සූස්තිය
රෝල් කරපු ජීවිතේ හෙමි හෙමින් අදින්නට ...

චටාස්............පටාස්.....


කසුන් වනේ සුදු සඳුන් නෙලා
නුඹ ගතේ උලා පිරියම් කරලා
මල් වලින් උරා රොන් රේනු සලා
ඉඟ වටේ ඔතා ඒ සුවඳ කවා
දුන්හින්දෙන් ගෙනා මීදුමක් එලා
රන් හිසේ ගොතා කෙස් වැටිය සදා
දේදුන්න වටා නිල් මැනික් ඔබා
සත් පාට වලින් ඇස් බැම්ම හදා..
රන් පාට පියුම් පෙති දෙකක් කඩා
නාදල්ල ලඟින් තොල් පාට කලා
සුදු හන්ස යුවල අත්ත‍ටු පුම්බා
ඉන්නවා වගේ මොට්‍ටුවක් තබා..
ඉඟ සුඟ ගන්නට හැකිදෝ මිටිනා
ලන් වෙලා බලුව මට ආස නිසා..
.
.
චටාස්............පටාස්..............
.
.
රිය සක වාගෙද පුලුලුකුල කියා
නොබලාම අනේ මම යන්න ගියා............

Blog Archive

Followers

Powered by Blogger.