සූස්තිය
රෝල් කරපු ජීවිතේ හෙමි හෙමින් අදින්නට ...

නිරුවත් කවිය.....

Labels:
කුනු කන්ඳ උඩට නැගි ලස්සනයි සඳ වතිය බලා ඉමු ඒ දිහා තුරුල්වී
කිඩාරම් මල් වලට හොරෙන් ඇදෙනා බඹරු සුව විඳියි ‍රැය පුරා නොසෙල් වී
ගලා යන කුනු ඇලක ඉව් ර ලඟ පෙම් කරන මාලුවන් සේ අපිත් තොදොල් වී
අමා සුව ජීවිතේ විඳිමු ඇස් වසාගෙන ලෑලි ගෙයි කැඩුනු ලණු අඳට වී...

සඳවතිය අහසෙ මිස වඩින කුටියක් කොහෙද තරු නොමැත අපට හුරතල් වෙනා
රෝස කම්මුල් කුමට අමාවක කරුවලට සිප ගන්න අපිට අපි නොපෙනෙනා
නිල් උපුල් දෙනෙත් යුග විල් තෙරේ මඩ වැකුන නිසාදෝ වසා ගෙන හැන්ගුනා
සිනිඳු සුසිනිඳු පහස නැතත් නුඹ සියුමැලියි කරගැටෙන් දෑත පිරි රිදවනා

රියසකක් නොව උකුල් දුප්පත්ය රන හසුන් දූවිල්ලෙ නොපෙනෙන්න හැන්ගිලා
නා දල්ල කුමන හැඩ විටක් දැක දිදුලනා නුඹේ තොල් මට තවත් ලං කළා
රෝස මල් සුවඳ නැත නුඹේ දා බිඳු තරම් සඳ වතත් කුනු කන්දෙ කිමිදිලා
සොඳුරු කිංකිනි නාද කුමට නිදි යහනතට හිඳිමු අපි තව තවත් ගොලු වෙලා

Blog Archive

Followers

Powered by Blogger.