නැන්දම්ම ලේලි
Labels:
නිසඳැස්
තැඹිලි පැහැ අහස යට
නිල් පාට කපුටු රැල..
කලු පාට තඹිලි ගෙඩි
උඩින් කොල පාට ඉර..
රතු පාට හඳ ගාව
කහ පාට වලාකුල..
පූසො පන දා දුවන..
මීයො උන් ලුහු බඳින
බල්ලො පියඹා යද්දි
ගිරව් බුර බුර ඇවිද
හරක් මව විලි බරව
බිත්තරයක් දමන
නයෙක් උගෙ කූඩුවේ
මාලු තුඹසට ඇදේ..
තල්මසෙක් අල්ලගෙන
හාල් මැස්සෙක් ගිලී..
.
මේ අතර
තව තැනක
හිසෙ උකුනන් සොයන
නැන්දම්ම ලේලි ලඟ
ආදරෙන් සිනාසේ....
ඔන්න දැන්නම් ෂුවර්..
හීනයකි යකෝ මේ..
Comment (1)

Sort by: Date Rating Last Activity
Loading comments...
Comments by IntenseDebate
Posting anonymously.
නැන්දම්ම ලේලි
2012-10-29T02:51:00-07:00
මචං
නිසඳැස්|
jaan · 599 weeks ago