සූස්තිය
රෝල් කරපු ජීවිතේ හෙමි හෙමින් අදින්නට ...

පලාතෙම මැරය.....


හන්දියෙ සුදු මල්ලි
කිව්වට
ඌ හෙන දඩාර
හයේ හතරෙ
පස් හය දෙනෙක්
පාරවල් තුනකින්
බිම දාන
පට්ට ඩයල් එක
ඌ හෙන නසරානිය
එහෙමයි ගමේ චරිත සහතිකේ
අම්ම දවසක් කිව්ව
ඌ නාහෙට අහන්නෙ නැති
එකෙක්ලු..
ඒ උනාට මට
සුදා පට්ට බයයි
මගේ කොලර් එකෙන් අල්ලපු
අර්ජුනට ලේ හැලෙනකන්
ඌ ගැහුවෙ
මම කියන්නෙත් නැතුව
පන්ති ඇරිල රෑ උනාම
බොඩි ගාර්ඩ් වගේ
දෙකට නැවීගෙන
ගේ ලඟටම එනව..
දැන් ඉතිං
මම හත වසරෙ
අයියලාටවත්
බය නෑ
මම කොතනද
සුදා එතන...
මම දැන් පාරෙ යන්නෙ
සන්ජේ සිංහානියා වගේ
ඉස්කෝලෙ
බිග් ශෝ වගේ
මෙච්චර ඉක්මනට
මම මැරයෙක් උනා
අද වෑන් එකෙන්
බැහැල යන ගමන්
සුදාට කතා කරල
කන පැලෙන්න
එකක් ගහන්න ඕන..
එතකොට තමයි
මම පලාතෙම
ප්‍රසිද්ද මැරය වෙන්නෙ..

කෝ සුදා අයියා...?

අන්න අර මාර ගහ පිටිපස්සෙ..
ග්‍රව්න්ඩ් එක ගාව..

අද දෙන්නම් ඕකට..

ම්ම්ම්...

අර අපේ අක්ක නේද..?
සුදා අයියා අක්ක ගාව
දන ගහගෙන..

හිහ්..
බලාගෙන ගියාම
අපේ අක්කනෙ
පාලාතෙම මැරයා...

Blog Archive

Followers

Powered by Blogger.