සැලුනු රතදර නොදුටු මහවැලි නදී යයි ඈතට ඇදී
සොඳුරු පෙම් සුව අහිමි මතකය බිඳේ ගල් කුලු මත වැදී
වැටුනු සඳ දිය විසුල උනුහුම තරුවකින් වත් අද නොදී
මවනු කෙලෙසද උවන විල මත පිපුනු කුසුමක් වන් රිදී
සිසිල ගෙනදෙන සුනිල ජලතල මතින් මා සිත පා නොවී
වැටුනු වැස්ස්සට තෙමුනු පහනක නිව්නු තිරයක් සේ දැවී
හමන සුලඟට හොරා ලවනත තැබූ උනුහුම හද මැවී
නුවන තෙත් කර ගලන කඳුලක් දරා ඉමි හද තුල තැවී
Comments by IntenseDebate
Posting anonymously.
මහවැලි නදී
2012-10-24T10:28:00-07:00
මචං
සඳැස්|