සූස්තිය
රෝල් කරපු ජීවිතේ හෙමි හෙමින් අදින්නට ...

පුනර්භවයක අතරමං වී...

Labels:

මත් වන සොඳුරු රූ අසිරිය දු‍ටු දු‍ටු මන්
ගත් ඇස් හිරුට උව අමතක යන එන මන්
හිත් පපු කොනේ තාමත් කකියන පැතුමන්
පත්තිනි දෙයියො වත් දු‍ටුවාදෝ ගජමන්..?

පෙම්බර වදන් පුස්කොල කවි කළ දෑත
සුන්දර මතක සිත පාරයි දුර ඈත
වෙන්කර මගෙන් ඈ නෙත නැත ලඟ පාත
කින්නර කුමාරිය කෝ මම ඇලපාත...?

නුග රුක නොමැත ගොස් බැලුවා දෙනි පිටියේ
අටවක සඳට මක් වී දෝ හිටි හැටියේ
කඳුලක සෙනෙහෙ මා නෙතු අග තබා ගියේ
කවියක මිහිර ගෙන එන්නද එන භවයේ........?

Blog Archive

Followers

Powered by Blogger.