එයාට ඊයෙ
කඩල අරං දුන්නෙ
මම ලඟ තිබුනු අන්තිම
රුපියල් විස්සෙන් කියල
උඹ දන්නව..
තාත්තට බෙහෙත්වලට
රුපියල් දෙදාහක්
ඕන කියල ලොකු
දොස්තර කියද්දි
මම ගාව සතයක්
තිබුනෙ නෑ කියලත්
උඹ දන්නව..
ඒත් පැයක් ඇතුලත්
බෙහෙත් අරං
ට්‍රී විල් එකේ ඇවිත්
සිගරට් දෙකක්
ගන්නත් සල්ලි
මම හෙව්ව බව
උඹ දන්නව..
එයා ෆිල්ම් එකක්
බලන්න කතා කරද්දි
මම ගාව රුපියල්
පනහක් තිබුනෙ
නෑ කියලත් උඹ දන්නව
ඒත් ෆිල්ම් බලන තඩි
පෝලිමේ
කව්න්ටර් එකට
කිට්‍ටු වෙද්දි
බොක්ස් දෙකක්
කියද්දි
උඹට පුදුම
හිතුන කියලත්
මම දන්නව..
ඒ ත් ..
මම ඒ හැම
සතේකින්ම
මම උඹව
පුම්බද්දි
උඹ වගේම
තව එකෙක්
කසල ගොඩකට
විසි කරපු බව විතරක්
උඹ
දන්නෙ නෑ
-ගැට කපන්නා-
Comments by IntenseDebate
Posting anonymously.
පසුම්බියට..
2012-10-24T10:33:00-07:00
මචං
නිසඳැස්|