සූස්තිය
රෝල් කරපු ජීවිතේ හෙමි හෙමින් අදින්නට ...

සියුමැලි ගල් කනු..........

Labels:


උන් ඇවිත් ගේ ලඟට අම්මේ අත වනයි වැට ලඟ අපේ
රන් රුවන් මුතු මැනික් කුමටද නොමැති දා ගින්දර ලිපේ
පන්හි‍ඳෙන් බෑ කොස් කොටන්නට කඩුව දීපන් එය කැපේ
මන් වදන්නට වින්ද නුඹ දුක මකන්නට රතු මල් පිපේ....

හිඟන්නට හිඟමන් සොයන්නට කොහෙද සතයක් ඇති එකෙක්
යදින්නට එක දෙවියකුත් නැත නමට තිස් තුන් කෝටියක්
සොයන්නට සම මිනිස් පව් රක් පක්ශනම් ඇත කප්පරක්
අරින්නට කට එකෙක්වත් නැත මැරෙන්නට බය උන් ගොඩක්...

පුර හඳක් වී කුමට දිලිලා වෙනස් වී මැද තරු ගොඩක්
කූඩුවක්ක් මැද කුරුල්ලන් හට කුමට දී අත් ත‍ටු දෙකක්
චේ එකක් මට කියා පලයන් සිහිනයෙන් හෝ විත් වරක්
තෙතක් නැති ලෙස මවගෙ ඇස්වල මැරෙන හැටි එඩිතර පුතෙක්.........

Blog Archive

Followers

Powered by Blogger.