වරද මගෙද
නුඹේ දැයි නැත
තවම මට ගන්නට සිතා
එහෙත් ඇත මා
බිරිඳ නුබ ලඟ
දෝරෙ යන සෙනෙහස දරා
සිඹියි කම්මුල
මගේ වගෙම
තුරුල් කරගෙන
රෑ පුරා
යහන මැද ම්බිත්තියක් සේ නුඹ
ඈ මගෙන් තව වෙන් කලා
විලේ දඟ කල
හන්ස ජොඩුව
ලඟින් ඉන්නට
නැත වෙලා
වෙලා බඩ ගිනි හැම වෙලේ
නුඹ ඇය ලඟින් නිදියන නිසා....
ඒ ත් කම් නැත
ඉවස ගන්නට බැරිම දුක නම්
ලන් වෙලා
බලන හැම දෙන කියන්නේ පුතු
තත්තා වගෙ කියා........

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

Blog Archive

Followers

Powered by Blogger.