සූස්තිය
රෝල් කරපු ජීවිතේ හෙමි හෙමින් අදින්නට ...

ඈ යන්න ගියා..


කවදාවත්ම මාව දාල යන්නෙ නෑ කියපු ඔයා
අද මාව දාල කොහේදෝ ඈතකට ගිහින්…
වෙනද හුරතලේට වහන් ඉඳපු ඇස්
අද සදහටම වැහිල………………
අඬන්න මට බෑ රත්තරනේ
මුලු ලෝකෙම ගල් වෙලා
කඳුලු සේරම එක විනාඩියකින් ඉවර කලා..
අපි අත් අල්ලං ගියපු මල් වත්තෙ
හැම මලක්ම බිම බලාගෙන..
හෙටත් එන්නම් කියල ඊයෙ මගෙ දිහ යන්නෙ නැතුව ගොඩාක් වෙලා
ඔයා අහින්සක විදියට බලං ඉන්න කොට
ඒ ඇස් මට කිව්වෙ නෑ
ආපහු කවදාවත් ඔයා නේන බව..
අන්තිමට අස් දෙක වහන් මේ විදියටම හිටියෙ
හැමදාම වගේ තොල් පෙති ගාව
මම අදරේ තියනකන්..
ඒ අන්තිම උනුහුම
තාම තුරුල් වෙලා හදවතට..
මලානික ඉර ඈතින් බැහැල යද්දි..
වෙනද අපි හෙවනැලි ඇඳපු සුදුපාට වෙරල
ලස්සන කුටියක් හදාගෙන බලං ඉන්නව
මගේ ආ ඔයාව මගෙන් හන්ග ගන්න..
අපි මුලින් මුනගැහුන බස් හෝල්ට් එකට මම අදත් ගියා
ඔයා එතන එදා වගේම සුදුපාට සල්වාරි එක ඇන්දන් ඇති කියල..
අපි ඇවිදපු හැම පාරකම මම ගියා රත්තරනෙ..
ඔයාගෙ සුවඳයි..ඉහිරුනු මතකයයි
තනි උන කඳුලුයි අරං
මම තාමත් අවිදිනව..
ඔයා වෙනද වගේම අහින්සක විදියට
ගෙදර ලස්සනම යහනතක...
අපේ වෙඩින් එකට බැලුව සාරියටත්
වඩා ලස්සන සාරියක් ඇඳගෙන..
ආදරේ හැම අකුරක්ම කියල දීපු ඔයාගෙ
අන්තිම පාඅඩම මේක වෙන්න ඇති..
මම මැරෙන්නෙ නෑ පැටියො
ඔයා කිව්ව වගේ මේ ලෝකෙ ඉන්න හොදම පිරිමිය මම..
ඒ ත් කවදාවත්ම ගැහැනියකට ආදරෙ නොකරන..
ඔයගෙ තැන ගන්න කාටවත්ම බෑ..
අපි අන්තිමට මුන ගැහුනු
ගඟ ගාව
බන්කුව උඩට
මම හැමදාම හවසට
ඒ වෙලාවටම එන්නම්..
ඔයාට නිවන්සුවනම් ලැබෙන්න එප දෙයියනේ
මට අපහු කවදා හරි ඔයාවම ඕන..
හැමදාම වගේ කියන්නම් අදත්..
පරිස්සමින් යන්න පැටියෝ.

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

Blog Archive

Followers

Powered by Blogger.