සූස්තිය
රෝල් කරපු ජීවිතේ හෙමි හෙමින් අදින්නට ...

සිත තවම තරුණයි.............

Labels:


ලස්සනයි උඹ හීන් මෑනිකේ නැති උනත් පුර හඳ වගේ
නාඹරයි එය මෙල්ල නෑ තව සොයයි උනුහුම සිත මගේ
කලුවරයි දහවලෙත් තනිකම ගෙනෙනවා මතකය දිගේ
සාගරෙයි වෙරළයි වගේ මම ආදරෙයි ‍රැල්ලට නගේ....

ලන්දෙ ඕවිට පුරා කෙත් වතු පැන්න දුව පැන කාලයේ
බැන්දෙ ආලය අරං යන්නද දුරක් තාලය ගීතයේ
කන්දෙ දෙවියන් ලඟත් හැලුවා දරා උන් දුක මා ලයේ
වින්දෙ විරහවෙ රහම විතරද සැබෑ මිනිසුන් ආලයේ.....

දහස් සුවහස් පහස් ලැබුවත් පලක් නෑ මට මතු බවේ
අහස් කුස හිස් පන්ස් වසරක් පුරා, පුර හඳ නැති ලොවේ
පලස් මිස දුක් සිහස්නක් වෙද ආදරෙන් හදවත් දැවේ
"සහස් පෙති ඇස් සතොස් කෙරුවේ බඹර මිස විල් දිය නොවේ"

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

Blog Archive

Followers

Powered by Blogger.