නොදකින් මේකි ...
Labels:
සඳැස්
හසරැළි කොමළ පොඩි මැනිකෙගෙ ගඟ අයිනේ
පොල්ලෙලි තලන මගෙ ඇස් ඈ ලඟ රැඳුනේ
කෙහෙ රැලි සුලං එක්කම ආලෙන් වෙලුනේ
මහවැලි නදිය විතරද උනුහුම දන්නේ..............?
කරගැට අතට නොදැනුනු සියුමලි ලෝල
මලකට ආල බස් කෙඳිරූ මනමාල
හවසට හොරෙන් හමු උන දොර ලඟ පෑල
මතකෙට එන්නෙ නතුවද ඔය බොරු සීල..?
තිසරුන් පිහිනලයි විල් දිය කැලඹෙන්නේ
මලකින් රේනු තලලයි ගුම් නද දුන්නේ
උකුලින් තාල ලැබිලයි කල සෙලවෙන්නේ
නොදකින් මේකි දන්නේ නෑ වගෙ යන්නේ....!
Comments by IntenseDebate
Posting anonymously.
නොදකින් මේකි ...
2012-10-21T20:20:00-07:00
මචං
සඳැස්|