සූස්තිය
රෝල් කරපු ජීවිතේ හෙමි හෙමින් අදින්නට ...

සුසිනිදු පහස


මල් සේද යහනාව
ලජ්ජවේ නුඹ ගාව
නුඹේ සුසිනිදු පහස
වඩා සුසිනිදු ඊට
පුපුව උඩ නුඹේ හිස
වගේ සාවියක මට
කෙසේ තුරුලට ගම්ද..
හුරතලේ වැඩි කමට..
රන් සේද වලාවට
වඩා දිගු කෙහෙ‍රැල්ල
අතර මගෙ අඟිලි තුඩු
අතර මන් නොවේවිද...?
දහසකුත් හිරු සඳුද
පෑයු මුත් මා ලඟින්
නුඹෙ උනුහුම තරම්
උනුහුමක් දෙනේවිද..?

Blog Archive

Followers

Powered by Blogger.