හදා ගෙන එන පැලට ඉහලින් නැගෙයි මල හිරු පායලා
බෙදා ගන්නට කොහෙද ආලය බතුත් කනවිට හූරලා
වදා කිරි සප්පයන් කුමටද උනුත් මෙ දුක් ගොඩ හලා
නිදා ගමු අපි දෙපස හැරිලා ලණු ඇඳට පැදුරක් එලා
කියූ මුත් රජ බොජුන් දෙන්නට රජ යහන් සලු පිලි පුදන්නට
තියූ උගසට ඉඩම් සේරම ගියා ඉනි සේ කපපු ගඟකට
සෙයූ ලෝකය බැරි උනත් මට නුඹේ පාමුල ගොඩ නගන්නට
ලියූ දුප්පත් කවිය නුඹ විය දුකින් සේදෙන ගල් කුලක් යට
මටද දුක නුඹටම වගේ මයි අපේ කුස බොල් හඬ අසා
සඳද තනියම හිනැහුනා දෙන් වැස්ස හිල් වහලට ගසා
හෙටද අද මෙන් නොහැකින්ම් ගනු අපේ දුප්පත් හිල් වසා
නොරැඳ මේ දුක් කරුම ලොකෙන් එතෙර වී ගමු වත කසා