
අහින්සක මිනිහෙක්
මරා දැමුවට
නාකි සිමියොන්..
බේරුනා නීතියෙන්
නැති නිසා එය
ඇසින් දුටු වෙක්..
ඉහේ මල් පිපිලා
පනින විට
අලුත්කඩයේ පාරකින්..
ඇල්ලුවා යලි
නැති නිසා එහි
ඉරක් ඇඳ කහ පාටකින්..
මක්කොරන්නඩ
මිනීමැරුමට
එක්දහස් පන්සිය
දෙමින්..
ඌ යලිත් යයි පාර පැනලා
කහ ඉරක් ඇති පැත්තකින්.......
යලිත් නොකරමි
ඒ වගේ දඩ
කන්න වෙන වැඩ
මුමුනමින්.........