ෆිට් ඔන් රූම් එක
Labels:
නිසඳැස්
මම ODEL එකේ
ෆිට් ඔන් රූම් එක වගේ…
ඔයා එක එක දවසට
එක එක විදියට
මම ගාවට ආව...
මමත් හැමදාම ඔයාට
හොඳ නරක
පෙන්නල දුන්න..
ඒත් ඔයා ඒ හැම නරක දෙයක්ම මගේ ඇඟේ ගහල
හොඳ දේවල් අරන් වෙන වෙන අය ගාවට ගියා..
ඔයාගෙ ඒ හැම දේම දැකලත්
මම නොදක්ක වගේ ඉන්නව..
ඒ මගේ ගාවට අපු හැම
කෙල්ලටම වඩා
වෙනස් දෙයක්
අලුත් දෙයක්
ඔයාගෙන් හැමදාම
මම දැක්ක නිසා.............
Comments by IntenseDebate
Posting anonymously.
ෆිට් ඔන් රූම් එක
2012-10-29T02:42:00-07:00
මචං
නිසඳැස්|