සූස්තිය
රෝල් කරපු ජීවිතේ හෙමි හෙමින් අදින්නට ...

මළ මංගල්ලෙ


අඹ ගහ යට
බන්කුව උඩ
ලොකු දොනියි
හෙට බෑනයි
මගුල ගැනයි
බර කතාව
මමත් වත්ත නෙලයි ලඟම…
උන් දෙන්නට නොපෙනෙන ලෙස..

සුදු අශ්වයො දෙන්නෙක් එයි
හෙට අපි කැන්දන් යනට
දිව්ය ලෝකෙ මල් කුමරියො
මල් අරගෙන ඒවි රෑට…
සුදු සේලය අන්දා සඳ
වලාකුලින් හැන්දෑවට..
එලිය කරයි මුහුන මගේ
වටේට පායපු තරු ‍රැස..
රන් කෙන්දක් අරන් ඉරත්
ඒ වි අපේ අත බඳින්න
අරගෙන සඳ දිය අහසින්
ඒවි අපේ
අත තෙමන්න...
අන්තිමේදි මදු සඳ විත්
රෝස මලින් යහන හදයි
බට්ටිච්චන් ආසිරි ගී
ගයනා විට අප පිටවෙයි....

ගම් තුලනෙ කොහේවත්ම
කාල නෑනෙ මෙහෙම එකක්
අමතක වී මට හිටිතන්
සතුට ගියා දෝරෙ ගලන්...

ලස්සන ෆ්ලොර එකටයි
ගලදාරියෙ ලොකු තැනටයි
ආසිරි ගී කෙල්ලන්ටයි
එපා කිව්ව අපිට උදව්...
අන්ඳන කෙල්ලටත් කියල
එපා කියල සාරි කේක්
ලිමොසින් වාහනේ පුතේ
එපා එනව අශ්ව ඩබල.......

Blog Archive

Followers

Powered by Blogger.