පංසලට වැහැලා...
Labels:
සඳැස්
නෙලුමට ලෝල බඹරිඳු රොන් කෙමි අස්සේ
ඔරුවට් නෙලූ විටවත් නැත පසු බැස්සේ
වෙහෙරට තැබූ එක මල් නටුවක් තිස්සේ
සිව් රට හොරා සිරුරට කහටක් ඉස්සේ
තුන් වරු කීව පිරිතකි එය ඝන හිටුවා
තුන් පත් රෑන වැව් තාවුල්ලෙත් නැටුවා
තුන් යම හීන මල් පෙති ගෝමර දුටුවා
තුන් සිත සසල කර ලොකු අකුනක් කෙටුවා
පුන්සඳ අහස මැද වට තරු මල් පිරිලා
පුන් මල් සුගන්දය ලඟ ගුම් නද වැදිලා
උන් ගත තෙමෙයි ආවාසයෙ උලු බිඳිලා
දන්නෙම නැතුව වැලි මලුවට වැහි වැහැලා...
Comments by IntenseDebate
Posting anonymously.
පංසලට වැහැලා...
2012-10-29T02:17:00-07:00
මචං
සඳැස්|